பொருள் விரிவாக்கம்

Dialog, වැඩිපුර Data හා Data Roll-Over සමඟින් Home Broadband Postpaid ප්ලෑන් upgrade කරයි

2023 නොවැම්බර් 20         කොළඹදී

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, Home Broadband පාරිභෝගිකයින් වෙත අසමසම සේවාවක් සැපයීමේ අරමුණින්, Home Wi-Fi පසුගෙවුම් Data ප්ලෑන් upgrade කර තිබේ. ඒ අනුව, නවතම ප්ලෑන් සමගින් අසමසම Home Wi-Fi අත්දැකීමක් ලබාගැනීමට Dialog Home Broadband පසුගෙවුම් පාරිභෝගිකයන්ට දැන් හැකියාව සැලසී තිබේ.

මෙම upgrade කිරීමත් සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Home Wi-Fi සේවාවන් වෙත Data Roll-Over පහසුකම හඳුන්වා දී ඇත. එමගින් පාරිභෝගිකයන්ට යම් මාසයක භාවිත නොකර ඉතිරි වන data ඊළඟ මාසය සඳහා නොමිලේම ඉදිරියට ගෙන යාමට අවකාශය සලසා ඇත. තවද සියලුම Dialog Home Wi-Fi පසුගෙවුම් ප්ලෑන් වල data ප්‍රමාණය ද වැඩිකර ඇත. Night-time data හෝ Day-time data ලෙස වෙන් නොකර, දවසේ ඕනෑම වෙලාවක මුළු data quota ප්‍රමාණයම භාවිතා කිරීමට මෙමගින් හැකියාව ඇත.

පාරිභෝගිකයන්ට තෝරාගැනීමට රු. 1,312/- සිට (බදු ඇතුලත්ව) මාසික ප්ලෑන් රැසක් සතු වෙයි.

එපමණක් නොව, Dialog Home Broadband සම්බන්ධතාවය හරහා Facebook, Instagram, Youtube, Tik Tok වැනි ඔබ කැමතිම social apps මෙන්ම Zoom, Google, Microsoft 365 වැනි apps සඳහා ද Unlimited Data ප්ලෑන් දැන් Dialog Home Broadbrand පිරිනමයි.

Dialog Home Broadband සම්බන්ධතා තුළින් පිරිනැමෙන මෙම data ප්ලෑන් සහ Data Roll-Over විශේෂාංගය අත්විඳීමට හැකිවීම Dialog Home Broadband පසුගෙවුම් පාරිභෝගිකයින්ට සැලසෙන සුවිශේෂී වාසියකි. මෙම upgrade කරන ලද data ප්ලෑන් වත්මන් Dialog Home Broadband පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම නව සම්බන්ධතා ලබා ගන්නා පාරිභෝගිකයින් සඳහාද වලංගු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා ලෙසින් Dialog සතු දිවයින පුරාම වන ආවරණය සමගින් පාරිභෝගිකයින්ගේ data අවශ්‍යතාවන්ට සරිලන මෙබඳු අද්විතීය data සැලසුම් නිරන්තරයෙන් ඉදිරිපත් කිරීමට Dialog නිරතුරුවම කැපවෙයි.

පාරිභෝගිකයින්ගේ අසමසම Digital සහකරු ලෙස කටයුතු කරන Dialog, සැමවිටම ස්වකීය පාරිභෝගිකයින් වෙත ගෙවන මුදලට වැඩි වටිනාකමක් අත්කර දෙන සේවාවක් සැලසීම වෙනුවෙන් දක්වන කැපවීම ද, මෙම Home Wi-Fi ප්ලෑන් upgrade කිරීම හරහා සනාථ කරයි.

Dialog Home Broadbrand පසුගෙවුම් ප්ලෑන් පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dialog.lk/ වෙත පිවිසෙන්න.