பொருள் விரிவாக்கம்

Dialog Pay සමගින් ඩිජිටල් ගනුදෙනු සඳහා Singer Sri Lanka එක්වෙයි

420කට අධික ප්‍රදර්ශනාගාර ප්‍රමාණයකදී, QR ගෙවීම් පහසුව සැලසේ

2026 ජූලි 22         කොළඹ

 

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා, Singer Sri Lanka PLC හි අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී මහතා සහ Singer Sri Lanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි Singer Sri Lanka ප්‍රදර්ශනාගාර 420 කට අධික ප්‍රමාණයකදී, Dialog Pay හරහා සුරක්ෂිතව හා පහසුවෙන් ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදාකර දී ඇති බව සතුටින් දැනුම් දෙයි. 145 වසරක් පුරා, වසරක් පාසා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලංකීය පාරිභෝගිකයින්ගේ නිවාස හා කාර්යාල සඳහා විදුලි උපකරණ, ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ හා මුළුතැන්ගෙහි උපකරණ මෙන්ම කෘෂි කාර්මික උපකරණ පිරිනමන, Singer Sri Lanka සිය විශිෂ්ට සේවාව හරහා පාරිභෝගික හද බැඳගත්, මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාමයකි. එම සන්නාමය මෙලෙස Dialog Pay හා අත්වැල් බැඳගැනීමෙන්, පාරිභෝගිකයින්ට දැන් සිංගර් ප්‍රදර්ශනාගාරවලදී LankaQR කේතය Scan කර, පහසුවෙන්ම ගෙවීමේ හැකියාව පවතින අතර, එම ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසිද හිමි වේ.

මෙම සහයෝගිතාවය පිළිබඳව අදහස් දක්වමින්, Singer සමූහ ව්‍යාපාරයේ, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස අදහස් දැක්විය. "සිංගර් හි අප සිදු කරන සෑම කටයුත්තකදීම මුල්තැන දෙන්නේ, පාරිභෝගික පහසුව සහ නවෝත්පාදනය සඳහායි. Dialog Pay සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාව තුළින් තහවුරු වන්නේ, අපගේ දිවයින පුරා පැතිරුණු ප්‍රදර්ශනාගාර ජාලය තුළදී, පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොර, සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් මෙන්ම, ඔවුන්ට වාසිදායක අත්දැකීමක් ලබාදීමට අප තුළ පවතින කැපවීමයි. වේගවත් ඩිජිටල්කරණය කරා අප පියනගන මේ යුගයේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සහයෝගය දක්වමින්, ජනතාවගේ එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා ඩයලොග් සමාගම සමඟ එක්වීමට ලැබීම අපට සතුටට කාරණයක්."

MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.