සෙන්කඩගල සිරි දළදා පෙරහැර වෙනුවෙන් ඩයලොග් දශක දෙකක දායකත්වය සනිටුහන් තබයි
2026 සැප්තැම්බර් 01 කොළඹ
දිවයිනේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සවය වන කන්ද උඩරට ඇසළ පෙරහර හෙවත් සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය සඳහා අඛණ්ඩ 20 වැනි වරටත් තම දායකත්වය ලබාදෙන ලදී. ලංකාවේ ඉපැරණිම ආගමික උත්සවය ලෙසින් පරම්පරා ගණනාවක් තිස්සේ ඉමහත් හරසරින් යුතුව සමරනු ලබන කන්ද උඩරට ඇසළ පෙරහර මෙවර, 1716 වතාවට වීථි සංචාරය කරන ලද අතර, ඩයලොග් අනුග්‍රාහකත්වයෙන් එම පෙරහර අගෝස්තු 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වුණේ, ශ්‍රි ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස වන දශක දෙකක අඛණ්ඩ ඩයලොග් කැපවීමද යළිත් වරක් තහවුරු කරමිනි.
ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ගේ මුදුන්මල් කඩ වූ අති උතුම් දළදා වහන්සේ ගෞරව බහුමානයට පාත්‍ර කරන මෙම සංස්කෘතික මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස බැතියෙන් සමරනු ලැබුවේ, කන්ද උඩරට ප්‍රදේශවාසින්, දිවයිනේ සැදැහැවත් බැතිමතුන් මෙන්ම, දෙස් විදෙස් සංචාරකයින්ද ඒකරාශී කරගනිමිනි. සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආගමික හා සංස්කෘතික වශයෙන් වැදගත් මෙම උතුම් පෙරහර මංගල්‍යය සඳහා සිය දායකත්වය ලබාදුන් ඩයලොග්, ඒ හරහා, මෙරට අමිල සංස්කෘතිය උරුමය අනාගත පරපුරට දායාද කිරීමේ වගකීම උදෙසා උරදෙනු ලැබීය.
ශ්‍රී ලාංකේය පොහොසත් සංස්කෘතික උරුමය අනාගත පරපුරට දායාද කිරීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් ඩයලොග් සමාගම, කන්ද උඩරට ඇසළ පෙරහරට අමතරව, ගංගාරාම නවම් මහා පෙරහර, බෞද්ධාලෝක වෙසක් කලාපය, කැලණි දුරුතු මහා පෙරහර, කතරගම ඇසළ පෙරහර ආදී සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි.
ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව ඩයලොග් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබන අතර විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.