Per Day Insurance - හදිසි අනතුරු ආවරණය (PA 2013)


2013 ජනවාරි 21 සිට 2016 මැයි 18 දක්වා ලියාපදිංචිවූ පාරිභෝගිකයන් සඳහා පමණි.

රු.1 යි ශත 33 ක අවම දෛනික වාරිකයකට ඔබේ ජංගම දුරකතනය ඔස්සේ පහසුවෙන් සක්රීය කරගත හැකි, හදිසි අනතුරු රක්ෂණාවරණයක් ඔබට ඉදිරිපත්කිරීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. ආබාධිතවීමකදී හෝ ජීවිතය මරණයෙන් කෙලවර වන අවස්ථාවකදී මෙම හදිසි අනතුරු රක්ෂණාවරණයෙන් ඊට අදාළ ප්රතිලාභ හිමිවන අතර, අත්යවශ්ය මොහොතකදී ප්රතිලාභියාගේ පිහිටට හේතුවන මෙමඟින් රක්ෂණ හිමියා ඉතා දරුණු අනතුරකට මුහුණදීමෙන් හෝ එම තැනැත්තාගේ / තැනැත්තිය මරණයට පත්වීමෙන් පවුලේ අයට දැරීමට සිදුවන වියදම් පියවාගැනීමට සහාය වෙයි. අපගේ පෙරගෙවුම් රක්ෂණ පැකේජයෙන් මාසිකව රුපියල් මිලියන 1.2 ක් දක්වා රක්ෂණාවරණයක් සැලසෙන අතර, ඒ වෙනුවෙන් රු.1 යි ශත 33 ක වාරිකයක් දෛනිකව අඩුකර ගැනේ. ඔබට ඇත්තේ පසුගෙවුම් සම්බන්ධතාවයක් නම් මාසිකව රුපියල් මිලියන 5 ක් දක්වා ආවරණයක් ඉන් ඔබට සැලසෙන අතර, ඔබ තෝරාගන්නා පැකේජය අනුව ඊට නියමිත වාරිකය අඩුකරගැනීම තීරණය වේ. එය ඔබේ මාසික බිල්පතට එකතුවන බවද මෙහිදී සිහිපත් කල යුතුය.

මිල නියම කිරීම

 

දෛනිකව ගෙවිය යුතු වාරිකය

ඊළඟ මාසය සඳහා රක්ෂණාවරණය

පෙරගෙවුම්

රු. 1.33

රු. 1,200,000.00

 

මාසයක් සඳහා ගෙවිය යුතු වාරිකය

ඊළඟ මාසය සඳහා රක්ෂණාවරණය

පසුගෙවුම්

රු. 40

රු. 1,200,000.00

රු. 80

රු. 2,200,000.00

රු. 250

රු. 5,000,000.00

රක්ෂණය සඳහා ප්රතිලාභ හිමිවන ආකාරය

මරණය හෝ ආබාධිතබවේ ස්වභාවය

රක්ෂණ ප්රතිලාභයේ උපරිම ගෙවීම %

හදිසි මරණය

100% (උදාහරණයක් ලෙස ශ්රී ලංකා රුපියල්වලින් මිලියන 1.2 ක උපරිම වන්දි ප්රතිලාභයක් මේ යටතේ හිමිවේ.)

දෙඅත් සහ දෙපා දෙකම අහිමිවීමකදී

100%

දෙඅත් හෝ මහපට ඇඟිලි ඇතුළුව ඇඟිලි සියල්ල අහිමිවීම

100%

පූර්ණ වශයෙන් අංශභාග තත්ත්වයට පත්වීම

100%

පූර්ණ උමතුභාවය

100%

පූර්ණ ආබාධිත තත්ත්වයට හේතුවන තුවාල සිදුවීම

100%

පූර්ණ ආබාධිත තත්ත්වයට හේතුවන වෙනත් තුවාල සිදුවීම

100%

පූර්ණ අන්ධභාවය

100%

උරහිසෙන් පහල අත අහිමිවීම

50%

උරහිස සහ වැලමිට අතර කොටසින් අත අහිමිවීම

50%

වැලමිට සහ මැණික් කටුව අතර කොටසින් අත අහිමිවීම

50%

වැලමිට කොටසෙන් අත අහිමිවීම

50%

පාදයක් අහිමිවීම - උකුලෙන් පහල

50%

පාදයක් අහිමිවීම - උකුල සහ දණහිස අතර

50%

පාදයක් අහිමිවීම - දණහිසෙන් පහල

50%

එක් ඇසක පූර්ණ අන්ධභාවය

50%

එක් අතක මහපට ඇඟිල්ල සහ ඇඟිලි හතරක් අහිමිවීම

50%

කථන හැකියාව සම්පූර්ණයෙන් අහිමිවීම

50%

සටහන්

රක්ෂණ සහකරු: - සෙලින්කෝ රක්ෂණ සමාගම

අදාළ බදු එකතු වේ.

  • රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වන අවස්ථාවේදී වයස අවුරුදු 18 ත් 69 ත් අතර පුද්ගලයන්ට මේ සඳහා ඉල්ලුම් කල හැකිය.

  • ලියාපදිංචි පාරිභෝගිකයෙකුට වයස අවුරුදු 70 දක්වා හිමිකම් ප්රකාශ කල හැකිය. මෙම වයස් සීමාවට පැමිණි කල සේවාව ස්වයංක්රීයව අක්රීය වේ.

  • මෙම මොබයිල් සම්බන්ධතාවය භාවිත කරන පුද්ගලයා වෙනුවෙන් රක්ෂණ ආවරණය සක්‍රිය කළ හැක.

  • පාරිභෝගිකයා විසින් ලියාපදිංචියේදී රක්ෂණයට අදාළව ලබාදුන් තොරතුරු හිමිකම් පෑමේ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගනු ලැබේ.

නියම සහ කොන්දේසි - [PDF]

හිමිකම් සඳහා ඉල්ලුම් කිරීමේ අයැදුම්පත - [PDF]