ඩයලොග් සවිය සමගින් ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම මධ්‍යම ආසියානු ශූරතාව සඳහා පකිස්තානය බලා පිටත් වෙයි
2026 ජූලි 17 කොළඹ
වමේ සිට - ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායක, දීප්ති රොමේෂ්, පුහුණුකරු, මොරිස් චාමින්ද, සහය පුහුණුකරු කාලික වසන්තප්‍රිය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, සංජීව මැදවත්ත, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඒ අච්චුදන්, කණ්ඩායම් කළමනාකරු, ජෙනරාල් ඩබ්. එම්. එන්. කේ. ඩී. බණ්ඩාර, ප්‍රධාන පුහුණුකරු, පෙට්‍රොස් පෙට්‍රොග්ලූ, සහ සහය පුහුණුකරු එම්. එස්. එම් කුමාර යන මහත්වරුන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව සමඟ වසර දශක දෙකකට අධික කාලයක් පුරා අත්වැල් බැඳගෙන සිටින, මෙරට ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා සහ අංක එකේ සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. විසින් බලගන්වනු ලබන ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම, මධ්‍යම ආසියානු කලාපීය වොලිබෝල් අභියෝගය ජයගැනීමේ අරමුණ පෙරදැරිව ඉකුත්19 වැනිදා අලුයම දිවයිනෙන් බැහැරවීණි.
ලබන 22 වැනිදා සිට 29 වැනිදා දක්වා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත මෙම '2026 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාව' සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් තරගවැදීමට සූදානමින් සිටියි.
මේ සඳහා තරග වදිනු ලබන දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් සහ අයේෂ දිල්හාන්ගේ උපනායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සමාරම්භක දිනය වූ ජුලි 22 වැනිදා ප්‍රභල කසකස්තානය සමගින්ද, ජුලි 23 වැනිදා සත්කාරක පකිස්තානය සමගින්ද, 24 වැනිදා නේපාලය සමගින්ද 26 වැනිදා ඇෆ්ගනිස්තානය සමගින්ද සහ 27 වැනිදා3 බංගලිදේශය සමගින්ද මූලික වටය යටතේ තරග වැදීමට නියමිතය.
ඩයලොග් හී ක්‍රීඩාව වෙනුවෙන් වන කැපවීම වොලිබෝල් ක්‍රීඩාවට අමතරව බොහෝ දුරක් දක්වා විහිදෙන්නකි. ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.