Body

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ ඩයගමට නව සන්නිවේදන කුළුණක්

2022 නොවැම්බර් 08         කොළඹදී

 

ඩයගම ග්‍රාමයේ සන්නිවේදන කුළුණ ස්ථාපිත කරමින්

ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ්‍රී ලංකා වතු කම්කරු සංගමයේ උප සභාපති සෙන්නන් ඉලෙයිරාජා, ඩයලොග් නෙට්වර්ක් සර්විසස් හි මධ්‍යම පළාත භාර ඉංජිනේරු ප්‍රශාන් ජයරත්න, නුවර එළිය කලාපීය මෙහෙයුම් අංශයේ දිස්ත්‍රික් කළමනාකරු කුමරේෂ් බාලක්‍රිෂ්ණන්, නුවර එළිය කලාපීය මෙහෙයුම් අංශයේ ප්‍රදේශය භාර නිලධාරී රවින්ද්‍ර ආරියරත්න.

ශ්‍රී ලංකාව පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය පුළුල් කිරීම වෙනුවෙන් සමාගම විසින් ලබාදී තිබෙන ප්‍රතිඥාවට අනුව කටයුතු කරමින් මෙරට පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග්, 'සිව් දෙසටම ඩයලොග්' වැඩසටහන යටතේ පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම ග්‍රාමයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකරන ලදී.

රටපුරා සබඳතාවය ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වා උසස් තත්වයකට ගෙන ඒමට දරන උත්සාහයේ කොටසක් ලෙස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම ග්‍රාමයේ නව සන්නිවේදන කුළුණ ඉදිකිරීමට අමතරව එම දිස්ත්‍රික්කයටම අයත් කන්දපොළ, ආගරපතන සහ පදියපැලැල්ල යන ගම්මානවලද සන්නිවේදන කුළුණු ස්ථාපිත කෙරුණු අතර, මේ හා සමගාමීව කළුතර දිස්ත්‍රික්කයේ හල්දොල, අගලවත්ත, රූණකන්ද සහ කළුතර දිස්ත්‍රික්කයේ මුදුගල සහ දේවාලහින්ද යන ගම්මානවල ද සන්නිවේදන කුළුණු ස්ථාපිත කෙරිණි

තවද මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් යටතේ ඩයලොග් සමාගම 2022 අප්‍රේල් මාසය වන විට ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුළුණු 4,550ක් ඉදිකර ඇත.එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ.එමෙන්ම 95% කට වැඩි ජනගහණයකට 4G ආවරණ පහසුකම් සලසාදීමටද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. එමෙන්ම අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදී ඇත.

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.