Body

ඩයලොග්, 2026 ‘දක්ෂිණා ප්‍රභා’ ජාතික වෙසක් කලාපයේ නිල ඩිජිටල් සහකරු ලෙසින්, ශ්‍රී ලංකාවේ දැවැන්තම ඩිජිටල් වෙසක් අත්දැකීම මාතරට රැගෙන එයි

2026 ජූනි 02         කොළඹ

 

වමේ සිට: අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ලසන්ත තෙවරප්පෙරුම මහතා ඇතුළු සම්භාවනීය පිරිස, VR ඇත්දැකීමට එක් වූ අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට ඉතිහාසයේ දැවැන්ත සහ තාක්ෂණික අතින් වඩාත් උසස්, ඩිජිටල් වෙසක් අත්දැකීමක්, 'දක්ෂිණා ප්‍රභා' ජාතික වෙසක් කලාපය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට පිරිනැමීමට කටයුතු කරන ලදී. මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු මෙම දක්ෂිණා ප්‍රභා වෙසක් මංගල්‍යයේ 'නිල ඩිජිටල් සහකරු' ලෙස කටයුතු කරමින් ඩයලොග්, මෙවර වෙසක් උත්සවය නිර්මාණශීලී මෙන්ම Dialog 5G Ultra ජාලයෙන් බලගැන්වුණු නවතම ඩිජිටල් මානයන් ඔස්සේ සැමරීමට, වෙසක් කලාපයට එක් රැස්වුණු ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාකර දෙනු ලැබීය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වය ඇතිව, දින තුනක් පුරා මෙම ජාතික වෙසක් කලාපය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ඒ අනුව, මාතර 'දක්ෂිණා ප්‍රභා' ජාතික වෙසක් කලාපය මෙතෙක් නොවූ විරූ ඩිජිටල් ආලෝකයකින් ඒකාලෝක කිරීමේ අරමුණෙන්, අධිවේගී Dialog 5G Ultra ජාලයෙන් බලගැන්වුණු, Dialog 5G Ultra ඩිජිටල් කලාපය හරහා පෙරළිකාර ඩිජිටල් අත්දැකීම් රැසක්ම ජනතාවට සමීප කෙරිණි.

Dialog 5G Ultra ඩිජිටල් කලාපය තුළින් ඩිජිටල් වෙසක් අත්දැකීමට එක් වුණු තිස්පන් දහසකට අධික ජනතාවක‌ගේ ඉහළ ප්‍රතිචාර ලද, අධිවේගී Dialog 5G Ultra ජාලයෙන් බලගැන්වුණු සුවිශේෂී Virtual Reality (VR) අත්දැකීම හරහා, දඹදිව පූජනීය ස්ථාන, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය සහ අනෙකුත් පූජනීය සිද්ධස්ථාන ඒ ස්ථානවලට ගියා සේ, වන්දනාමාන කිරීමේ අවස්ථාව සැදැහැවත් බෞද්ධ ජනතාවට උදාවිය.

මෙවර ජාතික වෙසක් උළෙල හා මුසුවුණු සුවිශේෂී ඩිජිටල් තාක්ෂණික සුසංයෝගය විදහා දක්වමින්, ඩයලොග් විසින් AI ඩිජිටල් වෙසක් සුබපැතුම්පත් තරගාවලියද දියත් කර තිබිණි. 2026 මැයි 21 සිට ජූනි 01 වැනිදා දක්වා, දිවයින පුරා විශාල නිර්මාණකරුවන් පිරිසක් වෙතින් ඉදිරිපත් කෙරුණු සුවිශේෂී නිර්මාණ අතරෙන්, අවසන් වටයේ සුබ පැතුම්පත්, වෙසක් කලාපය හා මාතර නගරය සිසාරා LED තිර 20 ක් ඔස්සේ, ජනතාවට ප්‍රදර්ශනය කර තිබූ අතර, ඒවා තම ජංගම දුරකතනවලට ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාවද සලසා තිබිණි.

එමෙන්ම, ඩයලොග් විසින් හඳුන්වා දුන් පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු, Dialog Data දන්සල හරහා පරිශ්‍රයේ ඇති QR කේත ස්කෑන් කර, නොමිලේ Data ලබාගැනීමටද අවස්ථාව සලසා තිබූ අතර, උතුම් වෙසක් පොහොය හා බැඳුණු දානමය කුසල කර්මය සිහිගන්වන මෙම Data දන්සල්, මාතර ජාතික වෙසක් කලාපයේ හැරුණු විට, කොළඹ ගංගාරාම වෙසක් කලාපයේද, බෞද්ධාලෝක වෙසක් කලාපයේද පැවැත්විණි.

එමෙන්ම, මෙම වෙසක් කලාපයට පැමිණි ජනතාවට ඡායාරූපවලට පෙනී සිටිමින්, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු වෙසක් තේමාවෙන් යුත් ඩිජිටල් කාඩ්පතක් බවට පත්කරගත හැකි AI Portrait Booth අත්දැකීමද ජනතා ආකර්ෂණය දිනාගත් සුවිශේෂී අත්දැකීමක් විය.

මෙම ජාතික වෙසක් කලාපය පුරාම ඩිජිටල් සලකුණු තබමින්, ඩයලොග් විසින් ඉදිරිපත් කර තිබූ ඩිජිටල් පුවරුවලටද සුවිශාල ජනතා ආකර්ෂණයක් හිමි විය. එහිදී, බෞද්ධ ජාතක කතා, AI තාක්ෂණය ඔස්සේ දිගහැරුණේ, ඩිජිටල් තාක්ෂණික මහිමය සමග සුවහසක් ජනතාවගේ ආගමික භක්තිය තවත් නංවාලමිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කළේ මෙවන් අදහසකි. “ජාතික වෙසක් උත්සවයකට AI තාක්ෂණය මේ අයුරින් යොදාගනු ලැබුවේ, ලංකාවේ පළමු වතාවට, මෙවර දක්ෂිණා ප්‍රභා වෙසක් උත්සවය සඳහායි. මේක අපි හැමෝටම අලුත් අත්දැකීමක්. අපේ ඉපැරණි බෞද්ධ කතා වස්තූන්වල තියෙන පණිවිඩ AI තාක්ෂණයෙන් ජනතාව අතරට ගෙන යාමත් ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපේක්ෂා, ජනතාවට රැගෙන යාමේ අපගේ යෝජනාව පිළි අරගෙන, මාතර ජාතික වෙසක් කලාපය ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ කාර්යය ඉතාමත් සාර්ථක අන්දමින් ඉටුකිරීමට දායක වීම ගැන ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඩයලොග් ආයතනයට මගේ ස්තූතිය පිරිනමනවා.”

Dialog 5G Ultra ඩිජිටල් කලාපය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට, ඩයලොග් සමාගම වෙනුවෙන්, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතාද එක්ව සිටියේය. මෙම ජාතික මෙහෙවර පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙසේ සඳහන් කළේය. "ශ්‍රී ලාංකිකයින්ගේ අතිශය වැදගත් ආගමික හා සංස්කෘතික උත්සවයක් වන වෙසක් උත්සවය නිමිත්තෙන්, මාතර පැවති 2026 දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය, අතිඋත්කර්ෂවත් හා සාර්ථක අයුරින් සංවිධානය කර තිබීම පිළිබඳවත්, ඊට දායක වීමට අපට අවස්ථාව ලබාදීම පිළිබඳවත්, පළමුවෙන්ම ශ්‍රී ලංකා රජයට අපගේ ස්තූතිය පුද කිරීමට කැමතියි. මෙවර 2026 දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපයේ නිල ඩිජිටල් සහකරු ලෙස කටයුතු කිරීමට ලැබීම අප ලද භාග්‍යයක්. අපගේ අතිනවීන Dialog 5G Ultra සහ AI තාක්ෂණය භාවිත කර, සාම්ප්‍රදායික ආගමික අසිරිය සහ ඩිජිටල් නවෝත්පාදන එක් කරමින් ජනතාවට වඩාත් අසිරිමත් වෙසක් සැමරුමක් ගෙන ඒමට අපට හැකිවීම සතුටට කාරණයක්.”

මේ ඩිජිටල් යුගයේ, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික උරුමය අනාගතයට රැගෙන යාමට කැපවී කටයුතු කරන ඩයලොග් සමාගම, මාතර ජාතික වෙසක් කලාපයට අමතරව, බෞද්ධාලෝක සහ ගංගාරාම වෙසක් කලාප ද ඩිජිටල් තාක්ෂණය සමගින් බලගැන්විය. ඒ සමගින්, ගැමි පුදබිම් සූර්ය බලශක්තියෙන් ආලෝකවත් කරන ‘ඩයලොග් තිරසාර ආලෝක පූජා ව්‍යාපෘතිය’ ද ක්‍රියාවට නැංවිය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්වරුන් විසින්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගත් අවස්ථාව.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා AI වෙසක් සුබ පැතුම් පතක් ඩවුන්ලෝඩ් කරගන්නා අවස්ථාව

මහජනතාව AI Portrait අත්දැකීමට එක් වූ ආකාරය

QR එක Scan කර, Data දන්සලෙන් Data ලබාගන්නා ජනතාව.

වෙසක් කලාපයට එක්රැස් වූ ජනතාව AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ජාතක කතා නැරඹූ අයුරු