Body

ඩයලොග් ආසිආටා, භාරතී එයාර්ටෙල් ලංකා සමාගම, සමාගම් පනතට අනුව ඒකාබද්ධ කිරීම අවසන් කරයි

2024 අගෝස්තු 30          කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

 

ඩයලොග් ආසිආටා පීඑල්සී ("Dialog"), භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම ("Airtel Lanka") හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. මෙහිදී, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධිවිධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කෙරුණු අතර, ඒ අනුව ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතනය ලෙස පවතී. මෙම ඒකාබද්ධ කිරීමත් සමග, 2024 අගෝස්තු 30 සිට බලපැවැත්වෙන පරිදි එයාර්ටෙල් ලංකා, පෞද්ගලික සමාගමක් ලෙස වෙනම පවත්වාගෙන යාම නිල වශයෙන් අත්හිටුවීම සනිටුහන් කෙරෙන අතර, මෙහෙයුම් කටයුතු ඩයලොග් හා ඒකාබද්ධ කර එහි මුල්‍ය ප්‍රකාශනයට ඇතුළත්ව පවත්වාගෙන යනු ලැබේ.

සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කිරීමේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය, දිවයින පුරාම ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වන අතර, මෙමගින් ආසිආටා හා භාරතී සමූහයේ ඒකාබද්ධ ශක්තිය තුළින්, රට පුරාම පාරිභෝගිකයින්ට වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් මෙන්ම වඩාත් ප්‍රබල ඩිජිටල් සේවාවන් පිරිනැමීමට ඇති කැපවීම අවධාරණය කෙරේ. ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක විශේෂඥභාවය, සම්පත් හා නවෝත්පාදන හැකියාවන් ඒකාබද්ධ කරමින්, සමාගම් දෙක අතර ඇතිකරගත් මෙම සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා ගෙනයන පුරෝගාමී සමාගම බවට ඩයලොග් නිතැතින්ම පත් වේ.

මෙම ඒකාබද්ධ කිරීමත් සමග, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා ලෙසින් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඩයලොග් අත්කරගෙන ඇති ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, ඩයලොග් ජාලයේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 20 ද ඉක්මවා තිබේ. සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු මෙලෙස අවසන් වීමෙන් අනතුරුව, ජාල ඒකාබද්ධ කිරීම ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට නියමිතය. ඒ හරහා දිවයින පුරාම පාරිභෝගිකයින්ට හා ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මට්ටමේ වඩාත් අසමසම විදුලි සංදේශ අත්දැකීමක් මෙන්ම, නවෝත්පාදන හා ඩිජිටල් සේවා අතින් සම්බන්ධතාවය අභිබවා යන විශිෂ්ට සේවාවන් පිරිනැමීම අපේක්ෂාවයි. මෙම ඒකාබද්ධ කිරිමෙන් අනතුරුවත්, එයාටෙල් සන්නාමය අඛණ්ඩව පවත්වාගෙන යාමෙන්, එයාර්ටෙල් සන්නාමය කෙරෙහි පාරිභෝගිකයින් තැබූ විශ්වාසය තවදුරටත් සහතික වන අතර, ඩයලොග් සතු සුවිශේෂී සේවාවන් අත්විඳීමටද ඔවුන්ට හැකියාව සැලසේ.

සමාගම් දෙක මෙලෙස ඒකාබද්ධ වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික ප්‍රගතියට හා ආර්ථික වර්ධනයට දායක වෙමින්, මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ඩයලොග් දක්වන නොසැලෙන කැපවීම විදහා දක්වන පියවරකි. මෙම ඒකාබද්ධ සහයෝගිතාවය තුළින් සාර්ථක ප්‍රතිඵල උදාකර ගනිමින්, මෙරට ව්‍යාපාර හා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්විමට ඩයලොග් කැපවෙයි.