Dialog e-Load Super Blast වැඩසටහන සාර්ථකව නිමාවට පත් කරමින්, අවසන් SUV රථයේ වාසනාවන්ත ජයග්‍රාහකයා අභිෂේක ගැන්වූ වගයි
මාස 6 ක් පුරා දිවයිනේ මිලියන තුනකට අධික පාරිභෝගිකයින්ට තෑගි පිරිනමයි
2026 ජනවාරි 28 කොළඹ
වමේ සිට- පළමු Toyota Raize SUV රථයේ වාසනාවන්ත ජයග්‍රාහකයා එල්. ලසන්ත කැලුම් මහතා සමග ඔහුගේ පවුලේ සාමාජිකයින්, තෙවැනි Toyota Raize SUV රථයේ වාසනාවන්ත ජයග්‍රාහකයා වූ ඩී. එල්. ජේ. ආර්. කේ. දොඩම්ගොඩ මහතා සමග එම පවුලේ සාමාජිකයින් සහ දෙවැනි දෙවැනි Toyota Raize SUV රථය හිමිකර ගත් වාසනාවන්ත ජයග්‍රාහකයා වූ එස්. එම්. ආර්. පී. බී. සකලසූරිය මහතා සමග එම පවුලේ පිරිස ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දියත් කරන ලද සුවිශේෂී ‘Dialog e-Load Super Blast’ ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇදීමෙන්, තෙවැනි සහ අවසන් Toyota Raize SUV රථයේ වාසනාවන්ත ජයග්‍රාහකයා අභිසෙස් ගන්වමින් එම පෙරළිකාර වැඩසටහන සාර්ථකව නිමාවට පත්විණි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ඩිජිටල් රීලෝඩ් සහ මුදල් රහිත ගනුදෙනු කරා යොමුකිරීමේ අරමුණෙන්, දිවයිනේ මිලියන 3 කට අධික පාරිභෝගිකයින්ට, දිනපතාම රන් කාසි, ස්මාර්ට්ෆෝන් හා තවත් වටිනා තෑගි හිමිකර දෙමින් මාස 6 ක් පුරා ක්‍රියාවට නැංවුණු මෙම වැඩසටහන මගින්, රුපියල් මිලියන 150 ක් වටිනා ත්‍යාග පිරිනමනු ලැබිණි.
මෙම පෙරළිකාර වැඩසටහනේ සුවිශේෂී නිමාව සටහන් තැබුණු, අවසන් මහා ත්‍යාගය ප්රදානය කිරීමේ උත්සවයේදී තෙවැනි සහ අවසන් SUV රථය හිමිකර ගත් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත් වූයේ හෝකන්දර පදිංචි ගුවන් හමුදා නිලධාරියෙකු වන ඩී. එල්. ජේ. ආර්. කේ. දොඩම්ගොඩ මහතායි. එම උත්සවය, 2026 ජනවාරි 25 වැනිදා ඩයලොග් ප්‍රධාන කාර්යාලයේදී, Toyota Raize SUV රථ තුනේම වාසනාවන්ත ජයග්‍රාහකයින් තිදෙනාගේම සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනේ පළමු සහ දෙවැනි SUV රථ හිමි කරගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් වූයේ, බණ්ඩාරගම එල්. ලසන්ත කැලුම් මහතා සහ මහනුවර එස්. එම්. ආර්. පී. බී. සකලසූරිය මහතායි. තෙවැනි ජයග්‍රාහකයා තෝරාගැනීමත් සමග, මුළු රටම ආවරණය කරමින් දියත් කළ වැඩසටහනේ සාර්ථක සමාප්තිය පසුගියදා සටහන් තැබුණේ, ගුවන් හමුදා සාමාජිකයෙකු එලෙස වාසනාවන්ත ජයග්‍රාහකයා කරමිනි.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දැක්වූ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තේවෙරප්පෙරුම මහතා මෙලෙස සඳහන් කළේය. "Dialog e-Load Super Blast වැඩසටහන, පාරිභෝගිකයින්ට තෑගි පිරිනැමීමට පමණක් දියත් කළ වැඩසටහනක් නොවෙයි. එය, ඉන් ඔබ්බට ගොස්, ඩිජිටල් වගේම, ආරක්ෂිත සහ පහසු ගනුදෙනු ක්‍රමවේද කරා අපගේ පාරිභෝගිකයින් යොමු කිරීමේ අරමුණින් දියත් කෙරුණු වැඩසටහනක්. මිලියන 3 කට අධික පාරිභෝගිකයින් මෙම වැඩසටහන හරහා අප සමඟ සම්බන්ධ වීමෙන් පෙන්නුම් කරන්නේ, මෙම ඩිජිටල් රීලෝඩ් ක්‍රමය ශ්‍රී ලාංකිකයින් තම එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වැළඳගෙන ඇති බවයි. මෙම නවතම පුරුද්ද, පාරිභෝගිකයන්ට පහසුව සහ වටිනාකම අත්කර දෙමින්, මෙරට සුවිශාල ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනවා.”
මෙම වැඩසටහන දියත් කෙරුණු කාලසීමාව පුරා MyDialog App, Dialog.lk මෙන්ම, වැඩසටහන සමගින් අත්වැල් බැඳගත් ඕනෑම බැංකු හෝ ඩිජිටල්, මුදල් ගෙවීමේ platform එකක් හරහා අඛණ්ඩව ඩිජිටල් රීලෝඩ් කළ පාරිභෝගිකයින්ට මහා දිනුම් ඇදීම සඳහා ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය. ඊට අමතරව, සාම්ප්‍රදායික රීලෝඩ් ක්‍රමයට වඩා ඩිජිටල් රීලෝඩ් කිරීම වාසිදායක බව ඔවුන් වෙත තහවුරු කරමින්, ඩිජිටල් Scratch Cards සූරා රන් කාසි, ස්මාර්ට් ජංගම දුරකතන මෙන්ම, නොමිලේ Data වාසි ඇතුළු ක්ෂණික තෑගිද දිනා ගැනීමට අවස්ථාව සලසාදෙනු ලැබිණි.
සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව පියවර තබද්දී, මුදල් රහිත ගනුදෙනු ප්‍රචලිත කරමින් පාරිභෝගිකයින්ගේ දෛනික ජීවිතය වඩාත් පහසු කිරීමට ඩයලොග් නිරන්තරයෙන් කැපවී සිටියි. ඒ අනුව, නවතම විසඳුම් ඔස්සේ ජනතාව ඩිජිටල් තාක්ෂණය වෙත යොමු කිරීම වේගවත් කරන ඩයලොග්, ඒ හරහා මෙරට දීර්ඝකාලීන ඩිජිටල් පරිවර්තනය උදෙසා වන පුරෝගාමී දායකත්වය ලබා දෙයි.