Body

පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට Dialog Foundation සමඟ Shangri-La එක්වෙයි

2019 ජූලි 10         කොළඹ

 

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් විපතටපත් දරුවන්ට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව වෙනුවෙන් Shangri-La ආධාර ලබාදේ

news-1

Supun Weerasinghe, Group Chief Executive, Dialog Axiata PLC, presents a Certificate of Appreciation to Timothy Wright, Vice President & General Manager, Shangri-La Hotel, Colombo recognising Shangri-La’s generous contribution towards the Rally to Care initiative by Dialog Foundation.

Shangri-La Hotel, Colombo, පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයෙන් විපතටපත් දරුවන් කොටසකට වයස 19 තෙක් අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව සලසමින් තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා Dialog Foundation ගෙනෙන Rally to Care වෙත සිය පරිත්‍යාගයන් සිදුකර ඇත.

තවද, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් දරුවන් 90 දෙනෙකුට ආසන්න පිරිසක් වෙනුවෙන් Rally to Care සහ Shangri-La Colombo හෝටලය; කොච්චිකඩේ දේවස්ථානය සමඟ එක්ව විනෝදාත්මක ක්‍රියාකාරකම් වලින් සපිරුණු අධ්‍යාපනික හා මානසික සංවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

Shangri-La හෝටලයේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී ටිමති රයිට් මහතා " අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට අපගේ හෘදයාංගම කනගාටුව පළ කරනවා. කොළඹ Shangri-La හෝටලය ශ්‍රී ලංකාවාසීන් හා එක්ව සිටින අතර ඛේදවාචකයට මුහුණ දුන් පාසල් දරුවන්ට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට උපකාරී වන Rally to Care වැඩසටහන හා එක්වීමට අවස්ථාව ලැබීම සතුටක් “ බව ප්‍රකාශ කර සිටියේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසා සිටියේ ” Rally to Care වැඩසටහන වෙත පරිත්‍යාගශීලී දායකත්වයක් ලබාදීම වෙනුවෙන් Shangri-La වෙත හදපිරි ස්තූතිය පිරිනමන අතර මෙයින් පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ දරුවන්ට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම සඳහා වූ අරමුදලට තවදුරටත් දායකත්වයක් ලැබී තිබෙන බවයි.”

මේ වනවිටත් මෙම Rally to Care අරමුදල මගින් විපතට පත් පවුල්වලට මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීම වෙනුවෙන් කටුවාපිටියේ ජීවිත සුව කිරීමේ මධ්‍යස්ථානය (Life Healing Centre) පිහිටුවා ඇත. මේ ඔස්සේ වෘත්තීමය උපදේශකයින් 20 දෙනෙකු, මනෝ චිකිත්සකයින් 10 දෙනෙකු සහ මනෝ වෛද්‍යවරුන් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් දරුවන්, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් 770 කට වැඩි පිරිසක් වෙත උපදේශන සේවාවන් සහ ප්‍රතිකාර ලබාදී ඇති අතර නිවාස 200 ක් වෙත පිවිසෙමින් කම්පනයට පත්වූවන්ට උපදේශන මගින් සහන සැපයීමට ද කටයුතු කරන ලදී. පුද්ගලයන් 85 දෙනෙකු සඳහා, විශේෂ අන්තර්ක්‍රියාකාරී මනෝචිකිත්සාවක් වන EDMR (Eye Movement Desensitization and Reprocessing) සිදු කර ඇති අතර, කම්පනයට පත්වූවන්ට සහන සැලසීමට මේ වන විට කණ්ඩායම් චිකිත්සක සැසි (දින පහේ සැසි 34 ක්) පවත්වා තිබේ.

සුවපත් කිරීමේ ක්‍රියාවලියට සහයක් වශයෙන්, විපතට පත් පවුල්වලට උපදේශන වැඩසටහන් අඩංගු සංයුක්ත තැටිවලට සවන් දීම සඳහා ගුවන් විදුලි යන්ත්‍ර ලබා දී ඇති අතර, Rally to Care විසින් 2019 මැයි මස මැද භාගයේ සිට මාස තුනක් දක්වා කටුවාපිටියේ සහ අවට නගරවල සෙත් එෆ්එම් 103.1 ඔස්සේ උපදේශන සහ අධ්‍යාත්මික වැඩසටහන් විකාශනය කිරීම ආරම්භ කර ඇත. තවද, ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා වෛද්‍ය පරීක්ෂණ කඳවුරක් ද කටුවාපිටියේ පවත්වන ලද අතර අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා වවුචර ලබා දෙන ලදී. මේ වන විට මඩකලපුවේ සිසුන් 71 දෙනෙකුට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර කටුවාපිටියේ සහ මඩකලපුවේ විපතටපත් දරුවන් සඳහා ලිපි ද්‍රව්‍ය සහිත පාසල් බෑග් ලබා දෙන ලදී. සම්පූර්ණ අක්ෂි පරීක්ෂාවන් කටුවාපිටියේදී මෙන්ම මඩකලපුවේදී සිදු කරන ලද අතර, එහිදී අවශ්‍ය අයට නොමිලේ ඇස් කණ්ණාඩිද ලබා දෙන ලදී.

2019 අප්‍රේල් 21 ඛේදවාචකයට ලක්වූවන්ට Rally to Care වැඩසටහන, World Vision Lanka, Sarvodaya, My Doctor, Vision Care සහ Ratmalana Audiology Centre හා සහයෝගිත්වයෙන් සහන සැලසීම ඉදිරියටත් සිදු කරනු ඇත.

http://dialogfoundation.org/rallytocare වෙත පිවිසීමෙන් Rally to Care වැඩසටහන පිළිබඳව වැඩි විස්තර ලබාගත හැකිය.