Body

Dialog Gaming Game Hero තෙවන අදියරයේ අවසන් මහා තරගයේ නිමාව සාර්ථකව සනිටුහන් වූ වගයි.

2019 අගෝස්තු 27         කොළඹ

 

news-1

(වමේ සිට දකුණට) පී. ජී. ආකාශ් කාවින්ද පැලැන්දගම (6 වන ස්ථානය), යසස් සචින්ත වර්ණකුලසූරිය (5 වන ස්ථානය), ආදිල් ෆසාල් (4 වන ස්ථානය), මධූෂ සම්පත් බණ්ඩාර තෙන්නකෝන් (තෙවන ස්ථානය), සඳරු සමෝද් කීරගල (ප‍්‍රථම ස්ථානය), ඩයලොග් ආසියාටා පීඑල්සී හි අන්තර්ගත ප‍්‍රතිග‍්‍රහණ සහ නාලිකා කළමනාකරණ අංශ ප‍්‍රධානී - සිහාර් සුහායිර්, අනුරංග ආරියදාස (දෙවන ස්ථානය), හසිත සුබෝධ විමලසිරි (7 වන ස්ථානය), සිංහපුරගේ හේෂංක (8 වන ස්ථානය), හෂේන් මධූෂ විජේරත්න (9 වන ස්ථානය) සහ එම්. පසන් නිර්මාණ (10 වන ස්ථානය).

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පිඑල්සී ගෙන එන Dialog Gaming Game Hero තරගාවලියේ තෙවන අදියරය වන Super Jones හි අවසන් මහා තරගය අගෝස්තු මස 3 වැනිදා ඩයලොග් ආසිආටා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාව තුල මොබයිල් gaming තරගාවලියකදී ලබාදෙන විශාලතම ත්‍යාග මුදල වන රුපියල් මිලියන 3 ක් ජයග්‍රාහකයන් 30 දෙනෙකු වෙත ප්‍රදානය කරන ලදී.

Game Hero යනු මොබයිල් game ක්‍රීඩකයන් ඉලක්ක කරගත් තරගාවලියක් වන අතර එමගින් ක්‍රීඩකයන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට සහ ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලබා දෙයි. එසේම ශ්‍රී ලංකාව තුළ මුදල් ත්‍යාග ලබාදෙන එකම මොබයිල් gaming තරගාවලිය ද මෙයයි.