Body

DOC990 අනුරාධපුර කැනෝලා රෝහල සමඟ සහයෝගීතාවයක් ඇතිකර ගනී

උතුරු මැද පළාතේ රෝගීන්ට ඉතා පහසුවෙන් වෛද්‍යවරුන් චැනල් කරගැනීමට පහසුකම් සලසයි

සැප්තැම්බර් 06, 2022         කොළඹදී

 

DOC990 Partners the Kanola Hospital, Anuradhapura

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ඩිජිටල් අලෙවි අංශයේ කළමනාකාර විරාජ් නිශ්ශංක, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශයේ ජ්‍යේෂ්ඨ ගිණුම් කළමනාකාරිනී තමාරා රාජවර්ධන,ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශයේ කළමනාකාර බුද්ධික වික්‍රමසිංහ,කැනෝලා පෞද්ගලික රෝහලේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ තිලක් විජේකෝන්,කැනෝලා පෞද්ගලික රෝහලේ සමූහ සාමාන්‍යාධිකාරී/ රෝහල් අධ්‍යක්ෂ ජානක කුමාරසිංහ, කැනෝලා පෞද්ගලික රෝහලේ කළමනාකාර -මෙහෙයුම්  එම්.ප්‍රේමතිලක

ඩයලොග් ආසිආටා පීඑල්සී බලගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍යය සේවා විසඳුම් සම්පාදකයා වන Doc990 විසින් උතුරු මැද පළාතේ රෝගීන්ට සුවපහසු වෛද්‍ය චැනලින් සේවා අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් පසුගියදා අනුරාධපුර කැනෝලා රෝහල සමඟ සහයෝගීතාවයක් ඇතිකර ගන්නා ලදී.

අලුතින්ම ඉදිකරන ලද කැනෝලා රෝහල උතුරු මැද පළාතේ විශාලතම පෞද්ගලික රෝහල වන අතර, දයානුකම්පාව පෙරදැරි කරගත් විශිෂ්ට සුව සේවාවන් අන්තර්ජාතික මට්ටමේ වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පහසු මිලකට සලසමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් කිරීම අරමුණු කරයි. මෙම රෝහල මගින් බාහිර රෝගී සේවා, සාමාන්‍ය පරීක්ෂණ, රෝගීන් ඇතුළත් කරගැනීම, ශල්‍යකර්ම, දන්ත සේවා සහ දැඩි සත්කාර සේවාවන්ද සැපයෙන අතර අභ්‍යන්තර ඔසුසැල් සේවාවක් සහ සියලු පහසුකම්වලින් සම්පූර්ණ රසායනාගාරයක් සමඟින් අති නවීනතම පහසුකම්වලින් පරිපූර්ණයි.මෙම සහයෝගීත්වය තුළින් Doc990 සේවාව හා සබැඳි උතුරු මැද පළාතේ පාරිභෝගිකයන්ට කිසිඳු අපහසුතාවයකින් තොරව කැනෝලා රෝහල විසින් ලබාදෙන සේවාවන් රැසක් අතරින් තමන්ට අවශ්‍ය සේවාව හෝ සේවාවන් 990 ඩයල් කිරීමෙන්,www.doc.lk වෙත පිවිසීමෙන් හෝ Doc990 මොබයිල් ඇප් ( ජංගම යෙදුම) එක හරහා ලබාගත හැකිවේ.

Digital Health Services (Pvt) Ltd මගින් මෙහෙයවනු ලබන Doc990 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා විසඳුම් සම්පාදකයා වන අතර, මෙම සේවාව සඳහා ලියාපදිංචි වන ග්‍රාහකයන්ට ඔවුන්ගේ ජංගම දුරකතන හරහා ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් පහසුකම් සලසනු ලබයි. 2016 දී ආරම්භ කරන ලද Doc990 සේවාව ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහයට අයත් උප සමාගමක් වන අතර, www.doc.lk 990 (ඇමතීමෙන්) හෝ Doc990 App ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ සිය පරිශීලකයන්ව දිවයින පුරා පිහිටි රෝහල් 140 කට අධික සංඛ්‍යාවක සේවයේ නියුතු වෛද්‍යවරුන් 5000 කට වැඩි පිරිසක් සමඟ සම්බන්ධ කරයි. මෙම සේවාවන් ඇන්ඩ්‍රොයිඩ් හෝ IOS ජංගම දුරකතන හරහා ලබාගත හැක.Doc990 වෛද්‍ය සේවාවන් රැසක් සලසන අතර ඒ අතරට දිවයින පුරා පිහිටි රෝහල් තුළ රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය චැනලින් සඳහා දින වෙන් කිරීම, ඩිජිටල් තාක්ෂණය හරහා වර්චුවල් ක්‍රමයට රෝගීන්ව සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හා සම්බන්ධ කිරීම, ප්‍රමිතියෙන් යුත් ඖෂධහල් සහ රසායනාගාර සේවා සමඟ සම්බන්ධ කිරීම වැනි සේවාවන් ඇතුළත් වේ.පාරිභෝගිකයන්ට නිවසේ සිටම ඒකාබද්ධ සෞඛ්‍යය සේවාවන් සලසාගැනීමට පහසුකම් සැලසීම Doc990 සේවාවේ අරමුණයි