ඩයලොග්, Apple හි iPhone 18 Pro Series සහ iPhone Duo ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත පිරිනමයි
2026 නොවැම්බර් 03 කොළඹ
වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපාය මාර්ග සහ වර්ධන, සමූහ ආයතනික සැලසුම් සහ උපාය මාර්ග, සමූහ ව්‍යාපාර මෙහෙයුම් අංශයේ, ආයතනික සැලසුම් ප්‍රධානී ශිරෝමි අලි මෙනෙවිය, පූර්ව ඇණවුම් ලබාදුන් පාරිභෝගික විනෝජ් ගුණසේකරන් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි වර්ධන සහ මෙහෙයුම්, සමූහ ව්‍යාපාර මෙහෙයුම් අංශයේ උපාංග ව්‍යාපාර අංශ ප්‍රධානී, දේශාන් විජේවීර මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Apple සමාගම හා පවත්වාගෙන යන සහයෝගිතාව යටතේ, 5G ජාලය තුළ, eSIM සමඟින් භාවිත කිරීමේ හැකියාව සහිත නවතම Apple නිෂ්පාදන වන iPhone 18 Pro, iPhone 18 Pro Max සහ iPhone Duo, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හඳුන්වාදුන් බව සතුටින් දැනුම් දෙයි. දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් 5G කලාප 1,000කට අධික සංඛ්‍යාවක් පුරා විහිදෙන, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වේගවත් ව්‍යාප්තියක් සහිත ‘Dialog 5G Ultra’ ජාලය සමඟින් පහසුවෙන් එක්වීමේ හැකියාව ඇති මෙම iPhones මඟින්, නවතම iPhone අත්දැකීමට එක්වීමට මෙරට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන අතර, ඉකුත්දා iPhone Duo ශ්‍රී ලංකාවේදී එළිදැක්වුණේ එහි ජාත්‍යන්තර එළිදැක්වීමට සමගාමීව වීමද විශේෂත්වයකි. ඒ අනුව, ඩයලොග් පාරිභෝගිකයින්ටද, ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට මෙන්ම Apple සමාගමේ නවතම iPhone නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කළ සැණෙන් ප්‍රමාදයකින් තොරව ලබාගැනීමට දැන් අවස්ථාව හිමිව තිබේ.
iPhone 18 Pro දුරකතනය අඟල් 6.3ක තිරයකින් ද, iPhone 18 Pro Max දුරකතනය අඟල් 6.9ක තිරයකින් ද සමන්විත වන අතර, මෙම මාදිලි දෙකම 256GB සිට 2TB දක්වා වූ විවිධ storage ධාරිතාවන්ගෙන් පාරිභෝගිකයින්ට ලබාගත හැක.
Apple සමාගම විසින් ප්‍රථම වරට වෙළෙඳ පොළ වෙත නිකුත් කරන, පොතක් මෙන් නැමිය හැකි iPhone දුරකතනයක් වන iPhone Duo, මෙතෙක් iPhone සඳහා යොදාගත් විශාලතම Screen එකකින් සමන්විතය. දුරකතනයේ පැත්තෙහි ඇති Touch ID පහසුකම, Apple Pencil සහය සමඟ, Apps කිහිපයක්ම එකවර කිහිපයක් භාවිත කිරීමේ පහසුවද සහිත මෙම iPhone දුරකතනය ද, 256GB සිට 2TB දක්වා storage ධාරිතාවන්ගෙන් ලබාගත හැක. iPhone Duo ආකර්ෂණීය Night sky සහ Star white වර්ණවලින් යුතුව නිකුත් කර ඇති අතර, iPhone 18 Pro සහ 18 Pro Max පාරිභෝගික මන බඳින Deep Black, Silver, Glacier සහ Burgundy යන වර්ණ හතරකින් යුතුව නිකුත් කර තිබේ.
2026 ඔක්තෝබර් 23 වන දින පැවති එළිදැක්වීමට පෙර ඩයලොග් හරහා iPhone 18 Pro Series හෝ iPhone Duo දුරකතන සඳහා පූර්ව ඇණවුම් ලබාදී, එළිදැක්වීමෙන් දින තුනක් ඇතුළත මිලදීගෙන, 5G ජාලය තුළ භාවිත කළ පාරිභෝගිකයින්ට ඩයලොග් විසින් පිරිනැමෙන සුවිශේෂී වාසි රැසක්ද අත්විඳීමට හැකිවිණි. ඒ අනුව, iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකතන සමඟ AirPods 5, Apple 20W Charging Adapter එකක්, මාස හතරක් සඳහා 2TB ක ඩයලොග් Data ද ඔවුන්ට පිරිනැමුණු අතර, iPhone මිලදී ගැනීමේදී, ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකළ සුදුසුකම්ලත් ගෙවීම්වලට, දෙදෙනෙකු සඳහා රසවත් ආහාර වේලක් භුක්ති විඳීමට රෙස්ටුරන්ට් වවුචරයක් ද, වසරක සම්මත වගකීම් කාලයට අමතරව තවත් වසරක දීර්ඝ වගකීම් කාලයක්ද හිමි විණි. එපමණක් නොව, වසර දෙකක් ඇතුළත iPhone එකෙහි ඉදිරිපස තිරය සහ පිටුපස වීදුරුව දෙවරක් මාරු කරගැනීමේ පහසුකමද ඔවුන් වෙත ලබාදෙන ලදී. තමන් දැනට භාවිත කරන iphone දුරකතනයද ලබාදී, iPhone 18 Pro Series හෝ iPhone Duo මිලදී ගන්නා පාරිභෝගිකයින්ට, රු. 24,000ක වට්ටමක් හිමිවීමද විශේෂත්වයකි.
එළිදක්වන ලද, නවතම iPhone 18 Pro රු. 626,000 සිට මිල ගණන්වලට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට මිලදීගත හැකි අතර, iPhone 18 Pro Max රු. 676,000 සිට මිල ගණන්වලටත්, iPhone Duo රු. 1,037,000 න් ඇරඹෙන මිල ගණන් යටතේද, ඩයලොග් සේවා මධ්‍යස්ථාන හරහා දැන් මිලදී ගත හැක. එමෙන්ම, තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා මිලදී ගැනීමේදී, මාස 60ක් දක්වා වාරික ගෙවීමේ පහසුවද පාරිභෝගිකයින්ට ලබාදේ. මෙම නවතම iPhone නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර මෙන්ම, මිලදී ගැනීම් සම්බන්ධ තොරතුරු දැනගැනීමට, https://dialog.lk/shop/phones වෙත පිවිසෙන්න.
