ඩයලොග් වාර්ෂික සම්මාන උළෙලේදී පාසල් රග්බි විශිෂ්ටත්වය ඇගයේ
2025 ජනවාරි 28 කොළඹ
සමස්ත රග්බි පාසල් ලීග් ශූරයින් සඳහා සම්මානය පිරිනමන ලද අවස්ථාව: (වමේ සිට) ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ උපාලි අමරතුංග මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති - සන්නාම සහ මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා, ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායමේ උප නායක රනිතු රිත්මාල්, සාන්ත පීතර විදුහලේ නායක දුලාජ් නවෝද්‍ය; ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ශාන්ත පීතර විද්‍යාලයේ උප නායක යුමෙත් ශිහාර, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් මනුජ නිම්මාන මහතා
ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ පත්වන්නට යෙදුණු '2024 ඩයලොග් පාසල් රග්බි සම්මාන' උළෙලේදී එම පළමු දෙවැනි සහ තෙැවනි කාණ්ඩවල ශූරයන්ට උපහාර පුදමින්, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම වෙනුවෙන්, දිවයින පුරාම රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා වන සිය කැපවීම විදහා දක්වන ලදී.
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා 90කට අධික කණ්ඩායම් සහභාගීත්වයක් ලැබුණු අතර එමගින් මෙම අපූර්ව ක්‍රීඩාවේ විචිත්රත්වය උද්දීපනය කරමින් කුසලතාවන් විදහාදක්වන ලදී. මෙම සම්මාන උළෙලේදී එකී පාසල්වල සුවිශේෂී ජයග්‍රහණ සහ ඒවායේ කැපීපෙනෙන ක්‍රීඩකයෝ ඇගයීමට පාත්‍ර වූහ.
පළමු කාණ්ඩයේ 'ඒ' කොටසේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර එහි අනුශූරතාව ඉසිපතන විද්‍යාලයට හිමි විය. එහි 'බී' කොටසේදී මහානාම විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය ජයග්‍රාහකයන් බවට පත්විය. ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය විසින් පළමු කාණ්ඩයේ 'සී' කොටසේ ශූරතා දිනාගන්නා ලදී.
දෙවැනි කාණ්ඩයේ 'ඒ' කොටසේදී තල්දූව බෞද්ධ විද්‍යාලය සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලය ශූරතා ලෙස සම්මානයට ලක්විය. තුන්වැනි කාණ්ඩයේ 1 සිට 7දක්වා කොටස්වලදී, ඔරුබැඳිවැව විද්‍යාලය, මදීනා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, ගිරාඳුරුකෝට්ටේ ජාතික පාසල සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලය ඔවුන් ඇතුළත් අදාළ කාණ්ඩවල ශූරයන් ලෙසින් ගෞරවයට පාත්‍ර වුණි.
ඩයලොග් සමාගම, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සමගින් වන සිය එකතුව මගින් ශ්‍රී ලංකාව පුරා පාසල් රග්බි ක්‍රීඩාව පෝෂණය කිරීමට සහ නංවාලීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටියි. එම සමාගමේ නොසැලෙන කැපවීම මගින් යොවුන් ක්‍රීඩකයන් හට සිය හැකියාවන් පිළිබඳ බලාපොරොත්තු නංවාගැනීමට සහ එම හැකියාව අවබෝධකරගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙම ඩයලොග් රග්බි සම්මාන උළෙළ, මෙරට පිරිපුන් රග්බි සංස්කෘතිය ආලෝකමත් කරන්නක් වන අතර, සමාගමේ තිර සහයෝගය සහ යොවුන් ක්‍රීඩකයන්ගේ අපූර්ව ක්‍රීඩා ජීවගුණය සමග මෙරට සුදිලෙන රග්බි අනාගතයක් සපථ කෙරෙනු ඇත.