பொருள் விரிவாக்கம்

ඩයලොග් ගොවි මිතුරු නිධානය දීපව්‍යාප්ත වැඩසටහන හරහා ග්‍රාහකයන්ට වටිනා ත්‍යාග

2022 අගොස්තු 25         කොළඹදී

 

Govi Mithuru Nidhanaya

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ගොවි මිතුරු කෘෂි උපදේශන සේවාව හරහා ග්‍රාහකයන්ට සුපිරි ත්‍යාග දිනාගැනීමට අවස්ථාව උදාකර දෙන 'ගොවි මිතුරු නිධානය' තරගාවලියේ 5 වෙනි අදියර මේ වන විට ආරම්භ වී තිබේ.

වසරක් පුරා ක්‍රියාත්මක වන 'ගොවි මිතුරු නිධානය’ තරගය මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත නාගරික හා ග්‍රාමීය ගොවි ජනතාවට එම ක්ෂේත්‍රයේ නියැලීම දිරිගන්වමින් වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවන උපාය උසස් මට්ටමකට ගෙන ඒම මෙහි අරමුණයි.2019 හා 2020 වසරවලදී දීපව්‍යාප්ත මට්ටමින් පැවති තරග ඔස්සේ ග්‍රාහකයන් 46 දෙනෙකුට ත්‍යාග ලබාදීමට පියවර ගත් අතර එසේ පිරිනමන ලද සුපිරි ත්‍යාග අතරට රන් කාසි, ජංගම දුරකතන හා මහන මැෂින් ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන හරහා ලබාදෙන කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව තුළින් නව තාක්ෂණය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් ගොවීන්ගේ භෝග ආරක්ෂාව සහ ආදායම ඉහළ නැංවීම සඳහා මනා පිටිවහලක් සපයනු සපයනු ලබයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම සමඟ හඳුන්වාදෙනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව මගින් ගොවි මහත්ම මහත්මීන් ඇතුළු සේවාව භාවිත කරන සැමට ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය උපදෙස් සමඟ යහපත් කෘෂිකාර්මික පුරුදු (GAP - Good Agriculture Practices) සම්බන්ධයෙන් සහතික කළ උපදේශන, භෝග මිල හා අනාගත භෝග වගා සැලසුම් හා සම්බන්ධ නිර්දේශ කිරීම් සෘජුවම ලබාගත හැක.

මෙම සේවාව ඔස්සේ භෝග වර්ග 30 කට අදාළව, කාබනික ගොවි වගාව සහ ගෙවතු වගාවට අදාළව මිලියනයකට අධික ග්‍රාහකයන් සංඛ්‍යාවකට කෘෂි උපදෙස් ලබාදෙන අතර, සාමාන්‍ය ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයෙක්ට මෙම සේවාව ලබාගත හැක.ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ගොවි මිතුරු Mobile App එක භාවිත කළ හැකි අතර එමගින් ගොවි මහත්ම මහත්මීන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි කාලීන තොරතුරු ලබාගැනීමට අවස්ථාව හිමිවේ. Google Play Store ඔස්සේ ගොවි මිතුරු App එක ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ට ඩේටා ගාස්තු නොමැතිව App එක භාවිත කළ හැකිවේ. මේ සඳහා දිනකට රු.2/- ක් සහ අදාළ බදු අය වේ. නව පාරිභෝගිකයන්ට දින 90 ක අත්හදා බැලීමේ කාලසීමාවක් සඳහා කිසිඳු සේවා ගාස්තුවක් නොමැතිව මෙම සේවාව ලබාගත හැක.ඕනෑම ඩයලොග් හෝ Hutch ජංගම දුරකථනයකින් 616 අමතා ගොවි මිතුරු ඇමතුම් සේවාව හා සම්බන්ධ විය හැකි අතර මේ සඳහා අදාළ ගාස්තු වශයෙන් දෛනිකව රුපියලක් සහ බදු අය කෙරේ.