Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා NOLIMIT එක්වෙයි
2026 අගෝස්තු 17 (කොළඹ)
වමේ සිට: Dialog Finance PLC හි ව්‍යාපාරික නිලධාරී, සචිනි ද සිල්වා මෙනෙවිය සමඟ NOLIMIT හි අලෙවි කළමනාකාර, ශාම් මොහිදීන් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම NOLIMIT ප්රදර්ශනාගාර හරහා Dialog Pay ඔස්සේ ආරක්ෂිතව LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින්ට දැන් උදා කර දී ඇති බව සතුටින් නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ විලාසිතා සම්බන්ධ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන NOLIMIT, දිවයින පුරා විහිදුණු ප්රදර්ශනාගාර 30 කට අධික ජාලයක් සමඟින් මෙලෙස Dialog Pay වෙළෙඳ පද්ධතිය සමඟ අත්වැල් බැඳගැනීමත් සමඟ, පාරිභෝගිකයින්ගේ ඩිජිටල් ගනුදෙනු තවත් පහසු වී තිබේ. එපමණක් නොව, එම ප්රදර්ශනාගාරවලදී සිදුකෙරෙන සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම, නොමිලේ ඩයලොග් Data වාසි ලබාගැනීමේ අවස්ථාවද මෙම සහයෝගිතාවය හරහා පාරිභෝගිකයින්ට හිමි වේ.
ඒ අනුව, දැන් පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි NOLIMIT ප්රදර්ශනාගාර මඟින් විවිධ විලාසිතාවේ ඇඳුම් පැළඳුම්, පාවහන්, විලාසිතා උපාංග, රූපලාවන්‍ය නිෂ්පාදන, අනර්ඝ බෑග් ඇතුළුව පාරිභෝගිකයින්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී, Dialog Pay හරහා ගෙවීම් කළ හැකිය. මෙම සහයෝගිතාවය තුළින්, පාරිභෝගිකයින්ට වඩාත් ආරක්ෂිත සහ පහසු Dialog Pay ගෙවීම් ක්‍රමවේදය අත්විඳිමින්, තමන් කැමති ජීවන රටාවට ගැළපෙන, කැමතිම විලාසිතාවේ භාණ්ඩ නිදහසේ මිලදී ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් NOLIMIT ආයතනයේ අලෙවි කළමනාකාර, ශාම් මොහිදීන් මහතා මෙලෙස සඳහන් කළේය: "අද වන විට පාරිභෝගිකයින් අපේක්ෂා කරන්නේ ආරම්භයේ සිට අවසානය දක්වා ඉතා සරල, පහසු සහ බාධාවකින් තොර සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීමටයි. Dialog Pay සමඟ අපි ඇති කරගත් මෙම සහයෝගිතාව, අපගේ ප්රදර්ශනාගාර ජාලය පුරා විශ්වාසදායක ඩිජිටල් ගෙවීම් විකල්පයක් හඳුන්වා දෙමින්, එම පාරිභෝගික අත්දැකීම තවත් ඉහළ නැංවීමට ගත් තවත් සුවිශේෂී පියවරක්. ඒ අනුව, මේ හරහා ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහය වෙමින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වඩාත් ප්‍රියකරන සාප්පු සවාරි අත්දැකීම තවත් පහසු කිරීමට අප අත්වැල් බැඳගෙන කටයුතු කරනවා.”
MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.