Body

තේ වගාව පිළිබඳ උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් ඩයලොග් ‘ගොවි මිතුරු’ ජාතික තේ පර්යේෂණ ආයතනය සමඟ එක් වෙයි

අගොස්තු 23rd, 2022         කොළඹදී

 

Govi Mithuru Partners TRI to Extend Advisory Services on Tea Cultivation

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන මගින් සිදු කෙරෙන කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව (දෙමළ භාෂාවෙන් Uzhavar Thozhan), තේ වගාව සම්බන්ධයෙන් විශිෂ්ටතම උපදේශන සේවාවක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (Tea Research Institute -TRI) සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ.

තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තවලින් එකක් වන අතර, මිලියනයකට අධික පවුල් සංඛ්‍යාවක් මේ සමග සෘජුවම සම්බන්ධ වී සිටීයි. ඒ අතරින් කුඩා තේ වතු හිමි පවුල් නියෝජනය 400,000 කට අධිකය.කුඩා තේ වතු හිමියන්ට තිරසාර සහ පරිපූර්ණ උපදේශන සේවාවක් සැපයීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය තේ වගාව සහ තේ කොළ නිෂ්පාදනයට අදාළ නව තාක්ෂණය සහ ක්‍රමවේද සැපයීමේ විශේෂඥයන් වේ. 1925 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, තේ වගාව සහ තේ නිෂ්පාදනය විශේෂඥයින් වන අතර ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වාදී, ඒවා වගාකරුවන් සහ නිෂ්පාදකයන් අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරන එකම ජාතික ආයතනයයි.

භාෂා ත්‍රිත්වයෙන්ම සේවාව ලබාගත හැකි ගොවි මිතුරු සේවාව සරුසාර වගාවක් වෙනුවෙන් කාලෝචිත සහ සවිස්තරාත්මක උපදෙස් ලබාදී ගොවීන්ගේ ජීවිත නගාසිටුවීමට රුකුලක් වන අතර, එක් එක් ගොවීන්ගේ අවශ්‍යතා එනම්, ඔවුන්ගේ භෝග වර්ගය, ගොවිබිමේ ස්ථානය සහ වගාවේ අවධියට ගැලපෙන නිවැරදි තොරතුරු, නිසි වේලාවට සපයයි. දැනට ගොවි මිතුරු සේවාවෙන් තේ වගාව ඇතුළුව භෝග වර්ග 32 ක් සඳහා කෘෂි උපදෙස් ලබාගත හැක. ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයකින් 616 අමතා ගොවි මිතුරු ඇමතුම් සේවාව සමඟ සම්බන්ධවිය හැකි අතර Google Play Store හරහා ගොවි මිතුරු App එක ඩවුන්ලෝඩ් කරගත හැක. ඇමතුම් සේවාව සඳහා එක් භෝගයකට පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියලක (+බදු) ගාස්තුවක් අය කෙරෙන අතර, Mobile App එක ඔස්සේ සියලු භෝග හා තොරතුරු සඳහා ග්‍රාහකත්වය ලබාගැනීම වෙනුවෙන් ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියල් 2 ක් (+බදු) අය කෙරෙන අතර, කිසිඳු ඩේටා ගාස්තුවක් අය නොකෙරේ.

ගොවි මිතුරු සේවාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට https://www.dialog.lk/govi-mithuru වෙත පිවිසෙන්න.