Body

ජ්යෙෂ්ඨ පුරවැසියන් ඩිජිටල්කරණයෙන් සවිබලගැන්වීමට Dialog සමාගම ‘ප්රශංසා Future Connect’ වැඩසටහන ක්රියාත්මක කරයි

06 February 2020         Colombo

 

news-1

 

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ලද ඩයලොග් ප්රශංසා - Future Connect වැඩසටහනෙහි තෙවන අදියර පැවැත්වූ අතර, ඩිජිටල් තාක්ෂණය පිළිබඳව ජ්යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කිරීම සහ සවිබලගැන්වීම, විශ්වාසය හා නිපුණතාවය ගොඩනැගීම යනාදිය එහි ප්රධාන අරමුණු විය.

2020 ජනවාරියේදී පවත්වන ලද මෙම වැඩසටහන ඩයලොග් ප්රශංසා දෙරණ 60+ අවසාන තරගකරුවන්ට ප්රයෝජනවත් වන පරිදි විවිධ දැනුම් අංශ ඉලක්ක කරගනිමින් පූර්ණ විෂයය ප්රවේශයක් ගත්තේ ය. එය ආවරණය කළ මාතෘකා අතර ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරන ආකාරය, ජංගම යෙදුම්, සමාජ ජාල, මාර්ගගත පර්යේෂණ අඩංගු වූ අතර, ඊ-බැංකුකරණය, ඊ-වාණීජ්යය සහ රාජ්ය සේවා වැනි සේවාවන් හරහා ඩිජිටල් ජීවන රටාවකට අනුවර්තනය වීම ඉස්මතු කෙරිණි.

ඩයලොග් සමාගම විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හවුල්කාරිත්වයෙන් රාජ්ය සේවා විශ්රාමිකයන් සඳහාම වූ පැකේජයක් වන ඩයලොග් ප්රශංසා ජංගම දුරකතන පැකේජය සාර්ථකව දියත් කිරීමට සමගාමීව මෙම වැඩසටහන පැවැත්විණි. රුපියල් 638ක මෙම සුවිශේෂී පැකේජයට නොමිලේ ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇතුළත් වන අතර නොමිලේ මිනිත්තු 200 ක් සහ කෙටි පණිවිඩ 300 ක් සමඟ රෝමිං, IDD සහ VAS සඳහා වට්ටම් ලබා දෙන අතර ආසිරි හොස්පිට්ල්ස් සහ Doc 990 සඳහා ද වට්ටම් රැසක් අඩංගු වේ.

මෙම සංසදය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන මෙහෙයුම් නිලධාරි ආචාර්ය රේනර් ඩොයිෂ්මන් මහතා මෙසේ පැවසීය. “සාර්ථකව පැවැත්වුණු Future Connect වැඩසටහන සමඟ ඩයලොග් ප්රශංසා පැකේජයේ දියත් කිරීම තුළින් ඩයලොග් සමාගම ශ්රී ලංකාවේ ව්යාපාර සහ සෑම ප්රජාවකම දෛනික ජීවන තත්ත්වයන් ඔසවා තැබීම උදෙසා කරන අසමසම සේවාව නිරූපණය කරයි. ඩිජිටල් ලොවක් කරා අපගේ ජ්යෙෂ්ඨ පුරවැසියන් සූදානම් කරවීම ඒ ගමනේ තවත් එක් අදියරකි.”

2020 වර්ෂය තුළ මෙම වැඩසටහන දිවයින පුරා ම ව්යාප්ත කරනු ලබයි. මීට අමතරව, විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්රාම වැටුප් ක්රියාවලිය ඩිජිටල්කරණය කර, ජාතික විශ්රාමිකයන්ගේ දිනයේදී Sri Lanka Pensions App එක දියත් කෙරිණි. එය විශ්රාමික රාජ්ය සේවකයින් සඳහා ශ්රී ලංකාවේ පළමු App එක වන අතර, එය විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීම ඩිජිටල්කරණය කරනු ලබයි.

ප්රශංසා ජංගම දුරකතන පැකේජය හෝ Future Connect සංසදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, www.dialog.lk/Prashansa වෙත පිවිසෙන්න.