Body

ඩයලොග් ආසිආටා සහ Access සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛභාෂා AR සහ 3D ඉගෙනුම් යෙදුම (App) වන Hologo එළිදක්වයි

19 අප්‍රේල් 2020         කොළඹ

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සහ Access Holdings පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛභාෂා AR සහ 3D ඉගෙනුම් යෙදුම (App) වන Hologo එළිදක්වන ලදී. 2020 මැයි 15 දක්වා ඩයලොග් පාරිභෝගිකයන්ට ඩේටා සහ අන්තර්ගතයන් සඳහා කිසිඳු ගාස්තුවකින් තොරව මෙම යෙදුම (App) භාවිත කල හැක. මෙම නවීන අධ්‍යාපන මාධ්‍ය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට අනුපූරක විසඳුමක් වන අතර භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ට කැමති පරිදි සකස් කරගත හැකි පරිපූර්ණ ඉගෙනුම් පද්ධතියකින් සමන්විත ප්‍රථම සහ එකම අධ්‍යාපන මාධ්‍යයයි. ආකර්ෂණීය හා අන්තර්ක්‍රියාකාරී අංග හරහා පරිපූර්ණ විෂය මාලාවක් සපයමින් ගුරුවරුන් සහ සිසුන්ගේ අධ්‍යන අත්දැකීම සම්පූර්ණයෙන් වෙනසකට ලක්කිරීම මේ හරහා සිදුවේ.

3D සහ Augmented Reality සහිත අධ්‍යාපන අත්දැකීම්වලින් හා නව තත්වයන්ට ගැලපෙන පරිදි සකස්වූ අන්තර්ගතයන්ගෙන් නිරන්තරයෙන් මෙම Hologo යෙදුම (App) යාවත්කාලීන වන අතර, එමගින් ලැබෙන අත්දැකීම් ආකර්ෂණීයබවින් සහ අන්තර්ක්‍රියාකාරීත්වයෙන් ඉහළයි. ගුරුවරුන්ට, සිසුන්ට සහ ඉගෙනීමට ආශා කරන සැම වෙනුවෙන් නවතම ඉගෙනුම් මෙවලමක් ලෙස මෙය නිර්මාණය කර ඇත. ඩිජිටල් විප්ලවය සමඟ මෙරට අධ්‍යාපන පද්ධතිය සැලකිය යුතු මට්ටමෙන් විශාල වෙනසකට ලක් නොවූවද, සිසුන්ට සහ ගුරුවරුන්ට දැරිය හැකි, වැඩි දියුණු කළ තාක්ෂණයකින් යුතු අධ්‍යාපන ක්‍රමවේදයක් ලබාදෙමින් ගුරුවරුන් කේන්ද්‍රීය කරගත් අධ්‍යාපන ක්‍රමයක් සඳහා ඔවුන්ව අභිප්‍රේරණය කරමින් දිරිගැන්වීම Hologo සේවාවේ අරමුණයි. විනෝදයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට කැමති සිසුන්ට අසමසම අත්දැකීමක් ලබාදීම සඳහා, අනර්ඝ නිමැවුමකින් සමන්විත ක්‍රීඩාකාරී අංග (gamification elements) සහ යහපත් තරගාකාරී පරිසරයක් ගෙන ඒමට මෙම ඉගෙනුම් මාධ්‍ය නවෝත්පාදන ප්‍රවේශයක් ගෙන ඇත.

Hologo එළිදැක්වීම පිළිබඳව Access Holdings හි අධ්‍යක්ෂ රන්ශාන් ගොමස් ප්‍රකාශ කළේ මෙවැන්නකි. “Augmented reality හරහා අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ඇතිකළ හැකි අතර, එමගින් සිසුන් සහ ගුරුවරුන් යන දෙපාර්ශවයටම ඉගෙනීම පහසු, කාර්යක්ෂම සහ විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කරයි. දේශන සහ පන්තිකාමර ඉගැන්වීම් සඳහා Augmented reality ඒකාබද්ධ කිරීම හරහා ඊට සිසුන්ගෙන් අසමසම ප්‍රතිචාරක් හිමිවී ඇති බවට ඔප්පු වී තිබෙනවා. විශේෂයෙන්ම සිසුන්ට අඛණ්ඩව තම අධ්‍යන කටයුතුවල කාර්යක්ෂමව නිරතවිය හැකි දුරස්ථ අධ්‍යාපන සේවාවක අත්දැකීමක් ලබාදිය හැකි ක්‍රමවේදයක් අවශ්‍ය කරන මොහොතක ශ්‍රී ලංකාව තුළ Hologo සේවාව බෙදාහැරීම සඳහා වන බලපත්‍රය ලබාගැනීමට හැකිවීම අපට සතුටට කරුණක්. Augmented reality හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සමස්ත ඉගෙනුම් ක්‍රියාවලිය තුළ පූර්ණ පරිවර්තනයක් ඇතිකිරීමට සමත්වනු ඇතිබව අපගේ විශ්වාසයයි.”

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙසේ ප්‍රකාශ කළේය.“ ඩයලොග් හි තවත් මුල්වරට හඳුන්වාදීමක් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ත්‍රෛභාෂා AR සහ 3D ඉගෙනුම් මාධ්‍ය වන Hologo එළිදැක්වීම තුළින් අනාගතය අදයි තේමාවෙන් යුත් අපගේ ආචාරධර්මවලට නිරන්තරයෙන් අනුගතවීම පිළිබිඹු කරයි. මෙම නවීන ඉගෙනුම් මාධ්‍ය හරහා සැබෑ ලෙසම අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් සිසුන්ට හිමිවන අතර, ගුරුවරුන්ට ඔවුන්ගේ නිවසේ සිටම පන්තිකාමර අත්දැකීමක් නිර්මාණය කරමින් පාඩම් කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ඔවුන්ගේ කැමැත්ත පරිදි පහසු මාධ්‍යයක් සපයනු ලබයි. මෙවන් අසීරු කාලපරිච්ඡේදයක් තුළ දිවයිනපුරා සිටින සිසුන්ට අඛණ්ඩව සිය ඉගෙනුම් කටයුතු සඳහා පහසුකම් සලසන අතරවාරයේ, මෙම හඳුන්වාදීමත් සමඟ තවත් පියවරක් ඉදිරියට යමින් 2020 මැයි 15 දක්වා සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ට ඩේටා හෝ අන්තර්ගතයන් සඳහා කිසිඳු ගාස්තුවකින් තොරව Hologo සේවාව නොමිලේ ලබාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටට පත්ව සිටිනවා.”

සියලුම පාරිභෝගිකයන්ට Apple App Store හෝ Google Play Store හරහා Hologo යෙදුම (App) download කළ හැක. ඩයලොග් සම්බන්ධතා භාවිත කරන සියලුම පාරිභෝගිකයන්ට 2020 මැයි 15 දක්වා මෙම යෙදුම (App) නොමිලේ භාවිත කළ හැකි අතර, මෙම සේවාව සම්පූර්ණයෙන් ලබාගැනීමට කැමති පාරිභෝගිකයෙක් වේ නම් 2020 ජූනි 30 ට පෙර මෙම යෙදුම (App) සඳහා subscribe කළ විට රු. 550 ක විශේෂ මිල අඩුකළ වාර්ෂික ගාස්තුවකට සියලුම විෂයන් සහ පාඩම් ලබාගැනීමේ හැකියාව සමඟ මෙම යෙදුම (App) මිලදීගත හැක.