Body

ඩයලොග් වෙතින් මෙම උත්සව සමයේදී පාරිභෝගිකයින් සඳහා අසමසම දීමනා රැසක්

December 19, 2021         Colombo

 

Enjoy amazing offers this festive season from dialog

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදකයා ඩයලොග් ආසිආටා පීඑල්සී. සමාගම, මෙම උත්සව සමයේ සතුට බෙදාහදා ගනිමින් Dialog Home Broadband, Dialog Television, Device හා Star Points සඳහා සුවිශේෂී දීමනා රැසක් ලබාදීමට කටයුතු කර තිබේ.

Dialog Television විසින් සියලුම අලුත් පෙරගෙවුම් හා පසුගෙවුම් සම්බන්ධතාවයන් සඳහා විශේෂ දීමනා ලබාදෙන අතර Dialog Television පෙරගෙවුම් සම්බන්ධතා සඳහා රුපියල් 1000ක් වටිනා චැනල් කාඩ් නොමිලේ හිමිවෙයි. ඕනෑම අලුත් පසුගෙවුම් සම්බන්ධතාවයක් වෙනුවෙන් සියලුම නාලිකා අමතර ගාස්තුවකින් තොරව දින 60ක් සඳහා හිමිවන අතර www.dialog.lk වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගන්නා සම්බන්ධතා සඳහා රුපියල් 2990/- ක විශේෂ ගාස්තුවක් අය කෙරේ. දැනටමත් Dialog Television සබඳතා සහිත පාරිභෝගිකයන්ටද සුවිශේෂී දීමනාවක් ලබාගත හැකි අතර, ඔවුන්ට රුපියල් 100ක් සහ බදු ඇතුළත් ගාස්තුවකට යටත්ව සියලුම නාලිකා දින 14ක් නැරඹිය හැක.

අලුත් Dialog Home Broadband පෙරගෙවුම් සම්බන්ධතාවක් ලබාගැනීමේදී රවුටර් ගාස්තුවෙන් රුපියල් 1000/- ක වට්ටමක් හා Anytime Data GB 10 ක් හිමිවේ. තවද iPhones සහ තෝරාගත් smartphones සඳහා රු.40,000/- දක්වා මිල අඩු කිරීම් සමග තවත් දීමනා රැසක් හිමිවේ.

ඉහත සඳහන් දීමනාවන්ට අමතරව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම rewards එකතුව, Star Points වෙතින් දිවයින පුරා සිටින හවුල්කාර වෙළඳ නියෝජිත ආයතන වල සුවිශේෂී දීමනා ලබාදේ. Star Points පාරිභෝගිකයන්ට පහසුවෙන්ම MyDialog App හරහා හෝ #141# ඩයල් කිරීමෙන් මෙම දීමනා ලබාගැනීමේ හැකියාව ඇත.

උත්සව සමයට අදාළ සියලුම දීමනා පිළිබඳ වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/seasonal-offers වෙත පිවිසෙන්න.