Exclusive Dialog Television offer for Dialog Customers
Exclusive Dialog Television offer for Dialog Customers

HSBC Cashback කාඩ්පතක් සඳහා ලියාපදිංචි වන්න

Dialog Television සම්බන්ධතාවයක් නොමිලේ ලබාගන්න

ඔබත් අදම HSBC Cashback ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කර රු.3,990/- ක් වටිනා Dialog Television පසුගෙවුම් සම්බන්ධතාවයක් 100% ක Cashback වාසියක් සමඟ ලබාගන්න.

මෙම දීමනාව තුළින් ඔබට හිමිවන සම්බන්ධතාවය සමඟ ඔබට නවතම ViU Hub 2.0 ඩිකෝඩරය හිමිවේ. මාසික පැකේජ රු. 1,249/-සිට.

මෙම දීමනාව 2022 ජනවාරි 12 සිට මාර්තු 12 දක්වා වලංගු වේ.

Apply Now

මේ සුවිශේෂී දීමනාව ලබාගන්නේ කෙසේද?

  • ඔස්සේ HSBC Cashback ක්‍රෙඩිට් කාඩ්පතකට අයදුම් කරන්න, HSBC බැංකුව ඔබව සම්බන්ධ කරගනු ඇත

  • ඔබට HSBC Cashback ක්‍රෙඩිට් කාඩ්පත ලැබුණු වහාම ළඟම පිහිටි Dialog මධ්‍යස්ථානයෙන් අදාළ දීමනාව ලබාගන්නා ලෙස සඳහන් කරමින් Dialog සමාගම විසින් ඔබට SMS පණිවිඩයක් යොමු කෙරෙනු ඇත.

  • Dialog Television සම්බන්ධතාවය සඳහා වන රු.3,990/- ක ගාස්තුව ගෙවීම සඳහා ඔබට හිමිවූ නව HSBC Cashback ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කිරීමට සිදුවේ. මෙම සම්බන්ධතා ගාස්තුව 100% ක්ම යළිත් ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතට Cash Back එකක් ලෙස යොමු කරනු ලැබේ.

  • ඔබ තෝරාගත් පැකේජයේ මාසික ගාස්තුව HSBC Cashback ක්‍රෙඩිට් කාඩ්පත හරහා පියවීමට හැකිවන පරිදි ස්ථාවර නියෝගයක් බැංකුවට ලබාදිය යුතුවේ. සම්මත මාසික වාරික අයකරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇත.

නියමයන් සහ කොන්දේසි.

  • මෙම විශේෂ දීමනාව ඩයලොග් ටෙලිවිෂන් ප්‍රයිවට් ලිමිටඩ් (මෙහි මින්මතු “ඩයලොග් සමාගම” වශයෙන් හඳුන්වන) විසින් පමණක් තීරණය කරන, ඩයලොග් සමාගමෙන් නිවේදනයක් ලැබෙන, ඩයලොග් සමාගමේ තෝරාගත් පාරිභෝගික කණ්ඩායම් (මෙහි මින්මතු “පාරිභෝගිකයන්” වශයෙන් හඳුන්වන,) සඳහා පමණක් වලංගු වේ.
  • මෙම විශේෂ දීමනාව 2022 ජනවාරි මස 12 වන දින සිට 2022 මාර්තු මස 12 වන දින දක්වා ක‍්‍රියාත්මක වේ.
  • ඩයලොග් සමාගමෙන් කෙටි පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව, මෙම විශේෂ දීමනාව ක‍්‍රියාත්මක වන කාලය තුළ, මෙම විශේෂ දීමනාව අනුව, නව HSBC ප්ලැටිනම් කෑෂ්බැක් ක්‍රෙඩිට් කාඩ්පතක් (”ක්‍රෙඩිට් කාඞ්පත”) සඳහා ඉල්ලූම් කර, ක්‍රෙඩිට් කාඩ්පතක් සාර්ථක අන්දමින් ලබාගන්නා පාරිභෝගිකයන් මාසික කුලියක් ගෙවීමට යටත්ව, ගාස්තු රහිතව ඩයමන්ඩ් පැකේජය හෝ ඊට ඉහළ පැකේජයක් සහිතව ^DTV& ඩයලොග් ටෙලිවිෂන් පෝස්ට් පේඩ් මූලික සම්බන්ධතාවක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත.
  • මෙහි මින්මතු සාමූහික වශයෙන් ”රිවෝඞ්” උපාංගය වශයෙන් හඳුන්වන, ඩයමන්ඩ් පැකේජය හෝ ඊට ඉහළ පැකේජයක් සහිතව, ඇන්ඩ්‍රොයිඞ් ටෙලිවිෂනය මඟින් බලශක්තිය උත්පාදනය වන Free ViU Hub 2'0 ඩෙකෝඩරයක් ද පාරිභෝගිකයාට ලබාදෙනු ඇත.
  • රිවෝඩ් උපාංගය භාවිතා කරන තුරු, ඩයලොග් සමාගම වෙත මාසික කුලිය ගෙවීම සඳහා (සම්බන්ධතා ආයු කාලය තුළදී) අලූතින් ලබාගත් HSBC කෑෂ්බැක් ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත සමඟ ස්ථාවර උපදේශයකට අනුගතවීමට පාරිභෝගිකයාට නියම කරනු ලැබේ.
  • දැනට DTV සම්බන්ධතාවයක් නොතිබෙන,HSBC බැංකු ගණුදෙනුකරුවන්ගෙන් ”බැංකුවට අලූත්” බැංකු ගනුදෙනුකරුවන් (බැංකුව සමඟ දැනටමත් සම්බන්ධතාවයක් නොමැති,) පමණක් මෙම විශේෂ දීමනාවට සුදුසුකම් ලබයි.
  • මෙම විශේෂ දීමනාව හුදෙක් මෙම විශේෂ දීමනාව යටතේ අයදුම් කරන,HSBC අනුමත ප‍්‍රාථමික ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් වලංගු වේ. අතිරේක ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන අයඳුම්පත් මෙම විශේෂ දීමනාවට ඇතුළත් නොවේ.
  • HSBC බැංකුවේ ලියාපදිංචි ජංගම දුරකථන අංකයට කෙටි පණිවුඩයක් (SMS) ලබාදීම හරහා ක්‍රෙඩිට් කාඞ්පත අනුමත කිරීම/ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව HSBC බැංකුව විසින් පාරිභෝගිකයාට දැනුම් දෙන අතර, අනුමත කිරීමක දී අදාළ ක්‍රෙඩිට් කාඩ්පත එච්එස්බීසී බැංකුවෙන් ලැබෙනු ඇත.
  • නව ක්‍රෙඩිට් කාඩ්පත ලැබීමෙන් පසුව, මෙම විශේෂ දීමනාව නිදහස් කර ගැනීම පිණිස ළඟම පිහිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ඩයලොග් සමාගම විසින් 02 වන කෙටි පණිවුඩයකින් පාරිභෝගිකයාට දන්වනු ඇත.
  • රිවෝඩ් උපාංගය ඉල්ලා සිටීම පිණිස, ඩයලොග් සමාගමෙන් 02 වන කෙටි පණිවුඩය ලැබීමෙන් දින පහක් ඇතුළත, එම කෙටි පණිවුඩය පෙන්වා, මෙම විශේෂ දීමනාව ඩයලොග් සමාගමෙන් එපරිදි ඉල්ලා සිටීම පිණිස ඕනෑම ඩයලොග් අලෙවි සැලකට පැමිණෙන ලෙස පාරිභෝගිකයාට නියම කරනු ලැබේ.
  • මෙම විශේෂ දීමනාව ඉල්ලා සිටීමෙන් අනතුරුව, පාරිභෝගිකයා විසින් රුපියල් 3,990/-ක මුදලක් නව ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් ගෙවිය යුතු වන අතර, එම මුදල, අදාළ සම්බන්ධතාව මිලදීගැනීමේ දින සිට වැඩකරන දින 30 ක් ඇතුළත HSBC කෑෂ්බැක් ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඞ්පතට කෑෂ් බැක් ක්‍රෙඩිට් වශයෙන් HSBC බැංකුව වෙතින් ලබාදෙනු ඇත.
  • මෙම විශේෂ දීමනාව ඩයලොග් සමාගම හෝ HSBC බැංකුව විසින් කරගෙන යන යම් වෙනත් විශේෂ දීමනාවන් එක්ව භාවිත නොකළ යුතුය.
  • මෙම විශේෂ දීමනාව 2022 ජනවාරි මස 12 වන දින සිට 2022 මාර්තු මස 12 වන දින දක්වා කාල සීමාව අතර, එම දින දෙක ද ඇතුළුව (මෙහි මින්මතු විශේෂ දීමනාවේ කාලසීමාව වශයෙන් හඳුන්වන,) සුවිශේෂිත අයදුම්පත‍්‍ර සම්බන්ධකයන් හරහා ලැබෙන, නිසි පරිදි සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත් සඳහා පමණක් වලංගු වේ.
  • ක්‍රෙඩිට් කාඩ්පත අනුමත කිරීම බැංකුවේ සාධාරණ ප‍්‍රතිපත්ති සහ කාර්යපටිපාටිවලට යටත්ව සිදුවිය යුතු වන අතර, එය HSBC බැංකුවේ තනි අභිමතය පරිදි නිකුත් කරනු ලැබේ.
  • ඩයලොග් සමාගම විසින් සපයන සේවාවන්වල / නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා හෝ සේවාවන්වල හෝ උපාංගවල සිදුවන යම් අක්‍රියතාවයන් සඳහා බැංකුව වගකීම භාරගනු නොලැබිය යුතුය.
  • මෙම රිවෝඩ් උපාංගය අත්පිට මුදල්වලට හෝ යම් වෙනත් තිළිණවලට මාරු කිරීම සිදුකළ නොහැකිය.
  • මෙම විශේෂ දීමනාවට අදාළ වන, මෙම ලියවිල්ලෙහි අඩංගු යම් කවරම වූ නියමයන් හෝ කොන්දේසි කිසිවක් හෝ ඒ සියල්ලම පාරිභෝගිකයාට දැන්වීමක් භාරදීමකින් තොරව, ඕනෑම විටක දී අලූත් කිරීම, වෙනස් කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳ අයිතිය HSBC බැංකුව සහ ඩයලොග් සමාගම විසින් තවදුරටත් රඳවා තබාගත යුතුය. HSBC බැංකුවේ කාර්ය මණ්ඩලයේ ක්‍රෙඩිට් කාඞ්පත්, දැනට සිටින මූලික සහ අතිරේක ක්‍රෙඩිට් කාඩ්පත් දරන්නන් මෙම විශේෂ දීමනාවෙන් බැහැර වනු ලැබේ.
  • මෙම ලියවිල්ලේ කිසිඳු නියමයකින් හෝ කොන්දේසියකින් මීට සමාන අලෙවි ප‍්‍රවර්ධන කටයුතු ඉදිරියේ දී කරගෙන යාම සම්බන්ධයෙන් HSBC බැංකුව විසින් ලබාදෙන යම් පොරොන්දුවකට හෝ කරුණු දැක්වීමකට සමාන නොවිය යුතුය.
  • කෑෂ්බැක් සම්බන්ධ යම් කවරම වූ කාරණාවන් (පවතින SLA ඇතුළත නොලැබෙන කෑෂ්බැක් සම්බන්ධයෙන්) උද්ගත වන අවස්ථාවකදී - පාරිභෝගිකයා විසින් HSBC බැංකුවේ පාරිභෝගික සේවාව වෙනුවෙන් කැපවුණු අංක +94 11 4511566 දරන ක්ෂණික දුරකථනය ඔස්සේ සේවයට නිරතුරුවම රැඳී සිටින පැමිණිලි කළමනාකරණය කිරීමේ නිලධාරියා ඇමතීමට කාරුණික වන්න.
  • ක්‍රෙඩිට් කාඞ්පත් නිකුත් කළ අවස්ථාවක දී ගෙවීම් සිදුකිරීම - පාරිභෝගිකයා විසින් HSBC බැංකුවේ අංක +94 11 4472200 දරන ක්ෂණික දුරකථනය ඔස්සේ පාරිභෝගික සහාය සේවාව /ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය යුතුය.විශේෂ දීමනාව ඉල්ලා සිටීමේ දී, ක්‍රෙඩිට් කාඞ්පත ඩයලොග් සමාගමේ අදාළ අංශයක දී භාවිත කිරීමට පෙර, එය සක්‍රිය කිරීමට කටයුතු කර තිබෙන බවට පාරිභෝගිකයා විිසින් තහවුරු කරගැනීම අවශ්‍ය බව සලකන්න.
  • HSBC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් පාලනය වන පොදු නියමයන් සහ කොන්දේසි මෙම විශේෂ දීමනාවට අදාළ විය යුතුය.
  • මෙම ලියවිල්ලේ නියමයන් සහ කොන්දේසි ශ‍්‍රී ලංකාවේ නීති මඟින් පාලනය විය යුතු වන අතර, ඒ අනුව වටහා ගත යුතුය. තවද, මෙම ලියවිල්ලේ නියමයන් සහ කොන්දේසි කිසිවක් ශ‍්‍රී ලංකාවේ අධිකරණවල අනන්‍ය බලයට යටත් විය යුතුය.
  • ඉංග‍්‍රීසි බසින් ලියැවුණු නියමයන් සහ කොන්දේසි සහ සිංහල/දෙමළ බසින් ලියැවුණු නියමයන් සහ කොන්දේසි අතර යමි අනුකූලතාවන්/ආරවුලක් ඇති වූ විටක දී, ඉංග‍්‍රීසි බසින් ලියැවුණු නියමයන් සහ කොන්දේසි හුදෙක් ආරවුල් කරන ප‍්‍රමාණයේ තරමටම බලාත්මක විය යුතුය.