பொருள் விரிவாக்கம்

eZ Cash – HNB Finance සමඟ එක්ව මධ්‍යස්ථාන 25,000 කදී ණය සහ කල්බදු වාරික ගෙවීම සඳහා පහසුකම් සලසයි

ඔක්තෝබර් 5, 2019        

 

news-1

ඡායාරූපය (වමේ සිට දකුණට) - අලෙවි අංශයේ ප්‍රධානී උදාර ගුණසිංහ, BSD අංශයේ ප්‍රධානී මංජුල කුමාර මුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තොරතුරු තාක්ෂණ / CIO ප්‍රදීප ඩයස්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩබ්ලිව්. එස්.පී අරංගල, HNB ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී බී.එම්.ඩී.සී. ප්‍රභාත්. ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී ජ්‍යේෂ්ඨ කළමනාකාර - eZ Cash පද්මනාත් මුතුකුමාරණ, HNB ෆිනෑන්ස් හි නීති අංශයේ ප්‍රධාන කළමනාකාර චාමර තරංග, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අලෙවිකරණ කළමනාකාර - ඩිජිටල් සේවා සොහාන් කොළඹගේ.

HNB ෆිනෑන්ස් පාරිභෝගිකයන් හට තම ණය වාරික කිසිඳු අමතර ගෙවීමකින් තොරව, දිවයිනපුරා පිහිටි 25,000 කට අධික eZ Cash වෙළඳ මධ්‍යස්ථානවලින් පහසුවෙන් හා සුරක්ෂිතව සිදුකරගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත. eZ Cash හරහා සිදුකරන මෙම HNB ෆිනෑන්ස් ණය වාරික ගෙවීමේ ක්‍රමවේදය සඳහා පාරිභෝගිකයන්ට බැංකු ශාඛාවක් වෙත යාමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර, HNB ෆිනෑන්ස් ණය ලබාගත් ගිණුම් අංකය සහ තම ජංගම දුරකතන අංකය පමණක් ඉදිරිපත් කරමින්, eZ Cash වෙළඳ මධ්‍යස්ථානවලින් පහසුවෙන් වාරික ගෙවීම් සිදුකල හැක. ගනුදෙනුව සාර්ථකව සිදුවූ බවට දන්වන SMS පණිවිඩයක් එම අවස්ථාවේදී පාරිභෝගිකයාගේ ජංගම දුරකතන අංකයට යොමු කෙරෙනු ඇත. සිදුකල ගෙවීම පැය 24 ක් ඇතුළත පාරිභෝගිකයාගේ ගිණුමට හර කෙරෙන අතර, ඒ පිළිබඳවද දැනුම් දෙමින් නැවත SMS පණිවිඩයක් එවනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash, ණය වාරික පහසුවෙන් ගෙවීම සඳහා HNB ෆිනෑන්ස් සමඟ සිය හවුල්කාරීත්වය ප්‍රකාශයට පත්කර ඇත.

“ මහජනතාව අතර වඩාත් ප්‍රචලිත ඩිජිටල් ගෙවුම් මාධ්‍යයක් වන ඊසි කැෂ් ^ eZ Cash& සමඟ සහයෝගීතාවයකට එළැඹීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන අතර අපගේ සේවා ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත් නූතන ඩිජිටල් තාක්ෂණය වෙත ප්‍රවර්ථනය වීමේ ක්‍රියාන්විතයෙහි තවත් එක් වැදගත් කඩඉමක් ලෙස මෙම අවස්ථාව හඳුන්වාදිය හැකියs' මෙම නව්‍ය තාක්ෂණය තුළින් අපගේ මූල්‍ය සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින්ට වඩාත් පහසුවක් අත් වන අතර, ඉතාම නුදුරේදී අප විසින් ලබාදෙන මූල්‍ය ණය මෙම ඩිජිටල් ගෙවුම් මාධ්‍ය ඔස්සේ ගෙවීමේ පහසුකම ලබා දීමට අපි කටයුතු කරනවා. මෙම තාක්ෂණික මූල්‍ය සේවා කරණය තුළින් ව්‍යපාරික ක්ෂේත්‍රයන්ගේ වර්ධනයක් සහ සමස්තයක් ලෙස රටේ සියලූම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන මට්ටම වර්ධනය වන බව මගේ අදහසයි.ZZයනුවෙන් HNB ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා “ ශ්‍රී ලාංකීය ජනජීවිත සහ ව්‍යවසාය සවිබලගැන්වීම සඳහා වන අපගේ තේමාවට අනුව යමින්, HNB ෆිනෑන්ස් සමඟ එක්ව ඔවුන්ගේ පාරිභෝගිකයන් හට, වර්තමානයේ දිවයිනපුරා පිහිටි අපගේ 25,000 කට අධික eZ Cash මධ්‍යස්ථාන ඔස්සේ පහසුවෙන් සහ ආරක්ෂිතව ණය වාරික ගෙවීමේ පහසුකම් සැලසීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා.”