Body

ශ්‍රී ලංකාවේ අනාගත IoT ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා Dialog හා Ideamart ශිල්ප සයුර පදනම හා එක්වෙයි

2019 ජුනි 10         කොළඹ

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන Dialog Axiata PLC විසින් හඳුන්වා දුන් Ideamart, Internet of things (IoT) සහ තොරතුරු ආරක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ ඔවුන්ට සවිබල දීම සඳහා ක්‍රියාත්මක කරන ‘NextGen IoT’ සඳහා ශිල්ප සයුර පදනම සමඟ එක්ව ඇත. NextGen IoT, ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් IoT සහ තොරතුරු ආරක්ෂණය පිළිබඳව ඉගෙනුම් මාර්ගයක් නිර්මාණය කර IoT developers වරුන් හඳුනා ගැනීම, පුහුණු කිරීම, ඔවුන් දිරිමත් කිරීම මෙන්ම app (යෙදුම්) නිර්මාණය හා නවොත්පාදනයට, මූල්‍යකරණය සඳහා සහාය ලබා දීමෙන් නිර්මාණාත්මක IoT app එළිදැක්වීම සිදුකරයි.

NextGen IoT, මාස 12 ක කාලයක් තුළ අදියර තුනකින් සමන්විතය. පළමු වැඩමුළු ත්‍රිත්වයෙහිදී වෙන්ම Raspberry Pi, Linux, IoT development, නවෝත්පාදනය සහ Dialog IoT Portal එක පිළිබඳ කරුණු අනාවරණය කරනු ලබන අතර දෙවනුව නිෂ්පාදන සංවර්ධනය සඳහා උපාංග සහ සහයෝගය සැපයීමත් සහ අවසාන වශයෙන්, IoT hackathon වෙත එළැඹීමත් සිදුවේ. මෙහි පළමු වැඩමුළුව වන ‘Step into Linux’" රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණි 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව Dialog Axiata ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබිණ. මෙම වැඩමුළුවේ ආරම්භක සැසිය ශිල්ප සයුර වැඩසටහන් අධ්‍යක්ෂක නිරංජන් මීගම්මන මහතා විසින් පැවැත්වූ අතර අනතුරුව Ideamart API සහ ඒ හරහා සිදුකළ හැකි මූල්‍යකරණය පිළිබඳව වැඩමුළුවට සහභාගිවූවන් දැනුවත් කරන ලද්දේ Ideamart කණ්ඩායමේ සඳරු සුරංජය මහතා විසිනි. අනතුරුව Ideamart කණ්ඩායමේ දනිඳු ද සිල්වා මහතා Dialog IoT Potal එක සහ NB-IoT development board එක පිළිබඳ හඳුන්වාදීමක් කළ අතර ශිල්ප සයුර වැඩසටහනේ එන් පී විශ්ව කුමාර මහතා Advanced Linux සහ IoT development tools පිළිබඳව පුළුල් සැසියක් සමඟ වැඩමුළුව අවසන් කළේය. අවසානයේ දී සහභාගිවන්නන්ට එකිනෙකා සමඟ මෙන්ම Ideamart කණ්ඩායම හා ජාලගත වීමට අවස්ථාව ලබා දෙනු ලැබිණ.

සමාජීය නවෝත්පාදනයන් භාවිතා කරමින් සමාජ ආර්ථික හා පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම හා හැකියාවන්ගෙන් තරුණයින් සවිබලගැන්වීම සඳහා මෙම පදනම දියත් කර ඇති අතර, නැගී එන තාක්ෂණ භාවිතය පිළිබඳව ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ සංවර්ධනය සඳහා අවශ්‍ය මානසිකත්වය සහ හැකියාව ඇතිකරවීමට සුදුසුතම වැඩසටහන NextGen IoT වන බව ශිල්ප සයුර පදනමේ තරුණ කටයුතු සංවර්ධනය කිරීමේ අධ්‍යක්ෂිකා පූර්ණිමා මීගම්මන දක්වා සිටියාය.

Ideamart හා MIFE Business සහ IOT ප්‍රධානී, විරංග සෙනෙවිරත්න මහතා “රට පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ට සෑම විටම අත්‍යවශ්‍ය අංගයක් වන ක්ෂේත්‍රයේ ඇති දැනුම හා කුසලතාවන් ගොඩ නැගීම Ideamart හි පරමාර්ථයයි. දියුණුවෙමින් පවතින developer වරුන් සමඟ කටයුතු කර ශ්‍රී ලංකාවේ IoT ආර්ථිකයේ වර්ධනයට හේතු වන NextGen IoT සඳහා ශිල්ප සයුර හා එක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාම සතුටට පත්වෙනවා” යි දක්වා සිටියේය.