Karuna.lk, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහය වෙයි
karuna.lk හරහා දායකවීමට ජනතාවට ඇරයුම්!
2025 ජූනි 26 කොළඹ

ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමක් සහිත ඓතිහාසික පුදබිමක් වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වීමට ශ්‍රී ලාංකේය ජනතාවට ආරාධනා කෙරේ. සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අඩවිය වන, karuna.lk හරහා මෙම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජනතාවට දායකවීමට දැන් අවස්ථාව තිබේ. ඩයලොග් පදනම විසින් දියත් කරන ලද Karuna.lk, මෙබඳු අර්ථාන්විත ප්‍රජා කටයුතුවලට මහජනතාවගේ දායකත්වය ලබාදීම වෙනුවෙන්ම පවත්වාගෙන යන විශ්වාසනීය මුල්‍යාධාර වෙබ් අඩවියකි.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුදබිමේ පෞරාණික ස්තූපය ඇතුළුව අනෙකුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ අරමුණ පෙරදැරිව, මහජනතාවගේ මුල්‍ය දායකත්වය ලබාගන්නා මෙම පුණ්‍ය කටයුත්ත, මෙම පෞරාණික පුදබිම සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කෙරෙන බව සහතික වන සහතිකයකි. ඒ හරහා මෙරට ආගමික හා සංස්කෘතික උරුමය සුරකින වැදගත්ම ස්ථානයක් ආරක්ෂා කරගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වී තිබේ.
ඉකුත් වසර ගණනාව පුරාම, ඩයලොග් දායකත්වයෙන් බොහෝ පෞරාණික සිද්ධස්ථාන සංරක්ෂණය කර රටට දායාද කෙරිණි. විශේෂයෙන්ම, 2018 වසරේදී, දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුදබිමේ අඩි 50ක උසින් යුත් වාහල්කඩ සහ එහි පැති බැම්ම ඉදිකෙරුණේද, ඩයලොග් හි මුල්‍ය පරිත්‍යාගයෙනි. බෞද්ධ උරුමය සුරක්ෂිතව අනාගතයට දායාද කිරීමේ කැපවීමට අඛණ්ඩව උර දෙන ඩයලොග්, දැන් karuna.lk හරහා මහජන පරිත්‍යාග සඳහා සහය දක්වයි.
ශ්‍රී ලාංකාවාසී ජනතාවට karuna.lk වෙබ් අඩවියට පිවිස, තම මුල්‍ය පරිත්‍යාග සිදුකරන ලෙසට දිරිමත් කෙරේ. එමෙන්ම, දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුදබිම පරිශ්‍රයේ ඇති QR එක Scan කිරීමෙන්ද, එම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජනතාවගේ නොමසුරු පරිත්‍යාග පහසුවෙන්ම ලබාදිය හැකිය. එමෙන්ම, Dialog දුරකතනය භාවිතා කර SMS මගින් දායක වීමට, DFM <හිස්තැනක්> දායකත්ව මුදල ටයිප් කර 366 ට SMS යැවිය හැක.
වැඩි විස්තර දැන ගැනීමට හා මුල්‍ය පරිත්‍යාග සිදුකිරීමට, karuna.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.