Body

DEWN පූර්ව අනතුරු ඇඟවීමේ යෙදුම මගින් වැසි සහිත කාලගුණික තත්ත්වයන්හීදී සුරක්ෂිත වන්න

2019 සැප්තැම්බර් 21         කොළඹ

 

news-1

 

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ අනෙකුත් වැදගත් ආයතන සමඟ එක්ව, අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවන අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහා වසර ගණනාවක සිට සහයෝගීත්වයෙන් කටයුතු කරමින් සිටී. හදිසි ආපදා අනතුරු ඇඟවීමේ ජාලයේ (DEWN) ජංගම දුරකතන යෙදුම (app) මගින්, අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මහජනතාවට ලබාදෙයි.

Dialog සහ Microimage Mobile Media (Pvt) Ltd. සහයෝගීතාවයෙන් සහ Dialog සමඟ මොරටුව විශ්ව විද්‍යාලයේ ජංගම සන්නිවේදන පර්යේෂණාගාරය එක්ව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන්ම DEWN යෙදුම (app) සකස් කර ඇත. මෙමඟින් නවීන ජංගම සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් ජංගම දුරකතන ජාලයන් ඔස්සේ, පළමුවෙන්ම ප්‍රතිචාර දක්වන පුද්ගලයන්ට සහ පොදු මහජනතාවට ඉදිරියේදී මතුවිය හැකි අවදානම් සහිත කාලගුණික තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි. පළමුවෙන්ම ප්‍රතිචාර දක්වන පුද්ගලයන්ට සහ මාධ්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට DEWN පද්ධතියෙන් පහසුකම් සැලසෙන අතර, අනතුරුදායක තත්ත්වයන් ආපදා බවට පත්වීම වැළැක්වීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට බහුපාර්ශ්ව කණ්ඩායම් හා සම්බන්ධ විය හැකි යාන්ත්‍රණයක් ලෙසද කටයුතු කරයි. එපමණක් නොව DEWN පද්ධතිය ඕනෑම සාමාන්‍ය දුරකතනයක පවා අඩංගු වන Cell Broadcast තාක්ෂණය භාවිත කරමින් ජාතික හෝ කලාපීය වශයෙන් ඉතා වැදගත් අනතුරු ඇඟවීම් පණිවුඩ යැවීමේ හැකියාවෙන්ද යුතුවේ. මෙම පහසුකම එලෙසින්ම සමහර ස්මාර්ට් ජංගම දුරකථනවලද දැකිය හැක. තවද ආපදාවලින් මිදී ආරක්ෂිත ස්ථාන කරා ළඟාවීමට සිතියම් මඟින් මාර්ගෝපදේශ සලසන පහසුකමක්ද මෙම පද්ධතිය සතු වේ.

Google Play Store සහ Apple App Store ඔස්සේ DEWN යෙදුම නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ඇත.