හුවමාරු මිල


Dialog සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළඳපලේ විකුණනු ලැබේ.

සංකේතය: DIAL

Newswire codes :

Bloomberg : DIAL.SL

Dow Jones : DIAL.SL

Reuters : DIAL.CM

හුවමාරු ඉතිහාසය

Dialog Axiata PLC පුද්ගලික සමාගමේ (පෙරදී Dialog Telekom ලෙස හැඳින් වූ) සාමාන්‍ය කොටස් මේ වන විට කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කොට තිබේ. ඩයලොග් සමාගම ආරම්භක දිනයේ එක් පැයක් ඇතුළත අධිදායකත්වයක් වූ රුපියල් මිලියන 8,548.04ක් ඉහළ නැගි 712,336,293ක් කොටස් මහජනයාට මූලිකව ඉදිරිපත් කිරීම (IPO) තුළින් පිරිනමනු ලැබීය. එය බිලියන 8.5ක් දක්වා අගයක් කරා ගිය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම මහජනයාට මූලිකව ඉදිරිපත් කිරිම විය. කොටස් 6.5 වතාවක් අධිදායකත්වයක් ගනු ලැබිණි.

මෙම මහජනයාට මූලිකව ඉදිරිපත් කිරීම තුළ ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපලේ කඩඉම් කිහිපයක් හා කාර්යපල වාර්තාවන් කිහිපයක් සනිටුහන් කළේය. මෙම ඩයලොග් මහජනයාට මූලිකව කොටස් ඉදිරිපත් කිරීම තවද නිකුත් කිරීම අවසන් කරන දා සිට වෙළඳාම ආරම්භ කරන දිනට හුදු වෙළඳපල දින 14ක් තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපලෙහි වේගවත්ව පැවතීම මගින්ද නව සංධිස්ථානයක් සළකුණු කළේය.

ස්ථාපිත කරන ලද කඩඉම් අතර:

 

 

  • බිලියන 8.5ක් දක්වා අගයක් කරා ගිය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම මහජනයාට මූලිකව ඉදිරිපත් කිරීම.

  • රුපියල් බිලියන 56.2ක ඉහළතම මට්ටමක දායකත්ව මට්ටමක් ලැබීම.

  • මහජනයාට මූලිකව ඉදිරිපත් කිරිමකදී විදේශීය දායකත්වය රුපියල් බිලියන 40ක ඉහළතම මට්ටම.

  • ඇමරිකානු ඩොලර් බිලියන 1ක වෙළඳපල ප්‍රාග්ධනයක් හිමි කර ගත් එකම ලැයිස්තු ගත සමාගම වීම.

  • 2005 ජුලී 28 වන දිනට 13, 254ක් වන විශාලතම විකුණුම් සංඛ්‍යාව

2007 ජුනී 13 වන දින අවසන් කරන ලද මහජනයාට මූලිකව කොටස් ඉදිරිපත් කිරීමෙහි ඩයලොග් හිමිකම් නිකුත් කිරීමේ ලියවිල්ල ඩවුන්ලෝඩ් කිරීමට මෙතන ක්ලික් කරන්න.

රුපියල් බිලියන 15.5ක් සමාගම කෙරේ ඉහළ නංවමින් 100% ඉක්මවා යාමෙන් සාර්ථකව දායකත්වය ලද එමගින් ශ්‍රී ලාංකීය ප්‍රාග්ධන වෙළඳපලේ සාක්ෂාත් කළ හැකිවූ මෙතෙක් සිදු වූ විශාලතම සමානාත්මකතා ඉහළ යාම හේතුවෙන් අවධානය දිනා ගැනීම.

රටට පැමිණි විශාලතම විදේශ ආයෝජන ගලා ඒම නියෝජනය කරමින් පිටතින් එන විදේශ විනිමය ප්‍රේෂණයන් සඳහා හිමිකම් නිකුත් කිරීම ඇමරිකානු ඩොලර් මිලියන 130ක් ඉක්මවා යාම.