பொருள் விரிவாக்கம்

NIBM හි ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා Dialog සහ ජාතික ව්‍යාපාර කළමණාකරන ආයතනය එක්වෙයි

2019 මාර්තු 14         කොළඹ

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු Dialog Axiata PLC සහ ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනය (NIBM) ජාතික මට්ටමේ තොරතුරු විශ්ලේෂණාගාරයක් සහිත ජාතික නවෝත්පාදක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

Dialog සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම NIBM හි ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය මගින් පාසල් සිසුන්, උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරීන් සඳහා දත්ත විද්‍යාවේ වැදගත්කම ඉදිරිපත් කරමින් ඊළඟ පරම්පරාවේ තාක්ෂණික නවෝත්පාදනයන් සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කර්මාන්තවල අනාගතය පිළිබඳ අනාවැකි පළකරනු ඇත. නිර්මාණකරණයේ ප්‍රවීණයන් වෙමින් දත්ත විද්‍යාව සහ විශ්ලේෂණ ක්‍රියාවලි සැලසුම් කිරීමේ වටිනාකම් නිර්මාණය කිරීම සහ කර්මාන්තයන්හි ගුණාත්මක හා ඵලදායිතාව ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.

ජාතික ව්‍යාපාර කළමණාකරන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. ඒ. කුලසූරිය මහතා මෙසේ පැවසීය. "ජාතික තොරතුරු තාක්ෂණ ආයතනය (NIBM) විසින් ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානයේ නවීන පහසුකම් සහිතව එහි ශිෂ්‍යයන්ට දත්ත විද්‍යා සහ නවීන ලෝකයේ ඇති ව්‍යාපාර අවස්ථා ලබා ගැනීම සඳහා ව්‍යාපාර විශ්ලේෂණ කුසලතාවන් ඇතිකරවමින් දත්ත විද්‍යා උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා දියත්කර තිබෙනවා. Dialog Axiata සමාගම, දත්ත විද්‍යා සහ ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ ආයතනගත අත්දැකීම NIBM සීමාවාසිකව පුහුණුවන ශිෂ්‍යයන් වෙත ලබාදීම වෙනුවෙන් අපි සතුටට පත්වෙනවා. එසේම තවදුරටත් දත්ත විද්‍යා හැකියාවන් සහිත NIBM උපාධිධාරීන් අනාගත අභියෝගයන් ජය ගැනීමට යොමු කරමින් අපගේ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

Dialog Axiata PLC සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රයිනර් ඩොයිෂ්මන් මහතා “දත්ත මත තීරණ ගැනීමේ ක්‍රියාවලිය, සෑම සාර්ථක ව්‍යාපාරයකම ප්‍රධානතම දෙයයි. Dialog Axiata අපි 5 වන පරපුරේ ජංගම ජාලයන්, අන්තර්ජාලමය දේවල් (IOT) සහ ප්‍රකාශනීය වෙනස්කම් වලට වඩාත් වැදගත් වන දත්ත සහ විශ්ලේෂණ ඔස්සේ අපගේ පාරිභෝගිකයින්ට ප්‍රයෝජනවත් දේ ලබාදීමට උපකාරී වෙයි. එබැවින්, අධ්‍යාපනයට හා රටේ හොඳම දක්ෂතාවයන් ආකර්ෂණය කරගැනීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානයට අපි සහය දැක්වීම අරමුණු කරගන්නවා,”යැයි පැවසීය.

Dialog සමග සහයෝගයෙන් NIBM හි ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය, විශාල දත්ත විශ්ලේෂණ සහ දෙමුහුන් දත්ත කළමනාකරණය භාවිතා කරමින් කර්මාන්ත හරහා විවිධ ක්ෂේත්‍රවල විවිධ ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය කිරීමට දක්ෂ වෘත්තිකයන් බිහිකිරීමට දැනුම හා විශාල දත්ත විශ්ලේෂණයන්හි කර්මාන්තගත සංවර්ධන පරතරය පිළිබඳ අවධානය යොමු කිරීමට අදහස් කරයි. මෙම නවෝත්පාදන මධ්‍යස්ථානය ඔස්සේ සවිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ඉදිරි පියවර ගැනීම සඳහා කර්මාන්තයට හැකියාව ලැබෙන සමාජ මාධ්‍ය, ජංගම තාක්ෂණය, වෙබ් සහ IoT ඇතුළු විශාල දත්ත විශ්ලේෂණය කිරීමට තාක්ෂණයන් ඒකාබද්ධ කරනු ඇත.