Body

මුදල් ගනුදෙනුවලින් තොර ශ්‍රී ලංකාවක් සඳහා ඩයලොග් ආසිආටා LANKAQR ක්‍රමය ක්‍රියාත්මක කරයි

22 සැප්තැම්බර් 2020         කොළඹ

 

මෙරට ප්‍රථම සහ විශාලතම මොබයිල් මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash විසින් LANKAQR වෙළඳක්‍රමය අත්පත් කරගැනීම සහ ක්‍රියාත්මක කිරීම මාතලේ සිට අරඹයි

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජංගම මූල්‍ය සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකාර - පද්මනාත් මුතුකුමාරණ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා බේරුම්කරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ - ඩී කුමාරතුංග, ඩයලොග් ෆයිනෑන්ස් සභාපති සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ඩයලොග් ෆයිනෑන්ස් පීල්සී සහ ලංකා ක්ලියර් යන ආයතන එක්ව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ගනුදෙනුවලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශීය විනිමය ගෙවීම් සඳහා වන ක්ෂණික ප්‍රතිචාර ජාතික කේතය වන- ‘LANKAQR’ ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන ලදී. මේ වසර අවසානය වන විට තම පාර්ශවකාර වෙළඳහිමියන් 50,000 කට අධික සංඛ්‍යාවකට ඩිජිටල් මුල්‍ය ගනුදෙනු සිදුකිරීම සඳහා LANKAQR ක්‍රමවේදය සහිත පහසුකම ලබාදීම ඩයලොග් සමාගමේ අපේක්ෂාවයි.

ලෝකයම පිළිගත් මෙම LANKAQR ක්‍රමවේදය ඩයලොග් සමාගම විසින් දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම තුළින්, LANKAQR පහසුකම හිමි ඇප් භාවිත කරන අයට LANKAQR මහින් සිදුකරන ගෙවීම් පිළිගන්නා ඩයලොග් වෙළඳහිමියන්ගෙන් තමන් සිදුකරන ගනුදෙනු සඳහා ගෙවීමක් සිදුනොකර භාණ්ඩ හා සේවා මිලදීගත හැකි අතර, තමන් සිදුකරන ගෙවීමට අදාළව ක්ෂණිකව දැනුම්දීම් ලැබේ. වෙළඳ නියෝජිතයන්ට තවදුරටත් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කිරීමට අවස්ථාව සලසාදෙමින්, මේ හරහා 50,000 කට අධික ඩයලොග් වෙළඳ නියෝජිත මධ්‍යස්ථානවලට කිසිඳු පිරිවැයකින් තොරව, අවම ගනුදෙනු පිරිවැයක් සහ කිසිඳු නඩත්තු පිරිවැයකින් තොරව ක්ෂණික දැනුම්දීම් සහිත රිසීට්පත් ලබාගැනීමට හැකියාව සැලසේ. ඩයලොග් eZ Cash මොබයිල් wallet භාවිත කරන පාරිභෝගිකයන්ට දැන් තම eZ Cash මොබයිල් wallet භාවිත කරමින් LANKAQR හරහා තම ගෙවීම් සිදුකළ හැකි අතර, Genie ඇප් එක භාවිත කරන පාරිභෝගිකයන්ට ඉතා ඉක්මණින් ඕනෑම බැංකු ගිණුමක් හෝ Visa හෝ Mastercard ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතයෙන් ඕනෑම LANKAQR වෙළඳහිමියෙකුට online හෝ offline යන දෙයාකාරයටම ගෙවීම් සිදුකළ හැක.

සැප්තැම්බර් 12 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී ‘මාතලේට LANKAQR’ නමින් LANKAQR දීපව්‍යාප්ත ක්‍රියාන්විතය ආරම්භ කෙරුණු අතර, මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහභාගි වූ අතර, මෙම අවස්ථාවට දිවයිනේ සියලුම ප්‍රධාන බැංකු, ජංගම මුදල් සහ Fintech සමාගම් නියෝජිතයන් එක්ව සිටියහ. මාතලේ නගරයට කිලෝමීටර 5 ක දුරින් වෙසෙන ඩයලොග් පාරිභෝගිකයන් #111# හරහා eZ Cash සඳහා ලියාපදිංචිවීමට උනන්දු කරවමින්, එම ඇප් එක ඩවුන්ලෝඩ් කර LANKAQR මගින් ගෙවීමේ පහසුකම ලබාදී තිබෙන මධ්‍යස්ථානවලින් ගෙවීමක් සිදුකිරීමේ අත්දැකීම ලබාගැනීම සඳහා ඩයලොග් විසින් තම පාරිභෝගිකයන්ට නොමිලේ GB 3 ක මොබයිල් ඩේටා ලබාදීමට කටයුතු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රය යටතේ ක්‍රියාත්මක වන eZ Cash හඳුන්වාදෙන ලද්දේ 2005 අංක 28 දරණ ගෙවීම් සහ බේරුම්කරණ පනත යටතේ වන අතර, මේ හරහා මුදල් යැවිය හැකි සහ ලබාගත හැකි ප්‍රථම මොබයිල් මුදල් සේවාව බවට eZ Cash සේවාව පත්විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ “2020 - ඩිජිටල් ගනුදෙනු වසර” දැක්ම සහ නවමු වැඩසටහනට දිරිදෙමින්, ලෝකයේ ප්‍රථම අන්තර් ක්‍රියාකාරී ජංගම මුදල් සේවාව බවට පත්වීමේ ගෞරවයද හිමිකරගත් eZ Cash සේවාව 2015 වසරේදී මොබයිල් ලෝක කොංග්‍රසයේදී හොඳම ජංගම මුදල් සේවාවට හිමි ගෝලීය සම්මානයද දිනාගන්නා ලදී. ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්වූ PCI ඩේටා ආරක්ෂණ ප්‍රමිති ආයතනයේ සහතිකය ලත් Genie සේවාව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයට සුරක්ෂිතව සහ පහසුවෙන් ගනුදෙනු සිදුකිරීමට ඉඩ සලසාදෙයි. මෙම සුවිශේෂී ඇප් එක සහ භාවිතයට පහසු සරල පාර්ශවකාර අතුරු මුහුණත මගින් නවතම ඩිජිටල් ගනුදෙනු තාක්ෂණයෙන්, පාර්ශවකරුවන් සහ පාරිභෝගිකයන් බලගන්වනු ලබන අතර, තම ජංගම දුරකතනය ඔස්සේ සෘජුවම ගෙවීම් සිදුකිරීමට පහසුකම් සලසයි.