பொருள் விரிவாக்கம்

Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා Dinemore එක්වෙයි

2026 ඔක්තෝබර් 02         කොළඹ

 

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් Platforms සහ සහයෝගිතා අංශයේ උප සභාපතිනි, මුදිතා ප්‍රේමරත්න මහත්මිය සහ Dinemore ආයතනයේ අධ්‍යක්ෂ ෂහීම් සදීකීන් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා මෙරට ජනතාවගේ ජීවිතවලට ඩිජිටල් ගෙවීමේ ක්‍රම තව තවත් සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, දිවයිනේ අවන්හල් 12 කින් සමන්විත Dinemore හා එක්ව, පාරිභෝගිකයින්ට ආරක්ෂිතව LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව ලබාදී ඇති බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව දැන් පාරිභෝගිකයන්ට, Dinemore අවන්හල් මඟින් මිලදීගන්නා ප්‍රණීත ආහාරපාන සඳහා ලබාගැනීමේදී Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකි අතර, මෙලෙස සිදුකරන සෑම සුදුසුකම්ලත් LankaQR ගනුදෙනුවක් සඳහාම, නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.

කාර්යබහුල දිනයක පාරිභෝගිකයින් ලබාගන්නා ක්ෂණික ආහාර වේලක පටන්, පවුලේ අය සහ හිතමිතුරන් සමඟ ආහාර භුක්ති විඳීමේ අත්දැකීම දක්වා ඕනෑම අවස්ථාවක, Dinemore අවන්හල් තුළ ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පාරිභෝගිකයින්ට දැන් Dialog Pay භාවිත කළ හැක. ඒ අනුව, පාරිභෝගිකයින්ගේ ගෙවීම් විසඳුම් අතරට තවත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් එක්කරන මෙම සහයෝගිතාවයෙන්, ඔවුන්ගේ දෛනික අවන්හල් අත්දැකීම තවත් පහසු කරයි. එය, ගුණාත්මක හා ප්‍රණීත ආහාර පාරිභෝගිකයන් වෙත සමීප කිරීමේ Dinemore හි දිගුකාලීන දැක්මට මනා රුකුලකි.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Dinemore ආයතනයේ අධ්‍යක්ෂ ෂහීම් සදීකීන් මහතා මෙලෙස සඳහන් කළේය. "Dinemore, වසර ගණනාවක පටන්, ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ආහාර ගැනීමේ අත්දැකීම් සමඟ බැඳුණු නමක්. එලෙස අවන්හල් ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව කාලයක් තිස්සේ ඉදිරියට ඒමෙන් අදහස් වන්නේ, අපගේ පාරිභෝගිකයින් සමඟ එක්ව, අපි අලුත් වෙමින් ගමන් කරන බවයි. Dialog Pay සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය, අපගේ එම අඛණ්ඩ ගමනේ තවත් එක් පියවරක්. එය අපගේ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට, වැඩි ඩිජිටල් පහසුවක් පිරිනමනවා වගේම, අමතර වටිනාකමකුත් එක් කෙරෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේ අවන්හල් අත්දැකීම ඉහළ නංවමින්, එය ඔවුන්ට වාසි පිරිනමන අත්දැකීමක් බවට පත් කිරීමට ඩයලොග් සමඟ කටයුතු කිරීමට හැකිවීම ගැන අපි සතුටු වනවා."

MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.