නිවේදන


අපගේ හිතවත් පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

දෙසැම්බර් 1, 2025

හිතවත් පාරිභෝගිකය, අයහපත් කාලගුණය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන්, ෆයිබර් ප්‍රධාන ජාලයට බරපතල ලෙස හානි වූ අතර, ප්‍රදේශ ගණනාවකම අපගේ සම්බන්ධතාවයන්ට බාධා මතුවිණි. ඇතැම් ප්‍රදේශවල අපගේ දුරකතන කුළුණු ජලයෙන් යට වීම, සහ විදුලිය ඇණහිටීම් හේතුවෙන්ද සේවාවන්ට බාධා මතු විය. මේ වන විටත් ප්‍රදේශ ගණනාවක බිඳ වැටුණු සම්බන්ධතා යථා තත්ත්වයට පත්කර ඇති අතර, අනෙකුත් ප්‍රදේශවලද සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට අපගේ කණ්ඩායම් කඩිනමින් කටයුතු කරයි.

ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ප්‍රවේශය සීමා වීම සහ තවමත් පවතින විදුලිය බිඳ වැටීම් හමුවේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු දුෂ්කර වී තිබේ. එම අභි‍යෝග නොසලකා, එම ප්‍රදේශවල තත්ත්වය යහපත් වූ වහාම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කෙරේ. තවමත් සේවාවන් යථා තත්ත්වය පත් කිරී‌මේ කටයුතුවලට බාධා පවතින ප්‍රදේශ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට, www.dialog.lk/notices වෙත පිවිසෙන්න.

පැවති අයහපත් කාලගුණයේ බලපෑම හමුවේ අප කටයුතු කරමින් සිටින මේ මොහොතේ, අපගේ පාරිභෝගික ඔබට සහය වීමට අපි කැපවන අතර, Mobile, Home Broadband, and Dialog Television හරහා අඛණ්ඩව සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහ දැනුවත්ව සිටීමට සහන පැකේජද පිරිනැමීමට අපි කටයුතු කරමු.

සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවමත් සිදුකෙරෙන ප්‍රදේශ

2025 දෙසැම්බර් 3 වැනිදා පස්වරු 2 වන විට තත්ත්වය

දිස්ත්‍රික්කය නගරය
අම්පාර ආරුගම්බේ
බදුල්ල ගිරාඳුරුකෝට්ටේ
කොළඹ වැල්ලම්පිටිය
කොළඹ කැලණිමුල්ල (අර්ධ වශයෙන්)
මහනුවර කඩුගන්නාව
මහනුවර නාවලපිටිය
මහනුවර මඩුල්කැලේ
මහනුවර දවුලගල
මහනුවර දොළොස්බාගේ
මන්නාරම අරිප්පු/මුල්ලිකුලම්
මන්නාරම සිලාවතුර
නුවරඑළිය පදියපැලැල්ල
නුවරඑළිය වලපනේ
නුවරඑළිය නිල්දණ්ඩාහින්න
නුවරඑළිය උඩුපුස්සැල්ලාව
පුත්තලම වනාතවිල්ලුව
පුත්තලම නවගත්තේගම