නිවේදන
2026 නොවැම්බර් 13
Dear Valued Customer,
Due to the ongoing global Microsoft 365
service disruption, there may be delays in
responding to inquiries sent to our customer
support email addresses.
For immediate assistance, you may reach us through DIA, our AI-powered assistant, available on WhatsApp (0777 678 678) and the MyDialog App, or contact our customer support hotline on 1777.
We sincerely apologise for any inconvenience caused and appreciate your patience and understanding.
2026 සැප්තැම්බර් 21
හිතවත් පාරිභෝගිකය,
2026 සැප්තැම්බර් 21 සිට 30 දක්වා කාල සිමාව
තුළ ඇතිවන, සූර්ය චන්ද්‍රිකා බාධාව (satellite
sun interference) නම් ස්වභාවික තත්ත්වය
හේතුවෙන් චන්ද්‍රිකා සංඥා ලබා ගැනීමේදී
තාවකාලික බාධා ඇති විය හැක.
ඒ හේතුවෙන්, මෙම කාලසීමාව තුළ Dialog Television පාරිභෝගිකයින් හට, රූපවාහිනිය නැරඹීමේදී මිනිත්තු 10 ක් දක්වා කාලසීමාවක් තුළ, වීඩියෝව චලනයෙන් තොරවීම (freezing), රූප අපැහැදිලි වීම (pixilation) තිරය කළුවීම හෝ "No Signal" යනුවෙන් පණිවිඩයක් තිරයේ දිස්වීම ආදී තාවකාලික බාධා මතුවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින්, ඔබේ වීඩියෝ හා ශ්‍රව්‍ය අත්දැකීම ඇණ හිටිනු ඇත.
මෙම බාධා තාවකාලික වන අතර, එම කාල සීමාවෙන් පසුව, සූර්ය චන්ද්‍රිකා බාධා (satellite sun interference) තත්ත්වය පහව යාමෙන් අනතුරුව, චන්ද්‍රිකා සංඥා යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අප මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, අපගේ සේවාවන්ට වන බලපෑම අවම කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිමු.
මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටු පළ කරන අතර ඔබ ලබාදෙන සහයෝගය අපි ඉතා අගය කරමු.
2026 අගෝස්තු 31
Karuna.lk හි මෙහෙයුම් කටයුතු නිමා කිරීම සම්බන්ධවයි
ශ්‍රී ලංකාවේ සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ප්‍රථම මූල්‍යාධාර වෙබ් අඩවිය වන Karuna.lk හි මෙහෙයුම් කටයුතු 2026 අගෝස්තු 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට Dialog Foundation හි භාරකාර මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව, මෙම වෙබ් අඩවිය ඔස්සේ, නව ව්‍යාපෘති ලියාපදිංචි කිරීම හෝ පවතින ව්‍යාපෘති සඳහා පරිත්‍යාග ලබාගැනීම ඉහත දිනයෙන් පසු සිදුනොකෙරේ.
වසර ගණනාවක් පුරා Karuna.lk සමඟ එක්ව, අර්ථවත් සමාජ සුබසාධන වැඩසටහන් රැසක් වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ සියලුම පරිත්‍යාගශීලීන්ට, ව්‍යාපෘති සංවිධායකයින්ට සහ සියලුම හවුල්කාර පාර්ශවයන්ට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනමන්නෙමු.
මෙම මෙහෙයුම් කටයුතු නිමා කිරීමේ ක්‍රියාවලියේදී, අදාළ දිනට පෙර ලැබුණු පරිත්‍යාග සහ පවතින ව්‍යාපෘතින්ට අදාළ කටයුතු, විධිමත්ව හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටින්නෙමු.
2026 ජූලි 01
නිවේදනයයි
හිතවත් පාරිභෝගිකය, 2026 මාර්තු 27 වැනි දින
නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර අංක
2481/22 මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
විසින් යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශවලට
අනුකූලව, 2026 ජූලි 1 වැනිදා සිට නව බිල්පත්
ආකෘතියක් හඳුන්වා දීමට Dialog සමාගම විසින්
කටයුතු යොදා තිබේ.