Dialog Pay සමගින් ඩිජිටල් ගනුදෙනු සඳහා Keells සුපිරි වෙළෙඳ සල් ජාලය එක්වෙයි
2026 ජූලි 13 කොළඹ
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමුහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී, රේණුකා ප්‍රනාන්දු මහත්මිය (වමේ) සමග John Keells සමූහ ව්‍යාපාරයේ අලෙවි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි නිලූෂා ප්‍රනාන්දු මහත්මිය ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම Keells සුපිරි වෙළෙඳ සල්වලදී Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් මුදල් ගෙවීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදාකර දී ඇති බව සතුටින් දැනුම් දෙයි. දිවයින පුරා වෙළෙඳ සල් 150කින් සමන්විත Keells මෙලෙස Dialog Pay සමග ඩිජිටල් ගනුදෙනු සඳහා අත්වැල් බැඳගත් මෙරට ප්‍රථම, ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සල් ජාලයයි. ඒ අනුව, දැන් පාරිභෝගිකයින්ට, Keells සුපිරි වෙළෙඳ සල්වලදී QR කේතය Scan කර, පහසුවෙන්ම ගෙවීමේ හැකියාව පවතින අතර, එම ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසිද හිමි වේ.
මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින්, Keells සුපිරි වෙළෙඳ සල් ජාලයේ අලෙවිකරණ ප්‍රධානී සහ John Keells සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිලූෂා ප්‍රනාන්දු මහත්මිය මෙලෙස සඳහන් කළාය. "Keells හි අපේ බලාපොරොත්තුව පාරිභෝගිකයින්ගේ භාණ්ඩ මිලදී ගැනීම ඔවුන්ට පහසු හා වාසිදායක අත්දැකීමක් කිරීමයි. දිවයින පුරා අපගේ සුපිරි වෙළෙඳ සල් ජාලයේ ගනුදෙනු සඳහා Dialog Pay එක් කිරීමෙන්, පාරිභෝගිකයින්ට පහසුවෙන් හා කඩිනමින් මුදල් ගෙවීය හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට අපට හැකි වෙනවා. ඒ හරහා ඩිජිටල් ගෙවීම් දිරිගැන්වීමට සුවිශාල ලෙස දායක වෙමින්, Dialog Pay හරහා පාරිභෝගිකයින්ගේ භාණ්ඩ මිලදී ගැනීම, සතුටුදායක අත්දැකීමක් බවට පත් කිරීමට මෙලෙස, Dialog හා අත්වැල් බැඳගැනීමට හැකි වීම අපගේ සතුටට කාරණයක්."
MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.