பொருள் விரிவாக்கம்

ඩයලොග් හඳුන්වාදෙන ශ්‍රී ලංකාවේ පළමු දේශීයකරණය වූ ශ්‍රවණ ආධාරක ජංගම යෙදුම - ‘පෙට්‍රලෙක්ස්’

21 ජූනි 2020         කොළඹ

 

news-1

Petralex ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් බ්‍රෙඩිකින් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර අංශයේ කළමනාකාර දමිත ගුණවර්ධන විසින් Petralex App (යෙදුම) සමාජගත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්මාට්ෆෝන් පාදක කරගත් ශ්‍රවණ ආධාරක සඳහා විසඳුම් සපයන ගෝලීය ප්‍රමුඛයෙකු වන පෙට්‍රලෙක්ස් (Petralex) සමඟ එක්ව, සියලූම ජනප්‍රිය ජංගම දුරකතන සඳහා පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම (app) හඳුන්වාදී ඇත. පෙට්‍රලෙක්ස් භාවිත කරන්නන් හට සිය ජංගම දුරකතනය සමඟ ඕනෑම wire හෝ Bluetooth Headset එකක් උපයෝගී කරගනිමින්, එය ශ්‍රවණ ආධාරක මෙවලමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සකස් කර ඇත. ශ්‍රවණ ආබාධ සහිත අය හෝ ශ්‍රවණ හැකියාව අහිමිවෙමින් පැවතීම අත්විඳින අය අරමුණු කරගනිමින්, නිර්මාණය කර ඇති මෙම විප්ලවීය යෙදුම (app) සහනදායී මිලකට භාවිතයට ගත හැකි පහසුම විසඳුමක් ලෙසද නම් කිරීමට පුළුවන.

පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම පළමුවරට භාවිත කිරීමේදී headset හෝ Bluetooth උපාංගයක් ආධාරයෙන් ශ්‍රවණ පරීක්ෂණ සිදුකිරීම සඳහා පහසුකම් සලසන අතර, අදාළ යෙදුම මඟින් භාවිතා කරන්නාට යෝග්‍ය වූ ශබ්ද සංඛ්‍යාත වෙන්කර ඒවාහි පමණක් ශබ්දය වැඩි කරයි. තවද මෙම යෙදුම මගින් අනවශ්‍ය පසුබිම් ශබ්ද ඉවත් කරන අතර, එය කථන පැහැදිලිභාවය වැඩි කරයි. සාම්ප්‍රදායික ශ්‍රවණ ආධාරකයක් මෙන් තවත් එක් උපාංගයක බැටරියක් මාරු කිරීමේ අවශ්‍යතාව මෙමගින් මතු නොවන අතර, ජංගම දුරකතනයේ බැටරි ආයු කාලය මගින් මෙම ජංගම යෙදුම බලගැන්වේ. ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිත කල හැකි මෙවලමක් සපයන මෙම විසඳුමෙන්, අන් අයගේ විශේෂ අවධානයට ලක් නොවන අතර, හුරුපුරුදු දෛනික උපාංග සමඟ අතිරේක මිලදගැනීමක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැතිව, තමන්ට අවශ්‍ය සහාය ඔවුන්ට වඩාත් සුවපහසුව ලබාගැනීමට අවකාශ සලසයි. මෙම යෙදුම (app) විශේෂිත වූ පරීක්ෂණ සඳහා හෝ විශේෂඳයින් විසින් සකස් කල වාණිජ ශ්‍රවණ ආධාරක සඳහා ආදේශකයක් නොවේ.

නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරි ශ්‍යාම් මජීඩ්, “ශ්‍රී ලංකාව වෙනුවෙන්ම විශේෂයෙන් දේශීයකරණය වූ, සිංහල සහ දෙමළ භාෂා සහිතව පරිපූර්ණ, සුපුරුදු ඩයලොග් ගෙවීම් ක්‍රම හරහා විශේෂ අඩුකිරීම් සහිතව ලබාගත හැකි, පෙට්‍රලෙක්ස් (Petralex) හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව ඩයලොග් හි අපි ආඩම්බර වෙනවා. සමාජයේ වරප්‍රසාද අඩු ප්‍රජාවට දැරිය හැකි මිලකට, පහසුවෙන් ප්‍රවේශ විය හැකි විසඳුම් සමඟ ඔවුන්ගේ ජීවිත පොහොසත් කරමින් සවිබලගන්වන්නටත්, ජීවිතයේ වැදගත් අවස්ථාවන් හා සක්‍රීයව සම්බන්ධවෙමින් අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍රයේ සමාන අවස්ථා සඳහා මාර්ගයන් විවර කිරීමටත් ඩයලොග් ආසිආටා මෙවැනි හඳුන්වාදීම් ලබාදෙයි. ශ්‍රවණ හැකියාව අහිමිවීම පිළිබඳව කලින් දැනුවත්වීම සඳහා නිරන්තරයෙන් ශ්‍රවණ පරීක්ෂා සිදුකීරීමේ වැදගත්කම ඉහළ නැංවීමට, මෙමගින් අත්වැලක් සැපයෙන බවත් මතක් කල යුතුයි.”

පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම මූලිකව Google Play Store සහ Apple App Store ඔස්සේ රුපියල් 1,900 ක මාසික ගාස්තුවකට ලබාගැනීමේ හැකියාව මීට පෙර සලසාදී තිබූ අතර, ඩයලොග් සහ පෙට්‍රලෙක්ස් (Petralex) සාර්ථක සහයෝගීත්වයෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොළට මෙය හඳුන්වාදීමත් සමඟ, රුපියල් 180 + බදු ගාස්තු සහිත මාසික ගාස්තුවකට දැන් එය ලබාගත හැක. ඩයලොග් පාරිභෝගිකයන්ට ‘Add to Bill’ විශේෂාංගය ඔස්සේ මේ සඳහා ආරක්ෂිතව subscribe විය හැකි අතර, ‘Add to Bill’ යනු Credit හෝ Debit කාඩ්පත් විස්තර ලබාදීමකින් තොරව පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයකි.