ඩයලොග් ආසිආටා, හලාවත දිස්ත්‍රික් මහ රෝහලට තිළිණ කළ ශල්‍යාගාරය සහ ප්‍රතිසංස්කරණ කළ එන්ඩෝස්කොපි ඒකකය ජනතා අයිතියට පත් කරයි
2026 ඔක්තෝබර් 07 කොළඹ
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නව ශල්‍යාගාරය විවෘත කරමින්, සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. වමේ සිට: ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන, ඩයලොග් ආසිආටා සමාගමේ අධ්යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්, එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික) ඩයලොග් ආසිආටා සමාගමේ සභාපති ඩේවිඩ් නායි පෙක් ලෞ, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණි විජේසිංහ, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ සහ හලාවත සෞඛ්‍ය සේවා කලාපීය අධ්යක්ෂ වෛද්‍ය පී. ඒ. ඩී. ඩී. එස්. පොන්වීර යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූහ.
එම උළෙලට සහභාගි වූ ආරාධිත අමුත්තන් විසින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද එන්ඩෝස්කොපි ඒකකය නිරීක්ෂණය කළ අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අති නවීන උපකරණවලින් සමන්විත ශල්‍යාගාරය ඉදි කිරීම සමඟින් එම රෝහලේ එන්ඩෝස්කොපි ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය ප්‍රතිසංස්කරණය කර සාර්ථකව ජනතා අයිතියට පත් කළ බව සතුටින් දැනුම් දෙයි. මෙලෙස අතිනවීන පහසුකම් සමඟින් රෝහලේ ශල්‍යකර්ම හා රෝග විනිශ්චය සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, එම රෝහල කරා පැමිණෙන හලාවත හා අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් පහසුවෙන්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පුළුල් කෙරේ.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ රට යළි ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ අරමුණෙන් රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපනික යටිතල පහසුකම් නැංවීම සඳහා ඩයලොග් ලබාදෙන දායකත්වයේ තවත් එක් පියවරක් ලෙසින්, මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිණි. ඉහත වැඩපිළිවෙළ අනුව, රොහල්වල අත්‍යවශ්‍ය පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පාසල්වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම මෙන්ම, රට ශක්තිමත් කරන ව්‍යාපෘති තුළින් රටේ අත්‍යවශ්‍ය අවශ්‍යතා ඉටුකිරීම උදෙසා තම දායකත්වය මෙලෙස ලබාදීමට ඩයලොග් කැප විණි.
මෙම අතිනවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාරය සහ ප්‍රතිසංස්කරණය කරන ලද එන්ඩෝස්කොපි ඒකකය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝබර් 07 වන දින සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන ලදී. එම අවස්ථාවට, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික, එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් නායි පෙක් ලෞ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන්ද, රජයේ නියෝජිතයින්, සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්, රෝහල් කළමනාකාරීත්වය, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස සඳහන් කළේය. "ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැංවීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ අපගේ සෞඛ්‍ය ආයතන අතර සහයෝගීතාව අත්‍යවශ්‍යයි. එවැනි සහයෝගිතාවයන් තුළින්, වඩාත් ප්‍රමුඛතාව දියයුතු ජාතික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සඳහා එම සියලු පාර්ශවවල හැකියාවන් එක්කර ගත හැකියි. එවැනි සහයෝගීතාවයක වටිනාකම මනාව පෙන්නුම් කරන මෙම ප්රයත්නයෙන්, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය හා රෝග විනිශ්චය සේවා ශක්තිමත් කිරීමටත්, එම ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවවන් ලබාගැනීමේ හැකියාව පුළුල් කිරීමටත් ඉඩකඩ සැලසෙනවා. ශ්‍රී ලංකාව පුරාම සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම උදෙසා රජය හා අඛණ්ඩව අත්වැල් බැඳගනිමින්, ඩයලොග් සමාගම ලබාදෙන සහයෝගය අපි ඉතා අගය කරනවා.”
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් නායි පෙක් ලෞ මහතා මෙලෙස අදහස් දැක්වීය. "ශ්‍රී ලංකාවේ විශාලතම, විදේශීය ආයෝජකයා සහ සංවර්ධනය උදෙසා දිගුකාලීනව අත්වැල් බැඳගත් ආයතන විදිහට, ආසිආටා සමුහයටත් සහ ඩයලොග් සමාගමටත්, ශ්‍රී ලාංකාව සහ මෙරට ජනතාව හා එක්ව, දියුණුව කරා ගමන්කිරීමේ වරම හිමි වී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන්, ජනතාවට වඩාත් ප්‍රයෝජනවත් වන පරිදි වැඩි දියුණු කිරීමට අප දරන අඛණ්ඩ කැපවීමේ පියවරක් විදිහට, හලාවත දිස්ත්‍රික් මහ රෝහලෙන් රෝගින්ට සහ ජනතාවට ලැබෙන සත්කාර සේවාවන් තවදුරටත් ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව සැලසීම අපට සතුටට කාරණයක්. මෙවැනි ප්රයත්නයන් හරහා, ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සහ ව්‍යාපාර සරුසාර කර, සවිබල ගන්වමින් ස්ථිරසාර යහපත් බලපෑමක් ඇති කිරීමට අපි අඛණ්ඩව කැපවෙනවා.”
හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා ලබාදුන් මෙම ආයෝජන දායකත්වය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඩයලොග් වෙතින් පිරිනැමෙන දීර්ඝ කාලීන දායකත්වයේ තවත් පියවරකි. COVID-19 වසංගත සමයේදී, මීගමුව මහ රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකක (ICU) ස්ථාපිත කිරීම මෙන්ම, PCR පරීක්ෂණ උපකරණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබාදෙමින් ඩයලොග්, එම වසංගතය මර්දනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සහය විය. එලෙස, අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් කරමින් රට පුරා ජනතාවට පහසුව සැලසීමේ අරමුණෙන්, ඩයලොග් මේ දක්වාම අඛණ්ඩව රජය හා අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි.
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සිදුකළ එම ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස සාර්ථකව අවසන් කිරීම, ඩයලොග් සමාගම රජය හා අත්වැල් බැඳ ගනිමින් ආපදාවලින් අනතුරුව රට යළි ගොඩනැගීම උදෙසා ගෙන යන සුවිශාල වැඩපිළිවෙලේ සාර්ථක සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. එම වැඩපිළිවෙල යටතේ, රටේ අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රතිසංස්කරණය කරන අතර, ජනතාව ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ප්රගමනය උදෙසා කටයුතු කිරීමට ඩයලොග්, රජය හා එක්ව සිටියි.