Body

ඩයලොග් සමාගම ජාත්‍යන්තර පාරිභෝගික සේවා දිනය සමරයි

පාරිභෝගිකගින් හට ප්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු කරමින් පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සහ පාරිභෝගික විශ්වසනීයත්වය අගයනු ලබයි

October 07, 2021         Colombo

 

Happy Customer Experience Day

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ජාත්‍යන්තර පාරිභෝගික සේවා දිනයේදී සිය පාරිභෝගිකයන්, පාරිභෝගික අත්දැකීම් සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ කාර්යභාරයේ වැදගත්කම අගය කරමින් Online ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කිරීමට කටයුතු කරන ලදී.

පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ මතු දියුණුව සහ යහපැවත්ම වෙනුවෙන් කටයුතු කරන ලාභ නොලබන ජාත්‍යන්තර ආයතනයක් වන, පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ සංගමය (CXPA) විසින් ජාත්‍යන්තර පාරිභෝගික සේවා අත්දැකීම් දිනය නම් කර තිබේ. වාර්ෂිකව ඔක්තෝබර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේදී පාරිභෝගික දිනය සමරනු ලබන අතර, පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරයයන් තුළින් සිදුවන යහපත් බලපෑම ප්‍රවර්ධනය කරමින්, ඒ සම්බන්ධයෙන් සමස්ත සමාජයම දැනුවත් කරනු ලබයි. ඩයලොග් සමාගම තම සේවාව උදෙසා ඉමහත් කැපවීමෙන් කටයුතු කරන පාරිභෝගික සේවා වෘත්තීයවේදීන් අගයමින් හා පැසසුමට ලක් කරමින්, ඩයලොග් සමූහය තුළ ‘Thank You’ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීය. මෙහිදී ආයතනයේ කාර්යමණ්ඩලයට සිය සහෝදර සගයින් ඉටුකරන සේවාවන් වෙනුවෙන් ඔවුන්ව ඇගයීමට ලක් කිරීමට අවස්ථාව හිමිවිය.තවද එහිදී නිශ්චිත කාර්යභාරයක් පිළිබඳව අවධානයක් යොමු කරමින් කැපවීමෙන් කටයුතු කළ ‘හෘදයාංගම සේවාවේ’ (Service From Heart) ශූරයන් 200 කට අධික පිරිසක් ඇගයීමට ලක්වූහ. එපමණක් නොව සමාගම තුළ PUBG (PlayerUnknown's Battlegrounds Gaming) Gaming තරගාවලියක්ද පවත්වා ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කෙරිණි.

මීට අමතරව ඩයලොග් සමාගම සිය හිතවත් පාරිභෝගිකයන් අගයමින් Data දීමනා, Online ක්‍රියාකාරම්, Club Vision සාමාජිකයන් වෙනුවෙන්ම සුවිශේෂී දීමනා සහ ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලදී වටිනා ත්‍යාග ලබාදීමටද කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික සේවා නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා “ මිලියන 17 ක අපගේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකිවීම අප ඉමහත් ගෞරවයක් වශයෙන් සලකනු ලබනවා. අපගේ හිතවත් පාරිභෝගිකයන් සහ ඔවුන් තුළ අප කෙරෙහි ඇති විශ්වසනීයත්වය ඩයලොග් සන්නාමය සතු දැවැන්තම ශක්තියයි. මේ පාරිභෝගික දිනයේදී අපි අපේ වටිනා පාරිභෝගිකයන් වගේම දිවා රෑ නොතකා අපේ පාරිභෝගිකයන්ට ගුණාත්මක බවින් ඉහළ, සතුටුදායක අත්දැකීමක් ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන අපේ කාර්යමණ්ඩලයද බෙහෙවින් ඇගයීමට ලක් කරනවා. 'හෘදයාංගම සේවාවක්' සැපයීම වෙනුවෙන් අපගේ කාර්යමණ්ඩලය දක්වන උද්‍යෝගය හා අසීමිත කැපවීම අප සමාගම සතු අසමසම ගුණාංගයක් වශයෙන් සඳහන් කළ හැකි අතරම, එය ඩයලොග් හි සාර්ථකත්වය පසුපස පවතින රහස වශයෙන් සඳහන් කරන්න පුළුවන්.”