Genie Business බලගන්වන, ශ්‍රී ලංකාවේ ප්‍රථම Tap to Pay Taxi සේවාව Kangaroo Cabs සඳහා හඳුන්වා දෙයි
2025 මාර්තු 05 කොළඹ

(වමේ සිට): Kangaroo Cabs හි තොරතුරු තාක්ෂණ කළමනාකරු, අමිල සුබසිංහ, එම සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ තුෂාර ෆොන්සේකා, Kangaroo Cabs හි මූල්‍ය අධ්යක්ෂ කුසල් ෆොන්සේකා ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්යක්ෂ නසීම් මොහොමඩ්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි Merchant Business හි ප්‍රධානී සචිනි ද සිල්වා සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ගංගි පෙරේරා යන පිරිස
ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී මගින් බලගැන්වෙන Genie Business, මෙරට ඩිජිටල් මුල්‍ය ගෙවීම් සම්බන්ධ විප්ලවීය වෙනසකට මුල පුරමින්, Kangaroo Cabs සමාගම හා අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම Tap to Pay Taxi සේවාව හඳුන්වා දී තිබේ. මෙම සේවාව භාවිත කරන මගීන්ට මුදල්වලින් හා POS යන්ත්‍ර භාවිතයෙන් තොරව, තම වීසා හෝ මාස්ටර් කාඩ්පත භාවිත කර, NFC තාක්ෂණය සහිත රියදුරුගේ ජංගම දුරකතනය මත කාඩ්පත් Tap කිරීමෙන් ගෙවීම් සිදු කළ හැකි වේ.
මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ටැක්සි කර්මාන්තය ඉලක්ක කරමින්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද විසඳුමකි. මේ හරහා Kangaroo Cabs රියදුරන්ට දැන් තම ජංගම දුරකතනයෙන් ගෙවීම් ලබාගැනීමේ පහසුව සලසා තිබේ. ඒ හේතුවෙන්, මගී- රියදුරු දෙපාර්ශවයටම කිසිදු බාධාවකින් තොරව තම සේවාවන්ට අදාළ මුල්‍ය ගනුදෙනුව සිදු කිරීමට හැකියාව පවතී. Kangaroo Cabs සමග ඒකාබද්ධ කරමින් Genie Business පිරිනමන මෙම විසඳුම මගින්, සේවාව සඳහා අදාළ ගාස්තුව රියදුරු විසින් ඇතුළත් කිරිම අවශ්‍ය නොවන පරිදි ස්වයංක්‍රීයව ගාස්තු ලබාගැනිම සිදුකෙරෙන බැවින්, එය වඩාත් නිවැරදි මෙන්ම වේගවත් ඩිජිටල් මුල්‍ය ගනුදෙනු ක්රමවේදයකි.
වසර 35කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පුද්ගලික ප්‍රවාහන සේවා සපයන සමගමක් ලෙසින් සිය මගීන්ගේ ආරක්ෂාව, පහසුව මෙන්ම පාරිභෝගිකයින්ට ඉහළම තෘප්තියෙන් යුතු සේවාවක් ලබාදීම ඉලක්ක කරමින් එම ක්ෂේත්රය තුළ ප්රමිතීන් සකස් කර ඇති Kangaroo Cabs, දැන් Genie Business හි මෙම Tap to Pay සේවාව සමඟින්, මුදලින් හා apps හරහා මුදල් ගෙවීම් අභිබවා, ඩිජිටල් මුල්‍ය ගනුදෙනු පුළුල් කර තිබේ. ඒ හරහා මගීන්ගේ පහසුව වැඩිකර, මුදල් ගනුදෙනුව ආරක්ෂිත ලෙසින් සිදුකිරිමටද හැකි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී නසීම් මොහොමඩ් මෙසේ ප්‍රකාශ කළේය: "ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ටැක්සි සඳහා Tap to Pay සේවාව හඳුන්වා දීමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්. Genie Business කැප වී සිටින්නේ, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරන හා ව්‍යාපාර සවිබල ගන්වන නවතම ෆින්ටෙක් විසඳුම් පිරිනැමීමටයි."
Kangaroo Cabs හි මූල්‍ය අධ්යක්ෂ කුසල් ෆොන්සේකා මහතාද මේ පිළිබඳව අදහස් දැක්විය. "මෙම සහයෝගිතාව, Kangaroo Cabs තැබූ උද්යෝගිමත් ඉදිරි පියවරක්. අපගේ සේවාවන්ට Tap to Pay එක්කරමින්, ඩිජිටල් මුදල් ගෙවීම් සම්බන්ධ නවතම තාක්ෂණය වැලඳ ගැනීම පමණක් නෙවෙයි, රියදුරන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. ගාස්තු ගණන් කිරීමේ කටයුතු සරල කරන හා මුදල් ගෙවීම් සම්බන්ධ මතභේද අවම කරන මෙම විසඳුම, පාරිභෝගික සේවාවන් සහ නවෝත්පාදනය අතින් ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටීමට අප විසින් ගනු ලබන අඛණ්ඩ ප්රයත්නයන්ටත් අත්වැලක්."
ශ්‍රී ලංකාවේ ක්ෂ්‍රද්‍ර, කුඩා, මධ්‍ය හා පරිමාණ ව්‍යාපාර සඳහා Tap to Pay, Internet Payment Gateway (IPG), Multi-Currency Pricing, Payment Links, E-Store, සහ QR ගෙවීම් ආදි විසඳුම් පිරිනමන Genie Business, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී විසින් බලගැන්වෙන, මෙරට ඩිජිටල් මුල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමි ලෙසින් කටයුතු කරන සමාගමකි. ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් ආර්ථිකය සවිබල ගන්වමින් ව්‍යාපාර වර්ධනයට සහාය වීම පිණිස, ඩිජිටල් ණය පහසුකම් ලබාදීමටද Genie Business කටයුතු කරයි.