බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් සේවාව


මෙම සේවාව මගින් දැන් ඔබට SMS පණිවිඩ මගින් හෝ (බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් SMS ) IVR සේවාව (බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් IVR ) ඔස්සේ British Council ඉංග්‍රීසි පාඩම් ඉගෙන ගැනීමේ හැකියාව ඇත.

ඔබට බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් සේවාවට ලියාපදිංචිවී SMS මගින් එම සේවාව ලබාගත හැකි අතර මෙහිදී ඔබට යොමු කරනු ලබන ප්රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදිය යුතුයි. ඔබේ ඉංග්‍රීසි දැනුමේ වත්මන් මට්ටම සහ ඔබ ලබාදෙන නිවැරදි පිළිතුරු අනුව ඔබට අවශ්ය දැනුම තවදුරටත් ලබාදීම වෙනුවෙන් ස්වයංක්රියව ඔබව තවත් ඉහළ මට්ටමකට ගෙන යනු ඇත.

අදියර තුනක් යටතේ ඔබට මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැක: මූලික (Elementary), අතරමැදි (Intermediate) සහ උසස් (Advanced).


British Council ඉංග්‍රීසි පාඩම් සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් SMS සේවාව - REG[හිස්තැනක්]BCE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න (මූලික අදියර සඳහා එය ස්වයංක්‍රියව select වී තිබේ).

බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් IVR සේවාව - 555 ඩයල් කරන්න

British Council ඉංග්‍රීසි පාඩම් සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් SMS සේවාව - UNREG[හිස්තැනක්]BCE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න.

බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් IVR සේවාව - 555 ඩයල් කරන්න

ගාස්තු

ලියාපදිංචිය: ලියාපදිංචි ගාස්තුවක් නැත

වාරිකය:

SMS සේවාව සඳහා දිනකට රු. 2.40 ක් සහ බදු අය වේ

IVR සේවාව සඳහා මාසයකට රු. 36/-ක් සහ බදු නැතිනම් මිනිත්තුවකට රු. 6/-ක් සහ බදු අය වේ (තෝරාගත් ගාස්තු ක්‍රමය අනුව)

බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් SMS පාඩම් මාලාව භාවිතා කරන්නේ කෙසේද?

ඔබට ගැලපෙන අදියර තේරීම මගින් මෙම සේවාවට ලියාපදිංචි විය හැක

  • මූලික.
  • අතරමැදි.
  • උසස්.

මෙම සේවාව පහසු ක්රියාකාරකම් 3 කින් සමන්විත වේ;

  • Push SMS: ඉගෙනීම සඳහා ඉඟි, සිත්ගන්නා සුළු තොරතුරු, වචන පිළිවෙලට ගොනු කිරීම, ප්‍රස්ථාව පිරුළු, ප්‍රකාශන සහ වචන මාලා සහිත පොදු ඉංග්‍රීසි පණිවිඩ.
  • Pull SMS: නොගැලපෙන දේ ඉවත් කර හිස්තැන් පිරවිය හැකි විවිධ ආකාරයේ ප්‍රශ්න. සේවාව සඳහා ලියාපදිංචිවූවන්ට ඔවුන් කැමති ප්‍රශ්නයට reply කළ හැක.
  • ඉංග්‍රීසියෙන් සංවාද කිරීම: සේවාව සඳහා ලියාපදිංචිවූ අයගේ භාෂා දැනුම අනුව ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් සමඟ පණිවිඩ 5 ක් යොමු කිරීම. මෙම කාණ්ඩය අදාළ වන්නේ මූලික අදියරේ අය සඳහා පමණි.
ඔබට SMS ලැබෙන ආකාරය පිළිබද විස්තර;

පහත සඳහන් SMS පොර්ට් මගින් ඔබට පණිවිඩ ලැබෙනු ඇත

  • BC English: ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ගන්න දිනපතා ඉඟි
  • 7447: ඔබ ලියාපදිංචිවූ අදියරට අදාළව පැවරුම් ලබාගන්න.

සේවාව භාවිතා කිරීමේදී අවශ්ය වන SMS විධාන සහ ඒවා යැවිය යුතු SMS පොර්ට් අංක පහතින් දක්වා ඇත

සිදුකර ගැනීමට අවශ්ය කාර්ය යැවිය යුතු SMS විධානය යැවිය යුතු SMS පොර්ට් එක
ලියාපදිංචිය (ඉංග්‍රීසි භාෂාවේ මූලික අදියර සඳහා ස්වයංක්‍රියව සකස් වී ඇත BCE 678
ලියාපදිංචිවීම හෝ මූලික අදියරට මාරුවීම BCE[හිස්තැනක්]ELE 7447
ලියාපදිංචිවීම හෝ අතරමැදි අදියරට මාරුවීම BCE[හිස්තැනක්]INT 7447
ලියාපදිංචිවීම හෝ උසස් අදියරට මාරුවීම BCE[හිස්තැනක්]ADV 7447
සිංහල භාෂාවට මාරුවීම BCE[හිස්තැනක්]SIN 7447
දෙමළ භාෂාවට මාරුවීම BCE[හිස්තැනක්]TAM 7447
Pull ප්රශ්න සදහා පිළිතුරැ ලබාදීමට BCE[හිස්තැනක්]A or
BCE[හිස්තැනක්]B or
BCE[හිස්තැනක්]C
7447
ඉංග්‍රීසි සංවාද සේවාව BCE[හිස්තැනක්]Answer 7447
සහාය BCE[හිස්තැනක්]HELP 7447
ඉංග්‍රීසි භාෂාවෙන් සහාය BCE[හිස්තැනක්]E 7447
සිංහල භාෂාවෙන් සහාය BCE[හිස්තැනක්]S 7447
දෙමළ භාෂාවෙන් සහාය BCE[හිස්තැනක්]T 7447
ලියාපදිංචිය ඉවත් කරගැනීම OFF[හිස්තැනක්]BCE 678
බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් IVR පාඩම් මාලාව භාවිතා කරන්නේ කෙසේද?

British council English IVR සේවාව හා ලියාපදිංචිවී ඔබේ Dialog ජංගම දුරකතනයට දිනපතා ඉංග්‍රීසි පාඩම් ලබාගන්න.

555 ඩයල් කර IVR එක හරහා ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න