பொருள் விரிவாக்கம்

eZ Cash, Fintrex Finance Limited හා එක්ව ලීසිං වාරික පහසුවෙන් ගෙවීම සඳහා කටයුතු සලසයි

2019 මාර්තු 12         කොළඹ

 

news-1

Dialog Axiata PLC හි ඩිජිටල් සේවා උප සභාපති ෆරික් කාදර් මහතා (වමේ සිට 4) Fintrex Finance හි ව්‍යාපාර සංවර්ධන සහ අලෙවි සන්නිවේදන සහකාර සාමාන්‍යාධිකාරි බෙවන් පෙරේරා මහතා (දකුණ සිට 4) වෙත ගිවිසුම භාරදෙයි. Dialog Axiata PLC හි ජංගම මුදල් අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකරු පද්මනාතන් මුතුකුමාරන මහතා, Dialog Axiata PLC හි ජංගම මුදල් අංශයේ වෙළෙඳ නියෝජිත බඳවාගැනීම් සහ අලෙවි - ප්‍රධාන කළමනාකරු උදය ජයසුන්දර මහතා, Dialog Axiata PLC හි ඩිජිටල් මූල්‍ය සේවා අංශයේ ජ්‍යේෂ්ඨ සාමන්‍යාධිකාරි ජනක ජයලත් මහතා, Fintrex Finance හි ප්‍රධාන මූල්‍ය නිලධාරිනී දිනෙකා විතානච්චි මහත්මිය, Fintrex Finance හි තොරතුරු තාක්ෂණ කළමනාකරු ඉන්දික බෝගල මහතා, Dialog Axiata PLC හි ජංගම මුදල් අංශයේ ගිණුම් කළමනාකරු තීක්ෂණ ගම්මන්පිල මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම ජංගම මුදල් සහ ගෙවීම් සේවාව වන eZ Cash, එහි නවතම හවුල්කාරිත්වය Fintrex Finance Limited සමඟ ඇතිකරගත් බව නිවේදනය කරමින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ලීසිං වාරික eZ Cash සේවාව ඔස්සේ ගෙවීමට හැකියාව සලසයි.

#111# ඩයල් කිරීමෙන් හෝ දිවයින පුරා සිටින 20,000 ක් වන eZ Cash වෙළෙඳ නියෝජිතයන් මගින් සියලුම Fintrex Finance පාරිභෝගිකයන්ට දැන් ලීසිං වාරික ගෙවීම් eZ Cash යෙදුම (app) ඔස්සේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් වාරික මුදල් ගෙවීමට හැකියාව ලබාදෙයි.