Dialog, නවතම Xiaomi 17T 5G වෙළෙඳ පොළට නිකුත් කළ බව දැනුම් දෙයි
2026 සැප්තැම්බර් 09 කොළඹ
වමේ සිට: Abans PLC හි කාණ්ඩ ප්‍රධානී සහස්ත බුලත්සිංහල මහතා, Abans PLC හි ප්‍රධාන අලෙවි නිලධාරී චතුර ජයවර්ධන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපාංග ව්‍යාපාර ප්‍රධානී, වර්ධන හා මෙහෙයුම්, දේශාන් විජේවීර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික සැලසුම්කරණ, මූලෝපාය සහ වර්ධන, සහකාර උප සභාපතිනි ශිරෝමි අලි මෙනෙවිය, Xiaomi Sri Lanka හි මෙරට ප්‍රධානී, කේන් වෑන්ග් මහතා, Gnext ශ්‍රී ලංකා හි සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා, Xiaomi Sri Lanka හි අලෙවි ප්‍රධානී සඳනි ගජදීර මෙනෙවිය, Stelacom Pvt Ltd හි මෙහෙයුම් සාමාන්‍යාධිකාරී නාලක රඹුක්පොත මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ, සන්නාම කළමනාකරු අශාන් රණසිංහ මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ඉහළම ක්‍රියාකාරිත්වය, Leica කැමරා තාක්ෂණය සහ AI විශේෂාංග, නවතම සම්බන්ධතාවයෙන් යා කරන Xiaomi 17T 5G ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳ පොළට නිකුත් කළ බව සතුටින් දැනුම්දෙන ලදී. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි, සජීවී 5G කලාප 1000කට අධික සංඛ්‍යාවක් පුරා වේගවත්ව විහිදුණු, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය වන, අධිවේගී 'Dialog 5G Ultra' ජාලය හරහා මෙම උපාංගය බලගැන්වේ.
Xiaomi 17T 5G දුරකතනය, පාරිභෝගිකයින්ට එකිනෙකට වෙනස් වැඩ කටයුතු රැසක් එකවර සිදුකරගැනීමට පහසු වන පරිදි, RAM 12GB එකකින් සහ 512GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් සමන්විත 5G ස්මාර්ට් දුරකතනයකි. එමඟින් නිෂ්පාදන සම්බන්ධ කටයුතු, විනෝදාස්වාද, වීඩියෝ ක්‍රීඩා මෙන්ම විඩියෝ අන්තර්ගතයන් නිර්මාණය කිරීම ආදී කටයුතු රැසක් කිසිදු බාධාවකින් තොරව සිදුකළ හැක. සරල interfaces හරහා පාරිභෝගිකයින්ගේ සියලු කටයුතු සුමටව කර ගත හැකි පරිදි, ආකර්ෂණීය අත්දැකීමක් ගෙනෙන, අඟල් 6.59 ක, AMOLED Screen එකක් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Android 16 මෙහෙයුම් පද්ධතිය මඟින් ක්‍රියාත්මක වේ.
තම ජංගම දුරකතනය මඟින් ඡායාරූප ගැනීමට කැමති පාරිභෝගිකයින්ට, මෙගාපික්සල් 50 ක ප්‍රධාන කැමරාවකින්, මෙගාපික්සල් 50 ක telephoto කැමරාවකින් මෙන්ම, මෙගාපික්සල් 12 ක ultra-wide කැමරාවකින් සමන්විත Leica කැමරා තාක්ෂණ පද්ධතියක් මෙන්ම, මෙගාපික්සල් 32 ක සෙල්ෆි කැමරාවකින්ද මෙම ස්මාර්ට් ජංගම දුරකතනය සමන්විත වේ. Leica කැමරා තාක්ෂණික විශේෂාංග මඟින් තම ඡායාරූප, විවිධ styles වලින්, විවිධ ෆිල්ටර් හෝ watermarks යොදාගනිමින් කැමති පරිදි සකස්කර ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වේ.
පාරිභෝගිකයින්ට, AI Writing, Speech Recognition, Interpreter, Search සහ Creativity Assistant වැනි Xiaomi HyperAI පහසුකම් පිරිනමන මෙම ස්මාර්ට් ජංගම දුරකතනය, NFC තාක්ෂණය, IP68 මට්ටමේ ජල හා ධූලි ආරක්ෂාව මෙන්ම විදුලියට සම්බන්ධ නොකර දිගු වේලාවක් භාවිත කිරීම සඳහාම ඇති 6500mAh බැටරියද සහිතව, ඉහළම පහසුව පිරිනමයි.
තවද, HD streamingවලදීත්, ඩවුන්ලෝඩ් කිරීමේදීත්, වීඩියෝ ඇමතුම් සහ වීඩියෝ ක්‍රීඩාවලදීත් ඉහළම වේගයක් අත්විඳීමට කැමති පාරිභෝගිකයින්ට Xiaomi 17T 5G ජංගම දුරකතනය මනාව ගැළපෙන උපාංගයකි. මෙය ඩයලොග් වෙතින් මිලදීගෙන තම 4G උපාංගයෙන්, නවතම 5G උපාංගයට මාරුවන පාරිභෝගිකයින්ට, නොමිලේ 275GB Data Bundle එකක්ද හිමි වේ.
දිවයින පුරාම, අලෙවිසැල් 120කට අධික සංඛ්‍යාවක් හරහා Dialog සහ බලයලත් වෙළෙඳ සහකරුවන් වෙතින්, මෙම දුරකතනය රු. 224,999 කට ලබාගත හැකිය. වැඩි විස්තර සඳහා ළඟම Dialog අලෙවිසල වෙත පිවිසෙන්න. නැත්නම්, https://dialog.lk/ වෙත පිවිසෙන්න.
