පාසල් සිසුන්ගේ ආරක්ෂාව සඳහා ඩයලොග් සුරක්ෂා වෙතින් පාසල් වෑන් රථ Track කිරීමේ සේවාව හඳුන්වා දෙයි
2025 මැයි 08 Colombo

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පාසල් සිසුන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන්, අති නවීන විසඳුමක් ලෙසින් ඩයලොග් සුරක්ෂා පාසල් වෑන් රථ Track කිරීමේ සේවාව (Dialog Suraksha School Van Location Tracker) හඳුන්වාදෙනු ලබයි. පාසල් වෑන්රථ භාවිත කරන සිසුන්ගේ දෙමාපියන් හා පාසල් වෑන් රථ රියදුරන් අතර අඛණ්ඩ සන්නිවේදන සම්බන්ධතාවයක් පවත්වා ගැනීමත්, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම වඩාත් කාර්යක්ෂම අයුරින් සිදු කිරීමත් මෙයින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, සිය දූදරුවන් ආරක්ෂිතව ගමනාන්තය කරා ළඟාවන බවට මේ ඔස්සේ දැනගත හැක. නවතම තාක්ෂණය උපයෝගි කරගනිමින් ශ්‍රී ලාංකික ජීවිත ඉහළ නැංවීමට ඩයලොග් හි අඛණ්ඩ කැපවීමෙහි තවත් එක පියවරක් ලෙස මෙය සනිටුහන් වෙයි.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම දෙමව්පියන්ට ලබාදී ඇති ඩයලොග් සුරක්ෂා වැඩසටහන යටතේ හඳුන්වා දෙන ඩයලොග් සුරක්ෂා පාසල් වෑන් රථ Track කිරීමේ සේවාව, The South Asian Technologies Pvt Ltd හා සම්පූර්ණ අනුබද්ධ සමාගමක් වන The Connection Workshop හි නිර්මාණයකි.
සමීක්ෂණයක් ඔස්සේ අනාවරණය වූයේ මෙරට දෙමව්පියන්ගෙන් 98% කට තම දරුවන්ගේ පාසල් ගමනාගමනය පිළිබඳ කිසිදු විස්තරයක් දැනගැනීමට හැකියාවක් නොමැති බවයි. මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඩයලොග්, The Connection Workshop සමඟ අත්වැල් බැඳගෙන සුරක්ෂා පාසල් වෑන් රථ Track කිරීමේ මෙම සේවාව (Suraksha School Van Location Tracker)දියත් කරන ලදී. ලාබදායී මිලකට ලබාගත හැකි සහ පරිශීලක-හිතකාමී මෙම විසඳුම තුළින් දරුවන් ගමන්ගන්නා පාසල් වෑන් සජීවීව නිරීක්ෂණය කිරීමට හැකි වන අතර, ගමනාන්තයේදී notifications හා SMS මගින් දැනුම්දීමද ඒ හරහා සිදුකෙරේ. එමෙන්ම, TeDi fleet app එක මගින් දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට, එකවර දෙදෙනෙකුට App එක භාවිත කිරීමද සිදුකළ හැක. මේ සියල්ලම සඳහා, මාස 3 කටම වැයවන්නේ, රුපියල් 590 + බදු මුදලක් පමණි.
ඒ අනුව පාසල් වෑන් රථ හිමිකරුවන්ට, මෙම සේවාව ඔස්සේ දෙමව්පියන්ට අස්වැසිල්ලක් ලබාදීමට අවස්ථාව උදාවේ. සිසුන්ගේ දෛනික පාසල් ප්‍රවාහන සේවාවන්, වඩාත් විනිවිදභාවයකින් යුතුව හා ආරක්ෂිතව සිදුකරන බවට දෙමව්පියන්ට සහතික කරමින් ප්‍රවාහන කටයුතු වඩාත් විධිමත් අන්දමින් සිදුකරගැනීමටද හැකියාව ඇත.
Tracking උපාංගය වෙනුවෙන් රුපියල් 18,990 ක මූලික ආයෝජනයකින් අනතුරුව, App එක සඳහා වාර්ෂිකව රු. 1,910 + බදු මුදලක් පමණක් ගෙවිය යුතු වේ.
4G/GPS සන්නිවේදනය සහිතව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) විසින් අනුමත කළ මෙම Tracking උපාංගය සහ සුරක්ෂා පාසල් වෑන් රථ Track කිරීමේ සේවාව සරලව ස්ථාපනය කළ හැකිවීමත්, පහසුවෙන් භාවිතා කළ හැකි බවත් නිසා, පාසල් සිසුන්ට, ප්‍රවාහන වෑන් හිමියන්ට සහ දෙමාපියන්ට මෙය විශිෂ්ට විසඳුමක් බවට පත්වෙයි.
Dialog විසින් හඳුන්වාදෙන, ඩයලොග් සුරක්ෂා පාසල් වෑන් රථ Track කිරීමේ සේවාව ඔස්සේ ඔවුන්ගේ නවීන තාක්ෂණික විසඳුම්වලින් දිවිය වඩා පහසු කිරීමේ හැකියාව තවදුරටත් පෙන්වා දෙන අතර, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා Dialog හි කැපවීම තව දුරටත් තහවුරු වේ.
ඩයලොග් සුරක්ෂා පාසල් වෑන් රථ Tracking උපාංගය මිලදී ගැනීමට තෝරාගත් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන්න.