பொருள் விரிவாக்கம்

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ඩයලොග් විසින් නොමිලේ WiFi සහ ටෙලිවිෂන් සේවා ලබාදෙයි

18 අප්‍රේල් 2020         කොළඹ

 

news-1

COVID-19 වෛරසය හේතුවෙන් දිවයිනේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත අන් කවරදාටත් වඩා දැඩි පීඩනයක් එල්ලවී ඇති තත්වයක් තුළ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින හදිසි සේවාවන්ට සහායදීම සඳහා පෙරට පැමිණ තිබෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම නොරෝධායන මධ්‍යස්ථාන සඳහා WiFi සහ ඩයලොග් ටෙලිවිෂන් සේවාවන් ලබාදීමට කටයුතු කර ඇත.

මෙම අවිනිශ්චිත කාලසීමාව තුළ ඩයලොග් විසින් දිවයිනේ රෝහල් 20 කට Tele Medicine උපකරණ 27 ක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය බලගන්වා ඇති අතර, අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල රෝහල් වෙත ප්‍රදානය කිරීමටත්, දුරස්ථ ජාතික මනෝ - සමාජීය සහාය සේවාවක් (RNPSSS) ස්ථාපිත කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ජංගම දුරකතන සම්බන්ධතා සහ නොමිලේ handsets ලබාදීමටත්, නොමිලේ අන්තර්ජාල සම්බන්ධතා සඳහා කඩිනමින් අවශ්‍ය විසඳුම් සැපයීමටත්, IDH රෝහල වෙත video conference පහසුකම් හා ජංගම උපාංග ලබාදීමටත්, දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට අයත් (යාපනයද ඇතුළුව) ගම්මාන 265 ක පීඩාවට පත් 70,872 ක පිරිසකට සහන සැලසීම සඳහා වි‍යළි ආහාර බෙදාදීම මනුසත් දෙරණ, සියත ළෙන්ගතුකම සහ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය යන මාධ්‍ය ආයතනවල වැඩසටහන් සමඟ අත්වැල් බැඳගනිමින් දිනපතා සිදුකරන ලදී.

මෙම පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීඑල්සී හි තවත් මූලාරම්භයක් වන අතර, Covid – 19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටන හා සමාගම එක්වීමේ පියවරක් වශයෙන්ද සැලකිය හැකිය. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධවිය හැකි බවට සහතිකවීම සඳහා දරන උත්සාහයේ කොටසක් ලෙස මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවට e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care සහ e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද පියවර ගෙන ඇත.