பொருள் விரிவாக்கம்

ඩයලොග් හි ‘APPMAKER’ 2019 ඊ ස්වාභිමානී සම්මාන උළෙලේදී සමාජ සවිබලගැන්වීම වෙනුවෙන් ඉහළම ඇගයීම් ලබයි

නොවැම්බර්, 14 2019         කොළඹ

 

news-1

(වමේ සිට දකුණට) Ideamart හි Tech Evangelist දුෂාන්ත රන්වල, Ideamart හි R&D ඉංජිනේරු ශානක වික්‍රමාරච්චි සහ Simato VAS Solutions පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ස්ටීව් එෆ්‍රවුම්ස්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ඉදිරිපත් කරන, අන්තර්ජාල සහ වෙබ් ක්‍රමලේඛනකරුවන් සහ අන්තර්ගතයන් සපයන්නන් සඳහා කදිම Platform එකක් වන Ideamart හි, ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් විසඳුමක් වන ‘APPMAKER’ පසුගියදා පැවති ඊ ස්වාභිමානී සම්මාන උළෙලේදී, විද්වත් ජූරියක් විසින් අන්තහ්කරණය සහ සමාජ සවිබලගැන්වීම් අංශයේ ජයග්‍රාහකයා ලෙස තෝරාගෙන තිබේ.

Programming (ක්‍රමලේඛන) දැනුමක් නැති කෙනෙක් ඇතුළුව ඕනෑම කෙනෙකුට පහසු ක්ලික් භාවිතා කරමින්, දේශීයව ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිටුදකිමින්, විනාඩි 5 ක් ඇතුළත ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් නිර්මාණය කරගැනීම සඳහා Platform එකක් සකස් කරදීම වෙනුවෙන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ආයතනය විසින් සංවිධාන කරනු ලබන ඊ ස්වාභිමානී සම්මාන උළෙලේදී, ‘APPMAKER’ හඳුනාගැනිණ. සමාජ අන්තහ්කරණය සහ කාර්යයක්ෂමබව වැඩි කරමින්, නව සේවාවන් ලබාදෙමින් සහ පුරවැසියන් සවිබලගන්වමින් ධනාත්මක සමාජ බලපෑමක් ඇති කරන්නට සමත්වූ කැපී පෙනෙන, ඉදිරිය ගැන සිතන සහ සැබැවින්ම නව්‍ය දේශීය ඩිජිටල් විසඳුම් හා ඉහළ තාක්ෂණයෙන් යුත් යෙදුම්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ආයතනය විසින් සංවිධාන කරනු ලබන ඊ ස්වාභිමානී සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ.

මෙම APPMAKER Platform ව්‍යවසාය මත පදනම් වූ ජවසම්පන්න තරුණ පිරිසකගෙන් සමන්විත ideamart විසින් නිර්මාණය කරන ලද නවතම යෙදුම වන අතර, Simato VAS Solutions පුද්ගලික සමාගමේ සහයෝගීත්වයද මේ සඳහා හිමිව තිබේ. තවද මෙය telco infrastructure යටතේ නිර්මාණය වූ ප්‍රථම සහ එකම ඇන්ඩ්‍රොයිඩ් ඇප් Platform එකයි. Simato Solutions 2008 වසරේ සිට Mobile Value Added Services ව්‍යාපාරයේ නිරතව සිටින අතර මොබයිල් අන්තර්ගතයන් සහ සේවා සැපයීමෙහි පෙරමුණේ සිටින සමාගමකි. Programming සම්බන්ධයෙන් පෙර අත්දැකීමක් නැති, යෙදුමක් හෝ වෙබ් අඩවියක් නිර්මාණය කරන ඕනෑම කෙනෙකුගේ එකී කාර්යය සරල කිරීම සඳහා Appmaker සකස් කෙරිණි.

Pre-built templates භාවිතා කරමින් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් නිර්මාණය කිරීමටත්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි කාණ්ඩ සහ පිටු එකතුකර ගනිමින්, උසස් මාධ්‍ය අන්තර්ගතයන් එකතුකර ගනිමින් යෙදුම් සකස් කිරීමටත්, APPMAKER භාවිතා කරන්නන්ට අවස්ථාව සැලසේ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය, සෞඛ්‍ය සහ ශරීර සුවතාවය, ප්‍රවෘත්ති සහ ඊ වාණිජ්‍යය යනාදී විවිධ අංශ 13 ක් සඳහා ප්‍රයෝජනයට ගතහැකි templates මෙම Platform එක ඔස්සේ සපයනු ලබයි. APPMAKER මගින් යෙදුම් නිර්මාණය කරන්නන්ට තත්කාල අන්තර්ගතයන් යාවත්කාලීන කිරීමට, භාවිතා කරන්නන්ට යැවීමට, ටෙල්කෝ යටිතල පහසුකම් භාවිතා කරමින් යෙදුම හරහා මුදල් ඉපයීමට සහ ඔවුන්ගේ යෙදුම Google Play Store හි අප්ලෝඩ් කිරීමටත් අවකාශ සලසයි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා, “ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ආයතනය විසින් සංවිධාන කරනු ලබන ඊ ස්වාභිමානී සම්මාන උළෙලේ අන්තහ්කරණය සහ සමාජ සවිබලගැන්වීමේ අංශයේ ජයග්‍රාහකයා බවට පත්වීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. එපමණක් නොවෙයි සමාජ ආයෝජනයේ සහ තාක්ෂණයේ සුසංයෝගය හරහා සැබෑ සමාජ බලපෑමක් ඇතිකිරීම සඳහා, තාක්ෂණය භාවිත කරන අපගේ උත්සාහයන් හඳුනාගැනීම පිළිබඳවත් මෙහිදී අපගේ ප්‍රසාදය පලකිරීමට කැමතීයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදකයන් සඳහා Platform එකක් සැපයීමට, භාවිතයට පහසු APPMAKER වැනි ප්‍රබල මෙවලම් හරහා සමාජය තුළ ධනාත්මක වෙනස්කම් ඇතිකිරීම සඳහා විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ව සවිබලගැන්වීමට අප ඉදිරියේදීත් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. “

APPMAKER හි ආරම්භක ගාස්තු ශුන්‍ය වන අතර, යෙදුමක් නිර්මාණය කරමින් එය වැඩි දියුණු කරන්නෙකුට නොමිලේ සැපයෙන්නකි. මුදල් ඉපැයීමේ අදියරේදී Platform එක සහ යෙදුම නිර්මාණය කරන්නා අතර ආදායම් බෙදාගැනීමේ අනුපාතය 40:60 කි. තම අභිමතයට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වැඩි දියුණු කිරීම සඳහා භාවිතකරන්නන් Appmaker.lk වෙත පිවිසිය යුතුය.