Body

මේ ක්‍රිකට් සමයේ Dialog Television වෙතින් සුවිශේෂ දීමනා සහ වාසි රැසක්

2019 මැයි 30        

 

news-1

 

මේ ලෝක කුසලාන සමයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TV සේවා සම්පාදකයා වන Dialog Television වෙතින් සියලූම ක්‍රිකට් ලෝලීන් සඳහා සුවිශේෂ දීමනා සහ තවත් වාසි රැසක් හඳුන්වා දෙයි. Dialog Television හි නවතම ප්‍රවර්ධන වැඩසටහන මඟින් පාරිභෝගිකයින්ට විශේෂ දීමනාවක් ලෙස 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය Dialog Television ඔස්සේ නැරඹීමට සුවිශේෂී දීමනාවක් ලබා දී ඇති අතර, වටිනා ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාව සලසා ඇත.

ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට “World Cup Cricket Pass” එක සක්‍රීය කර සුවිශේෂී වූ රු.149 ක මිලකට (+ අදාළ බදු) දින 30 ක කාලයක් සඳහා STAR SPORTS චැනල් ඔස්සේ ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට අවස්ථාව ලබා ගත හැකි අතර, Dialog ජංගම දුරකථනයෙන් ON< හිස්තැනක් >Dialog Television ගිණුම් අංකය < හිස්තැනක් >2019 ලෙස සඳහන් කර 679 ට SMS කිරීමෙන් හෝ වෙනත් ඕනෑම දුරකථන ජාලයකින් 0770 679 679 ට SMS කිරීමෙන් මෙම පැකේජය සක්‍රීය කරගත හැකිය. Google Play Store සහ Apple App Store හි ඇති MyDialog app එක මගින් ද මෙම සේවාව සක්‍රීය කළ හැකි අතර එහිදී තවත් 25% ක සුවිශේෂී වට්ටමක් හිමිවේ.

නිරන්තරවම තම ප්‍රේක්ෂකයින්ගේ ටෙලිවිෂන් රසාස්වාදය වෙනුවෙන් කැපවී සිටින Dialog ආයතනය දැනට තම සේවාව භාවිතා කරන පාරිභෝගිකයින්ට අමතරව නව Dialog Television සම්බන්ධතාවයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයින්ට සඳහා ද සුවිශේෂී දීමනාවක් හඳුන්වා දී තිබේ. නව ප්‍රවර්ධන වැඩසටහන මඟින් දින 60 ක් පුරා සියලූම ක්‍රීඩා චැනල් (චැනල් 16 ක්) නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති අතරම, පසුගෙවුම් සම්බන්ධතාවය රු.1000/ ක සුවිශේෂ cash back දීමනාවක් සහිතව දැන් රු.2,990/ ක මිලකට ද, රු.9,990/ ක සම්මත ගාස්තුවකින් යුත් පෙර ගෙවුම් සම්බන්ධතාවය දැන් රු.5,990/ ක ගාස්තුවකට ද ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. පෙර ගෙවුම් සම්බන්ධතාවයක් මිලදී ගැනීමේදී රු.8/ ක දෛනික ගාස්තුවකට දේශීය සහ විදේශීය චැනල් 40 ක් නැරඹිය හැකි පැකේජයක් හිමි වේ. දිවයින පුරා පිහිටි ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් මෙම දීමනාවන් ලබා ගත හැකිය.

එසේම, සියලූම Dialog Television පාරිභෝගිකයින්ට ජූලි මස 10 වන දින දක්වා වන ඕනෑම දිනයකදී MyDialog app එක ඔස්සේ සිය Dialog Television ගිණුමට රු.500 ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවා හෝ රීලෝඩ් කර ශ්‍රී ලංකා ක්‍රිකට් T-shirts (Replica) දිනා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

Dialog Television පිළිබඳව

Dialog Television යනු, ලොව ඉහළපෙළ විකාශයන් හා අත්වැල් බැඳගෙන පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක් සහ නැරඹුම් අත්දැකීමක් ලබාදෙන, අවිවාදයෙන් ම ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ඩිජිටල් චන්ද්‍රිකා PAY TV සේවාවක්. Dialog Television ශ්‍රී ලංකාවේ 1,000,000 ක පමණ නිවාස වෙත ඉහළම මට්ටමේ ක්‍රීඩා විනෝදාස්වාදයක් ගෙන එන්නේ බොහොම ආඩම්බරයෙන්. Dialog Television ශ්‍රී ලංකාවේ බිල්පත් රූපවාහිනී වෙළඳපොළ ප්‍රමුඛතමයා වන අතර, ක්‍රීඩා, ක්‍රියාදාමවල සිට ප්‍රහසන දක්වා මෙන්ම අධ්‍යාපනික විනෝදාස්වාදයන් ද HD නාලිකා 10 ක් ඇතුළු නාලිකා 130 කට වැඩි ප්‍රමාණයක් තුළින් විකාශය කරයි.

මාලබේ පිහිටි දත්ත මධ්‍යස්ථාන (Data Centre) පරිශ්‍රයේ ඇති ඩයලොග් මාධ්‍ය කේන‍ද්‍රස්ථානය (Dialog Media Hub) ශ්‍රී ලංකාවේ විශාලතම පෘථීවි - චන‍ද්‍රිකා සේවා ස්ථානයකින් සහ රට පුරා සිටින පාරිභෝගිකයන් වෙත ඉහළ ගුණාත්මක බවකින් යුත් තොරතුරු, ක්‍රීඩා, චිත්‍රපට, සංගීතය, ප්‍රවෘත්ති සහ ආගමික වැඩසටහන් ගෙන එන දේශීය හා විදේශීය නාලිකා වෙත සහාය දක්වන නවීන ජාල නිරීක‍ෂණ මධ්‍යස්ථානයකින් (Network Monitoring Centre) ද සමන්විතයි.