பொருள் விரிவாக்கம்

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමස්ත ලංකා අන්තර් පාසල් App නිමැවුම් තරගාවලිය “Dialog App Challenge” අවසන් මහා තරගයකින් යුතුව නිමාවෙයි

2019 අප්‍රේල් 08         කොළඹ

 

news-1

Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා, යාපනය විද්‍යාලය නියෝජනය කළ පරමේස්වරන් ප්‍රවීණන් සහ තර්සිකා පරමේස්වරන් වෙත ශූරතා කුසලානය පිරිනැමීම.

news-1

වම - දකුණ : දෙවැනි අනුශූරතාවය දිනාගත් කළණ මනුප්‍රිය නායකත්වය ගත් පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක විද්‍යාලය, යාපනය විද්‍යාලය නියෝජනය කළ පරමේස්වරන් ප්‍රවීණන් සහ තර්සිකා පරමේස්වරන් අනුශූරතාවය දිනාගත් ශෙහාන් විජේතුංග නායකත්වය ගත් කොත්මලේ ගාමිණී දිසානායක විද්‍යාලය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු Dialog Axiata PLC, Ideamart සහ Dialog Home Broadband බලගන්වන “Dialog App Challenge” ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් පාසල් App නිමැවුම් තරගාවලියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් දියත්වන මෙම Dialog App Challenge ඔස්සේ මෘදුකාංග නිර්මාණය කිරීමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් අතර උනන්දුව ඇති කිරීම හා ඔවුන්ව දැනුවත් කිරීමත් මගින් තොරතුරුගත යුගයේ අනාගත වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම අරමුණු කරයි. 2019 අප්‍රේල් මස 3 වෙනිදා පැවැත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් පාසල් App නිමැවුම් තරගාවලියේ ශූරතාවය යාපනය විද්‍යාලය නියෝජනය කළ පරමේස්වරන් ප්‍රවීණන් සහ තර්සිකා පරමේස්වරන් විසින් දිනාගැනීමට සමත් වූ අතර, ඒ සඳහා රුපියල් 300,000 ක වටිනාකමින් යුතු ත්‍යාග ඔවුන් වෙත ප්‍රදානය කරන ලදී.

සිය සමාජයන් තුළ ඇති ගැටළු විසඳීම සඳහා තාක්ෂණය පදනම් කරගත් යෙදවුම් නිර්මාණය කිරීම මෙම Dialog App Challenge හි අරමුණ වූ අතර, ඒ සඳහා දිවයින පුරා පළාත් 8 ක ගුරුවරුන්, අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා සම්බන්ධීකාරකවරුන් දැනුවත්කිරීමේ වැඩසටහන් පවත්වනු ලැබූ අතර ඒ හා සමගාමීව App නිර්මාණය සහ තරග පිළිබඳව ශිෂ්‍යයන් සඳහාද වැඩමුළු පැවැත්වීම සිදුකරනු ලැබිණ. මේ අනුව 200 කට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් අතරින් අවසාන මහා තරගයේදී තරග කිරීම සඳහා පළාත් 8 ක් නියෝජනය වන පරිදි කණ්ඩායම් 11 ක් සාර්ථකව තෝරාගනු ලැබූ අතර, මෙසේ තෝරාගත් කණ්ඩායම් සඳහා පූර්ණ වශයෙන් App නිමැවුම් පිළිබඳ දැනුම ලබාදෙන වැඩමුළු පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන ගැන අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ICT) පී එන් ඉල්ලප්පෙරුම මහතා “රටේ අනාගත පරම්පරාව, නවෝත්පාදනය හා නවීන තාක්ෂණය භාවිතයෙන් සැබෑ ලෙස පවතින ගැටළු විසඳා ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ හැකියාවෙන් යුතු පිරිසක් වීම ඉදිරි අනාගතය සඳහා ඉතාම වැදගත් දෙයක්. අනාගත ශ්‍රී ලංකාව ගොඩනගන දැයේ දූ දරුවන් වෙනුවෙන් ඉතා විශිෂ්ට අවස්ථාවක් සඳහා දායකත්වය ගෙනදෙන මෙම Dialog App Challenge ගැන අපි හැමෝම ආඩම්බර වෙනවා “ යි කියා සිටියේය.

Dialog Axiata සමාගමේ MIFE ව්‍යාපාර සහ IOT - ප්‍රධානී විරංග සෙනෙවිරත්න මහතා මෙහිදී ප්‍රකාශකර සිටියේ “ කුසලතාවන්ගෙන් පරිපූර්ණ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හඳුනාගැනීමත්, ඔවුන්ට අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා මනා තෝතැන්නක් සැපයීමත් තාක්ෂණික ක්ෂේත්‍රයේ උපදේශනය හා විශිෂ්ටත්වය වැඩිදියුණු කර ගැනීමත් අරමුණු කර ගනිමින් Dialog App Challenge එක දියත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයේ ඉහළින්ම පිහිටන රටක් බවට පත් කිරීම සඳහා දැනුමෙන් සහ හැකියාවෙන් අනාගත පරපුර බලගැන්වීමට දායක වීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නියමුවන් වශයෙන් අප අනිවාර්යයෙන්ම කළයුත්තක් වන බවයි.”

Dialog Broadband Networks PLC හි බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර දුරකථන ප්‍රධානී නවීන් පීරිස් මහතා ප්‍රකාශකර සිටියේ “Dialog Home Broadband, ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ අවශ්‍යතා නිසි ලෙස හඳුනාගෙන ඩිජිටල් අවකාශයන් තුළ කටයුතු කිරීමට සිසුන් සහ අධ්‍යාපනඥයින්ට අවශ්‍ය සම්පත් සපයාදෙමින් Dialog App Challenge බලගන්වන්නට හැකියාව ලැබීම පිළිබඳව ආඩම්බරයට පත්වන බවයි.”

මෙහිදී කණ්ඩායම් විසින් තෝරාගත් ගැටලූව, ඒ සඳහා යෝජනා කර ඇති විසඳුම, පරිශීලනයේ පහසු බව, තාක්ෂණික භාවිතයේ ඵලදායීතාවය, නිමැවුමේ පූර්ණත්වය සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් ආදී සාධක පදනම් කරගනිමින් කණ්ඩායම් ඇගයීමට ලක් කරනු ලැබිණ. Dialog App Challenge අන්තර් පාසල් App නිමැවුම් තරගාවලියේ ශූරතාවය සඳහා රු. 300,000 ක වටිනාකමින් යුතු ත්‍යාග හිමිවූ අතර අනුශූරතාවයට රු.150,000 ක වටිනාකමින් යුතු ත්‍යාගද, දෙවැනි අනුශූරතාවයට රු.75,000 ක වටිනාකමින් යුතු ත්‍යාගද හිමි විය. මීට අමතරව එම නිමැවුම ඔස්සේ ඇතිකරන යහපත් බලපෑමේ ස්වරූපය, IoT තාක්ෂණය භාවිතා වූ හොඳම අදහස, හොඳම Ideamart තාක්ෂණය භාවිතය සහ හොඳම බාලිකා කණ්ඩායම සහ තවත් විවිධ තේමාවන්ගෙන් යුතුව ඇගයීම් කරනු ලැබිණි.