Body

ඩයලොග්, Star Points සවිබලයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI සුබපැතුම් පත් එළිදක්වයි

2024 ජූනි 03         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Star Points හා එක්වෙමින්, Artificial Intelligence (AI - කෘතිම බුද්ධිය) තාක්ෂණය යොදාගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI සුබපැතුම් පත් එළිදක්වයි. මේ හරහා පාරිභෝගිකයන්ට තමන් කැමැති පරිදි තමන්ටම සුවිශේෂී වූ සුබපැතුම් පත් නිර්මාණය කර හිතමිතුරන් හා ආදරණීයයන් සමග බෙදා ගැනීමට අවස්ථාව උදාවේ.

විවිධ පරාසයන් පුරා ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන AI තාක්ෂණය, පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතය තුළට සමීප කරලීමට නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටින ඩයලොග් සැමවිටම කැපවී සිටියි. එහි සුවිශේෂී නවෝත්පාදනයක් ලෙසින් එළි දක්වන, පාරිභෝගිකයින්ගේ කැමැත්ත පරිදි සකස් කර ගත හැකි මෙම AI සුබ පැතුම් පත් සේවාව, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, අවේණික බව මෙන්ම, අර්ථාන්විත සම්බන්ධතා වර්ධනය කිරීමට ඉවහල් වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ඇන්තනී රුද්‍රිගු මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්විය. "ඩයලොග් ආසිආටා හි අපි, සැමවිටම අපගේ පාරිභෝගිකයන් සවිබල ගන්වමින් ඔවුන්ගේ ජීවින තත්ත්වය උසස් කිරීම සඳහා තාක්ෂණයේ නවතම ඉසව් පිළිබඳ නිරුතුරුවම සොයා බලනවා. AI තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම සුබපැතුම් පත් එළිදැක්වීම, අපගේ AI ගමන් මගෙහි වැදගත් පියවරක් සනිටුහන් කරන්නක්. මෙම නව්‍ය සේවාව පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතයේදී ඔවුන්ට නිර්මාණශීලීව තමන්‌ගේ ආදරණීයයන් සමගින් වඩාත් සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඉඩකඩ සලසනවා. එමෙන්ම AI තාක්ෂණය භාවිතය හරහා පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතය තුළ කටයුතු පහසු කරලීමේ ගමන් මගෙහි ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු වීමට හැකිවීම සම්බන්ධව අප සතුටුවෙන අතර, AI තාක්ෂණය තුළින් පාරිභෝගිකයාගේ ජීවන රටාවෙහි පරිවර්තනයක් කිරීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ පාරිභෝගික සේවා නිලධාරිනි සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය ප්‍රකාශ කළේ, “රටේ ප්‍රමුඛතම ලෝයල්ටි වැඩසටහනක් වන ඩයලොග් Star Points වෙතින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI මගින් ක්‍රියාත්මක වන පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි සාදාගත හැකි මෙම සුබපැතුම් පත් සේවාව අපගේ පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට හැකිවීම සතුටට කරුණක්. පාරිභෝගිකයින්ට තමාට කැමැති පරිදි සකස් කරගත හැකි සුබපැතුම් පත් යැවීම මගින් තම ආදරණීයයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට මෙන්ම පවත්වා ගැනීමට Star Points මගින් දැන් අවස්ථාව උදාකර තිබෙනවා. මෙවැනි පියවර හරහා ශ්‍රී ලංකාවේ loyalty සංකල්පය නව මාවතක් කරා රැගෙන යනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි”

තම ආදරණීයයන් වෙනුවෙන් ස්වකැමැත්ත පරිදි සුබ පැතුම් නිර්මාණය කිරීම හා යැවීම සඳහා, AI තාක්ෂණය යොදාගෙන සකසන ලද මෙම නව්‍ය සේවාව භාවිත කර එහි අත්දැකීම විඳ ගන්නා ලෙස ඩයලොග්, සිය පාරිභෝගිකයන්ට ඇරයුම් කරයි.
පාරිභෝගිකයින්ට aicards.ideamart.io වෙත පිවිස, නොමිලේ ලබාදී ඇති templates භාවිත කරමින් තමන් කැමති පරීදි සුබ පැතුම් පත් නිර්මාණය කළ හැකි අතර තෝරා ගැනීමට templates ගණනාවක් ඇත. එමෙන්ම එහි ඇති "AI Designer" අංගය හරහා පාරිභෝගිකයන්ට කැමති පරිදි කාඩ්පත් සකස් කර ගැනීම සඳහා Star Points, credits ලෙස භාවිත කළ හැකිය. සාදාගන්නා ලද කාඩ්පත් download කරගත හැකි අතර, හිතමිතුරන්ට හා පවුලේ ආදරණීයයන්ට යැවීමට වගේම social media වල පළ කිරීමටද හැකියාව පවතී.