Body

“ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2022” උළෙලේ විශිෂ්ටයින් ඇගයීමට ඩයලොග් අනුග්‍රහය

2023 දෙසැම්බර් 13         (කොළඹදී)

 

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් හොඳම නිමාවෙන් යුතු ඔන්ලයින් පුවත්පතට හිමි සම්මානය Dailyft.lk වෙත හිමි වූ අවස්ථාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට පුවත්පත් කලාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් සහය වීමේ කැපවීම පිළිබිඹු කරමින්, ඉකුත්දා ගල්කිස්ස හෝටලයේ පැවති ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලෙහි නව මාධ්‍ය අනුග්‍රාහකත්වය හොබවනු ලැබීය. මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පෑන මෙහෙය වූ විශිෂ්ටයින් ඇගයීමට වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙල සඳහා මෙවරද නව මාධ්‍ය අනුග්‍රාහකත්වය පිරිනමන ලද ඩයලොග්, 2014 වසරේ පටන්ම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා එවැනි සහයක් පිරිනමයි. ඉකුත් 2022 වසරේදී, සිංහල දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් කලාවේ විශිෂ්ටතම ප්‍රතිභාවන් දැක්වූ ජනමාධ්‍යවේදීන් මෙම උළෙලේදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, මෙවර එය පැවැත්වුණේ 24 වැනි වරටය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් සඳහා සම්මාන පිරිනමන මෙවන් උළෙලක නව මාධ්‍ය අනුග්‍රාහකත්වය දැරීම පිළිබඳව, ඩයලොග් ආසිආටා එල්සී හි සන්නාම හා මාධ්‍ය, උපසභාපති හර්ෂ සමරනායක මහතා සිය ප්‍රසාදය පළ කරමින් අදහස් දැක්විය. “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2022” සාර්ථක ලෙස පැවැත්වීමට නව මාධ්‍ය අනුග්‍රහය දැක්වීමෙන්, පුවත්පත් කලාවේ උන්නතියට දායක වීම අපට ගෞරවයක්. ඒවගේම, දැනුවත් ප්‍රජාවක් සහිත සමාජයක් ගොඩනැංවීම සඳහා ජනමාධ්‍ය සතු අති විශිෂ්ට කාර්යභාරය ඩයලොග් ආසිආටා අපි, හොඳින් හඳුනනවා. ඒ නිසාමයි, 2014 වසරේ පටන්ම, ජනමාධ්‍ය විශිෂ්ටත්වය වෙනුවෙන් ඩයලොග් සහය මේ අයුරින් දක්වන්නේ.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් හොඳම නිමාවෙන් යුතු ඔන්ලයින් පුවත්පතට හිමි කුසලතා සම්මානය Aruna.lk වෙත හිමි වූ අවස්ථාව

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් හොඳම නිමාවෙන් යුතු ඔන්ලයින් පුවත්පතට හිමි කුසලතා සම්මානය Dailymirror.lk වෙත හිමි වූ අවස්ථාව

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් හොඳම නිමාවෙන් යුතු ඔන්ලයින් පුවත්පතට හිමි සම්මානය Lankadeepa.lk වෙත හිමි වූ අවස්ථාව

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් හොඳම නිමාවෙන් යුතු ඔන්ලයින් පුවත්පතට හිමි සම්මානය Virakesari.lk වෙත හිමි වූ අවස්ථාව

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින්, හොඳම වීඩියෝ කතා ඉදිර්පත් කිරීම සඳහා වන කුසලතා සම්මානය Virakesari Online වෙත හිමි වූ අවස්ථාව.

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින්, හොඳම වීඩියෝ කතා ඉදිර්පත් කිරීම සඳහා වන සම්මානය Virakesari Online වෙත හිමි වූ අවස්ථාව.C

ඩයලොග් ආසිආටා පීඑල්සී හී සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා අතින් හොඳම නිමාවෙන් යුතු ඔන්ලයින් පුවත්පතට හිමි කුසලතා සම්මානය Tamilmirror.lkවෙත හිමි වූ අවස්ථාව