பொருள் விரிவாக்கம்

දකුණු ආසියාවේ ප්‍රථම සජීවී 5G අත්දැකීම Dialog Iconic හිදී

02 April 2019         Colombo

 

news-1

(L - R): Supun Weerasinghe, Group Chief Executive – Dialog Axiata PLC, His Excellency Tan Yang Thai - High Commissioner of Malaysia to Sri Lanka, Hon. Ajith P. Perera MP, Minister of Digital Infrastructure and Information Technology, Hon. Harin Fernando MP, Minister of Telecommunication, Foreign Employment, Dr. Hans Wijayasuriya – Corporate Executive Vice President and CEO - South Asia Region, Axiata Group Berhad and Pradeep De Almeida, Group Chief Technology Officer, Dialog Axiata PLC.

news-1

Virtual Reality හොලොග්‍රැෆික් තාක්ෂණය භාවිතයෙන් සජීවී ඉදිරිපත්කිරීම.
අඩු ප්‍රතිචාර කාලයක් සහිත සජීවී 5G ඔස්සේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ, හොලොග්‍රැෆික් තාක්ෂණය භාවිතයෙන් ස්ටෙෆනි සන්සෝනිගේ සජීවී වාදනය හා එක්වෙමින් ගීතයක් ගායනා කිරීම. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු අජිත් පී පෙරේරා මැතිතුමාගේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සහ Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතාගේ පැසසුමට ලක්වීම.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන Dialog Axiata සමාගම කලාපයේ ප්‍රථම 5G පර්යේෂණ සම්ප්‍රේෂණය හා සමගාමීව සජීවී 5G අත්දැකීම සඳහා හොලොග්‍රැෆික් වීඩියෝ ඇමතුම් සමඟ හොලොග්‍රැෆික් තාක්ෂණය සහිත දුරස්ථ සංගීත නිෂ්පාදනය 360ᴼ 8K වීඩියෝ ඇමතුම් 360ᴼ 8K සජීවී Virtual Reality වීඩියෝ අත්දැකීම් මෙන්ම Artificial Intelligence තාක්ෂණයෙන් බලගැන්වූ ඩිජිටල් නිමැවුම් සහ කර්මාන්ත සඳහා ස්වයංක්‍රිය රෝබෝ තාක්ෂණය භාවිතය සහ තවත් 5G සේවාවන් කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාවේදී හඳුන්වාදෙයි.

දකුණු ආසියාවේ ප්‍රථම සජීවී 5G අත්දැකීම සඳහා අප්‍රේල් මස 2 වැනිදා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු අජිත් පී පෙරේරා මැතිතුමා සහ මැලේසියානු මහ කොමසාරිස් ටං යන්ග් තායි මැතිතුමාගේ ගෞරවණීය සහභාගිත්වය සිදුවිය. සජීවී 5G පර්යේෂණ සම්ප්‍රේෂණය සහ එම තාක්ෂණය ප්‍රදර්ශනය කිරීම Huawei සහ Ericsson 5G තාක්ෂණයන් සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සහයෝගීත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවේ සභාව ඇමතු විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා සඳහන්කර සිටියේ 5G තාක්ෂණය සහ එය එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගිකව භාවිත කළ හැකි විවිධ අවස්ථාවන් ප්‍රදර්ශනය කිරීම මගින් Dialog සමාගම ‘අනාගතය අදයි’ යන තේමාවට අනුගතව සිටින බව යළි යළිත් තහවුරු කරන බවයි. වේගවත් ඩිජිටල්කරණ ප්‍රවණතාවයක් දැකගැනීමට හැකි මෙම යුගයේදී ශ්‍රී ලංකාව විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ඉදිරි පියවරක් තබන 5G තාක්ෂණයේ හැකියාවන් දක්නට ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටු වන බවයි.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු අජිත් පී පෙරේරා මැතිතුමා Dialog සමාගම වෙත සුබපතමින් සඳහන් කර සිටියේ, අද දින සිදුකළ මෙම සජීවි 5G පර්යේෂණ සම්ප්‍රේෂණය හරහා සක්‍රීය කළ තාක්ෂණික හඳුන්වාදීම් හා බෙදාහැරීම් මගින් සමාජයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩවම කලාපය තුළ මගපෙන්වන්නා බවට පත්ව සිටින බවයි.

රැහැන් රහිත 5G ජාලය හඳුන්වාදීම හරහා High Bandwidth Ultra Low Latency සහ Massive Connectivity සැපයීමෙන් යන්ත්‍ර සහ මිනිසුන් අතර මනා සම්බන්ධතාවයන් ගොඩනගමින් 4 වන කාර්මික විප්ලවය කරා නව මංපෙත් විවර කරයි. 5G දියත් කිරීම හරහා ඉතාම අඩු ප්‍රතිචාර කාලයක් තුළ 3 Gbps සහ 5 Gbps ත් අතර වේගයක් කරා ළඟාවීමට IoT, Artificial Intelligence, Mixed/Virtual Reality සහ Robotics කේන්ද්‍රගත කර පෙර නොවූ විරූ ආකාරයේ නවෝත්පාදන භාවිත අවස්ථාවන් ඉදිරිපත් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ “තාක්ෂණික දියුණුව පිළිබඳව කවදත් Dialog සමාගම ඉදිරියෙන්ම සිටින අතර, දකුණු ආසියාවේ ප්‍රථම වරට 5G ඔස්සේ ක්‍රියාත්මක වන තාක්ෂණික යෙදවීම් ප්‍රදර්ශනය කිරීමට ලැබීම ආඩම්බරයක් බවයි.” එසේම මෙම සජීවී 5G අත්දැකීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට ‘අනාගතය අදයි’ යන සමාගමේ දැක්ම අඛණ්ඩව රැගෙනයමින් එකිනෙකට සහ සම්බන්ධිත අනාගතයක් වෙනුවෙන් අප ඉදිරියටත් කටයුතු කරන බව” තවදුරටත් ප්‍රකාශකර සිටියේය.

ඕනෑම අයෙක්ට https://social.dialog.lk/5g/ වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචිවීමෙන් අප්‍රේල් මස 3 වෙනිදා සිට 10 වෙනිදා දක්වා Dialog ප්‍රධාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වන Iconic හීදී 5G අත්දැකීම සජීවීව ලබාගත හැකිය'