Body

ඩයලොග් ආසිආටා, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව 5 වැනි වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම හිමිකර ගනියි

2023 අගෝස්තු 3         කොළඹදී

 

Most Valuable Brand by Brand Finance

ඡායරූපයේ වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා (පුද්) ආයතනය හි සභාපති රුචි ගුණවර්ධන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරුකරණ උපදේශන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, අඛණ්ඩව 5 වැනි වසරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය' ලෙස තේරීපත්ව ඇත. එමෙන්ම AAA+ සන්නාම ශ්‍රේණිගත කිරීමද ලබා ගනිමින් ඩයලොග් ශ්‍රී ලංකාවේ 'ශක්තිමත්ම සන්නාමය' සහ අඛණ්ඩව 16 වැනි වරටත් ‘වටිනාම සන්නිවේදන සන්නාමය’ යන නාමයන්ගෙන් ද පිදුම් ලැබීය.

ඩයලොග්, ‘වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය' යන ඇගයීම් නාමය 07 වැනි වරටත් හිමිකර ගැනීමෙන් පිළිබිඹු කෙරෙන්නේ, මෙරට මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයින් ඩයලොග් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසාර ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන්, මෙරට ජන ජීවිතය හා ව්‍යවසාය සවිබල ගැන්වීමේ ඩයලොග් සතු නොසැලෙන කැපවීමයි. "අනාගතය. අදයි" යනුවෙන් වන සන්නාම ප්‍රතිඥාව සැබෑවටම සාක්ෂාත් කිරීමට කැපවන ඩයලොග්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය අතින් දියුණු රටක් බවට පරිවර්තනය කරන අතරම, ස්වකීය පාරිභෝගිකයින් හට පරිපූර්ණ, දැරිය හැකි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතිනවීන තාක්ෂණය හා සබඳතාවක් පිරිනැමීම සඳහා අධිෂ්ඨානශීලිව කටයුතු කරයි.

ආයතනයේ මූලික පරමාර්ථයක් වන 'හෘදයාන්ගම සේවාව' සැලසීම සඳහා වන ඒකායන කැපවීමත් සමගින්, 'DIA' virtual assistance, My Dialog App මෙන්ම, voice assistance සේවාව ලබාදීම සඳහා Google Assistance සමග ඒකාබද්ධ කිරිම ඇතුළු, එහි ඩිජිටල් සත්කාර පරිසර පද්ධතිය මගින් පිළිබිඹු කෙරෙන්නේ අසමසම අත්දැකීම් පාරිභෝගිකයින්ට තිලිණ කිරීම, සමාගම සිය ප්‍රමුඛතම කාර්යයක් ලෙසින් සලකනබවයි. එමෙන්ම, රට තුළ සහ ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා එහි නොසැලෙන කැපවීමේ පියවරක් ලෙසින්, සමාගම සිය හවුල්කරුවන්ගේද සහාය ඇතිව සකස් කළ 'National Fuel Pass’ ඉන්ධන අවසර පත් විසඳුම ඔස්සේ උග්‍ර ඉන්ධන අර්බුදය සාර්ථක විසඳුමක් කරා ගෙන යාමටද කටයුතු කරනු ලැබිණි. මීට අමතරව, රටේ පවතින ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් ඩයලොග්, මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නැංවූ ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන මඟින් දිවයින පුරා පවුල් 120,000ක් ඉක්මවා හදිසි සහන පිරිනමනු ලැබිණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය වන Karuna.lk දියත් කිරීමද, තාක්‍ෂණය ඔස්සේ අර්ථවත් වෙනසක් රට තුළ ඇති කිරීමට ඩයලොග් සතුව නොනැසී පවතින කැපවීම තවදුරටත් විදහා දක්වයි.‍

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී. එල්. සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙලෙස පැවසුවේය. “මෙම ගෞරවය දිනා ගැනීමට සහය වෙමින් මෙරට මිලියන 17 කට අධික ජනතාව සහ ආයතන අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය සම්බන්ධයෙන් අපි කෘතඥතාව පළ කරනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාමය ලෙස, ශ්‍රී ලාංකේය ජීවිත සහ ව්‍යවසායන් සවිබල ගැන්වීමට තාක්‍ෂණයේ පරිවර්තනීය බලය අපි දිගටම භාවිතා කරන්නෙමු.”

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා (පුද්) ආයතනය හි සභාපති රුචි ගුණවර්ධන මහතාද අදහස් දැක්විය. “අපගේ ඇගයීම් ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ රැඳී සිටීම පිළිබඳව ඩයලොග් වෙත අපේ සුභාශිංසන හිමිවෙනවා. එය අන් අය විසින් අනුගමනය කළ යුතු මිණුම් ලකුණක් වන සන්නාමයක්. අප විසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ගුණාත්මක බව මනිනු ලබන බොහෝ නිදර්ශක හරහා සන්නාම ශක්තිය ගොඩනැගීමට ඩයලොග් සතු හැකියාව, ස්වකීය සන්නාම වටිනාකමට උපරිමය ඉටුකිරීමට ඊට හැකියාව සලසනවා"

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් යනු ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 25 කට අධික සංඛ්‍යාවක ශාඛාවන් ඇති ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනයයි. වෙළඳ නාමවල මූල්‍ය වටිනාකම ගණනය කිරීමෙන් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් අලෙවි සහ මූල්‍ය ක්ෂේත‍්‍රයන් එකිනෙක සබඳනු ලබයි. වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම සඳහා වෙළඳ නාම වටිනාකම් ගණනය කිරීමේදි රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශයත්, ISO 10668 හි දක්වා ඇති කර්මාන්ත ප්‍රමිතීන්ට වෙළඳ නාමයන් දක්වන අනුකූලතාවත් ඔවුන් ප්‍රධානව සැලකිල්ලට ගනියි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ හිමිකම් භාගය ගණනය කරමින් වෙළඳ නාමය අනාගතයේ ලබන ආදායම් තක්සේරු කිරීමත්, ඉන් වෙළඳ නාමයේ වටිනාකම, ශුද්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලෙස ඉස්මතු කිරීමත්ය. මෙම තක්සේරුකරණය නිසා වෙළඳ නාම හිමිකරුවන් හට විවෘත වෙළඳපොළ තුළ වෙළඳ නාමයට බලපත‍්‍ර ලබාදීමේදී ප‍්‍රතිලාභ ලබන්නට අවස්ථාව හිමි වේ.