Body

Dialog Pay සමඟින් ඩිජිටල් ගනුදෙනු සඳහා PickMe එක් වෙයි

2026 ජූලි 28         කොළඹ

 

වමේ සිට : Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ, සන්නාම ප්‍රධානී - මූලෝපාය, සේවා සහ Masterbrand ආකිබ් රෙයාල් මහතා, PickMe හි Fintech ජ්‍යෙෂ්ඨ කළමනාකාර ගයාන් කළුගමගේ මහතා, PickMe ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/නිර්මාතෘ ජිෆ්රි සුල්ෆර් මහතා ඡායාරුපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා LankaQR භාවිතයෙන් ශ්‍රී ලාංකිකයින්ට තම ගමන්බිමන් සහ Delivary සේවා සඳහා ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමේ පහසුව PickMe වෙත ලබාදෙමින් තම ඩිජිටල් ගනුදෙනු ජාලය තවදුරටත් පුළුල් කර තිබේ. මසකට පාරිභෝගිකයින් මිලියන 1.9 කට අධික පිරිසක් මෙන්ම, ඒ හා අත්වැල් බැඳගත් ආයතන 5,000 කට වැඩි ජාලයකින් සමන්විත PickMe, 165,000 කට අධික රියදුරන් හා Delivary සේවා සපයන්නන් ප්‍රමාණයක් හරහා සේවය සපයන මෙරට ප්‍රමුඛ පෙළේ ඩිජිටල් Platgform එකකි. ඒ අනුව, දැන් පාරිභෝගිකයින් PickMe මඟින් ලබාගන්නා සේවාවන් සඳහා LankaQR හරහා ගෙවීම් කිරීමේ පහසුව හිමිවන අතර, සුදුසුකම් ලබන ගනුදෙනු සඳහා නොමිලේ Dialog Data වාසිද හිමි වේ.

දැන් පාරිභෝගිකයින්ට PickMe Platform එක හරහා සිදුකෙරෙන PickMe Rides, Flash Delivery සහ Trucks සේවාවන් සඳහා Dialog Pay භාවිතයෙන් ගෙවීමේ හැකියාව පවතින අතර, Food සහ Market හරහා සිදුකරන ඇණවුම් කිරීමේදී, රු. 2,500 ක් දක්වා වන ඇණවුම් සඳහාද QR ගෙවීම් සිදුකළ හැක. මෙම සහයෝගිතාව මඟින් පාරිභෝගිකයින්ට එකම ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් හරහා දෛනික සේවාවන් රැසක් සඳහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් සිදුකිරීමට හැකියාව සලසා තිබේ.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් PickMe ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා මෙලෙස සඳහන් කළේය. "ඩිජිටල් platforms වල අනාගතය රැඳී ඇත්තේ තනි සේවාවන් මත නොවෙයි. එකිනෙක සම්බන්ධ වූ ඩිජිටල් පද්ධති මතයි. Dialog Pay සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාව හරහා පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් ගෙවීම් සිදුකිරීමට හැකියාව සැලසෙන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් වාණිජ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරිමටත් එය ඉවහල් වෙනවා. PickMe හි වෙළෙඳ පොළ සමඟ ඩයලොග් හි ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඒකාබද්ධ කිරීමෙන්, අපගේ දෛනික ගනුදෙනු වඩාත් පහසු කරමින්, සියලු දෙනා ඇතුළත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය උදෙසා දායකවීමටත් අපට හැකියාව සැලසෙනවා."

MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.