Body

ඩයලොග් - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගාවලිය බලගන්වයි

2023 මැයි 08         කොළඹදී

 

Dialog powers Sri Lanka Junior Netballers

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගයක් අතරතුර

අප්‍රේල් 29 වැනිදා ආරම්භ වූ සංචාරක බංග්ලාදේශ කණ්ඩයම සමගින් වන එක්දින සහ පන්දුවාර 20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉදිරිපත්ව සිටියි.

බංග්ලාදේශ කණ්ඩයම සමගින් වන අදාළ තරග සංචාරය එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සහ පන්දුවාර 20 ජාත්‍යන්තර තරග තුනකින් සමන්විතය. මෙම එක්දින තරගාවලිය පී.සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර පන්දුවාර 20 තරගාවලිය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෙදී තිබේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දීර්ඝ තිස්සේ සහයෝගය ලබාදෙන ඩයලොග් ආසිආටා පීඑල්සී සමග සම්බන්ධවීමට ලැබීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආඩම්බර වනවා. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම වෙනුවෙන් ඔවුන් විසින් දිගින් දිගටම කරනු ලබන කැපවීම දැකගන්නට ලැබීම පිළිබඳව අපිට සතුටුයි. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් වන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා‍ ලෙස ඔවුන් සමග සාර්ථක සහයෝගීතාවයක් ඇතිකර ගැනීමට අපි අපේක්ෂා කරනවා.”ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා පැවසීය.

“මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට හැකිවීම පිළිබඳව අප සතුටට පත්වනවා.”ඩයලොග් ආසිආටා පීඑල්සී, සමූහ අලෙවි, සන්නාම සහ මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා පැවසුවේය. “ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් දශකයක පමණ කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව, මෙම අනුග්‍රාහකත්වය ඔස්සේ ක්‍රීඩාව බලගැන්වීමේ කාර්යයේ අප ස්ථිර සාරව රැඳී සිටිනවා. සෑම මට්ටමකින්ම කාන්තාවගේ සහභාගීත්වය ලබාගැනීමට අවස්ථා නිර්මාණය කරදීම කෙරෙහි ඩයලොග් හි අප තරයේ විශ්වාසය තබා සිටිනවා. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉහළ නැංවීම වෙනුවෙන් අප කරන මෙම කැපවීම්වලට මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීම කදික සාක්ෂියක්.”යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

රටෙහි ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධකයා ලෙස, ශ්‍රී ලංක‍ාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ද දශකයකට අධික කාලයක් උපරිම සහයෝගය ලබාදෙමින් එහි සෑම සෑම අංශයක්ම සංවර්ධනය කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම විසින් අනුපමේය මෙහෙයක් ඉටුකරන ලදී. මෙම අනුග්‍රාහකත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඩයලොග් හී දිගුකාලීන සබඳතාව සහ කාන්තාව සවිබලගැන්වීම වෙනුවෙන් ඩයලොග්හී තිරසාර කැපවීමට සාක්ෂි දරයි. කාන්තාවන්ට සෑම අංශයකින්ම ක්‍රීඩාවේ නියැලීමට මංපෙත් විවර කරදීමේ වැදගත්කම ඩයලොග් සමාගම අවධාරණය කරන අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරයි.

ඩයලොග් ආසිආටා ජාතික දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් ක්‍රිකට්, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.